ඉරානය කුවේටයට, බහරේනයට පහර දෙයි..


කුවේටයේ සහ බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් මිසයිල සහ ඩ්‍රෝන  ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය අද (28)  නිවේදනය කළේය.

මෑතකදී ඇමරිකානු හමුදා විසින් ඉරාන භූමිය තුළ එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාර දියත් කළ බව ඉරානය පවසයි. ඇමරිකාව විසින් සිදුකළ ප්‍රහාර ඉරානයේ ස්වෛරීභාවය සහ භූමිය උල්ලංඝනය කිරීමක් බවත්, මෙය ඊට එරෙහිව එල්ල කළ ප්‍රතිචාරයක් බවත් එරට බලධාරීහු අවධාරණය කරති.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක අංශ මෙතෙක් නිල තක්සේරුවක් හෝ හානි පිළිබඳ වාර්තාවක් නිකුත් කර නොමැත.

කෙසේ වෙතත්, ඉරානයේ මෙම ප්‍රහාරාත්මක පියවරත් සමඟ ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකම ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පවතින සෘජු ගැටුම්කාරී වාතාවරණය මෙම ප්‍රහාරයත් සමඟ තීරණාත්මක මට්ටමකට පැමිණ තිබේ.

මෙම තත්ත්වය හමුවේ පවතින අර්බුදය සමස්ත ගල්ෆ් කලාපය පුරාම ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව දේශපාලන විචාරකයෝ අනතුරු අඟවති.

Previous Post Next Post