ජනපති අනුර ගම සමග පිළිසදරකට.. සියළු ආසනවලට රට වටා යයි..


ජාතික ජන බලවේගය ආසන මට්ටමින් ශක්තිමත් කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකම රැස්වීම් මාලාවක් පවත්වා එහි සාමාජිකයන් මුණගැසීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

ජාතික ජන බලවේගයේ සංවිධාන ශක්තිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි. 

මෙම රැස්වීම් මාලාවේදී සෑම ආසනයකම සිටින ක්‍රියාකාරී සාමාජිකයන් සෘජුව හමුවීමට නියමිත අතර, ඔවුන් මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමටද ජනාධිපතිවරයා තීන්දු කර ඇත. 

පුවත්පත් වාර්තාවට අනුව, ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ඒකාබද්ධ දායකත්වයකින් තොරව වත්මන් ආණ්ඩුවේ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යා නොහැකි බවට ආණ්ඩුව අභ්‍යන්තරයේ පැවැති සාකච්ඡා ගණනාවකදීම අවධාරණය වී තිබේ. 

වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියාකාරීව කටයුතු කළ පාර්ශ්ව රැසක්, විවිධ හේතුන් මත මේ වන විට ආණ්ඩුවෙන් තරමක් දුරස් වී සිටින බව එම සාකච්ඡාවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව, එම පිරිස් නැවතත් 'මාලිමාව' වටා එක් කර ගැනීමට ජාතික ජන බලවේගය ආසන මට්ටමින් යළි ප්‍රතිසංවිධානය කරමින් ශක්තිමත් කිරීමට තීරණය වී ඇත්තේ මෙම දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුවය.

14 Comments

  1. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

    ReplyDelete
    Replies
    1. ඔළු දෙකේ පොල් බූරුවෙක!

      Delete
  2. මූ ගම සමග පිලිසදරක් කරන්න යනලොට කොහේදී හරි ටොපියක් දුන්නොත්, මුළු රටේම අනාගතය හොද වෙනවා...

    ReplyDelete
  3. 3%ත් නෑ ගෙදර පල තවත් රට කන්නෙ නැතුව. ඔය වට කරන් ඉන්නෙ මෝඩ දෙමලු.

    ReplyDelete
  4. මේ තරම් ප්ලේන් යන්නෙ ඇයිද බැලුවා දැන් දවස් ගානක ඉදන්. අද සාන්ත ඇන්තොනි මුනිතුමන්ගෙ මංගල්ලය ලු. ඔන්න බවුද්ද රටකට ගිය කලක්. ඉස්සරවෙලා ස්වාමින්වහන්සේ ලා කෙරෙහි මිනිස්සුන්ගෙ ක්‍රෝදය ඇති කරල ගෝටාබය මහත්තයා ට දැන් වට කරල ගහනවා.මුන්ට ස්වබාවදර්මය දඩුවම් දේවි.

    ReplyDelete
  5. Onna malli apith 76 years wagema wada patan gatta , lajjawa side karala , koomada hondai neda malli ,, umbala dunnu vote eka gana lajja wenna epa ban adambara weyalla honda hariya still coming 😬

    ReplyDelete
    Replies
    1. සෑම ආසනයකම සිටින ක්‍රියාකාරී සාමාජිකයන් සෘජුව හමුවීමට නියමිත අතර

      3% hamuwenna yanne

      nathnam ekath naha

      Delete
  6. ඊගාවට තියෙන්නේ පුතා "කාබනික පොහොර වලට යොමු වීම"

    මුං ට දිට්ඨදම්මවේදනීය කර්මය පඩිසන් දෙන්නේ ථේරවාද කර්ම විභාගයත් අළුතින් ලියන්න සිද්ධ වෙන ගානට

    මේකට කියන්නේ දිට්ඨධම්මවේදනීය කර්මය අනුපිලිවෙලින් පඩිසන් දීම කියලා

    මං හිතන්නේ ඒක අපේ බණ පොත් වලවත් නැති එකක්

    ReplyDelete
  7. ගෝටත් ගියෙ ඔය පාරෙ තමයි.. අන්තිමට ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුරේ පිළිසඳරේට යන්න නොලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  8. ඇදලා කනට ගහපන්.

    ReplyDelete
  9. රජයේ නිළධාරින් සේවය කරන්න දන්නවා. කිසිම දෙයක් නොදන්න ගමේ ඉන්න ජෙප්පන්ගෙ උපදෙස් ඕනැ නෑ ඒ අයට. නිකං අවුල හදන්නෙ නැතුව හිටහං ගොං ලපයා!

    ReplyDelete
  10. ගැසූ කතිරය ගැන වැඩි වැඩියෙන් ආඩම්බරයි! (මාලිමාවට මගෙ බල්ලවත් ඡන්දෙ දුන්නෙ නෑ!)

    ReplyDelete
  11. කෙබර කොටාට ගෝඨාට වැඩිය පයිත්තියන් වගෙයි මට නම් පෙනෙන්නෙ.

    ReplyDelete
Previous Post Next Post