මං කසිප්පු, බීඩි ගහනවා කියන්නේ අශිෂ්ඨයින්.. අම්මගෙ කිරි බීවට පස්සෙ කසිප්පු, බීඩි කටේ තියල නෑ..


 තමන් සිය ජීවිත කාලය තුළ කිසිදු දිනක මත්පැන් හෝ දුම්වැටි භාවිත කර නොමැති බවත්, තමන්ට එරෙහිව එල්ල වන පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ප්‍රකාශ කළේය.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

විපක්ෂයේ දේශපාලනඥයින් පිරිසක් තමන් මත්පැන් පානය කරන බවට සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"මම මගේ ජීවිතේට කොහේවත් බීලත් නෑ. අම්මා කිරි දුන්නට පස්සේ මම තවම සිගරට් එකක්වත් බීලා නෑ. මම ජීවිතේට බීඩි ගහලත් නෑ, කසිප්පු බීලත් නෑ. මට ඊයේ සජබ මහත්වරු මැදිරිගිරියේදී කසිප්පු බීවා කියලා චෝදනා කරලා තිබුණා. ඒක තමයි මේ රටේ තියෙන අශිෂ්ට දේශපාලන සංස්කෘතියේ ස්වභාවය."

දේශපාලන මතවාදයන් විවේචනය කිරීමේ අයිතිය ඕනෑම අයෙකුට පවතින නමුත්, පුද්ගලයෙකුගේ කීර්තිනාමයට හානි වන පරිදි පුද්ගලික මඩ ගැසීම් සිදුකිරීම පහත් ක්‍රියාවක් බව ඔහු පෙන්වා දුන්නේය. එවැනි ක්‍රියා මගින් සමාජය පිරිහීමට ලක්වන බව ද ඔහු අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටී.බී. සරත් මහතා, වත්මන් ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති උපදෙස් පිළිබඳව ද සිහිපත් කළේය.

"පාර්ලිමේන්තුව තුළ මොනම ආකාරයේ උසිගැන්වීමක් හෝ කලබල කිරීමක් සිදුවුණත්, තමන්ගේ අසුනෙන් නැගිටලා ගිහින් අරගලකාරී ලෙස කටයුතු කරන්න එපා කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දීලා තියෙනවා. අපි ඒ විනය ගරුක දේශපාලනය ඉදිරියටත් පවත්වාගෙන යනවා" යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

3 Comments

  1. මුගෙ අම්මා කිරි වෙනුවට කසිප්පු දීලා තියෙනවා.

    ReplyDelete
  2. BD.. තිරිසන් ගල්කටස් මිනීමරුවා….June 29, 2026 at 1:43 AM

    තොගේ අම්මට …. වේස අමනයා….. තිරිසන් ගල්කටස් මිනීමරුවා….

    ReplyDelete
    Replies
    1. තෝ හැමිණියන් කැරි වේසිගෙ පුතා, තොගෙ පවුලම හැඳි ගෑවිලා පල

      Delete
Previous Post Next Post