බස් ගාස්තු වැඩි කරන්න ඉන්ධන මිල වැඩි කලා මදි..- නි. ඇමති


 මෑතකදී සිදු වූ ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් බස් ගාස්තුවල කිසිදු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් බස් ගාස්තු සංශෝධන සූත්‍රයට අනුව පමණක් ගාස්තු සංශෝධනය වන අතර, මෙවර සිදු වූ ඉන්ධන මිල ඉහළ යාම ගාස්තු සංශෝධනයක් සඳහා බලපාන අවම සීමාව ඉක්මවා ගොස් නොමැති බවයි.

පවත්නා නීතිමය රාමුවට අනුව බස් ගාස්තු සංශෝධනයක් පිළිබඳව සලකා බැලිය හැක්කේ ඉන්ධන මිල සියයට 4 කට වඩා වැඩි ප්‍රතිශතයකින් වෙනස් වුවහොත් පමණක් බව හෙතෙම සඳහන් කළේය.

එහෙත්, මෙම සතියේ සිදු වූ ඉන්ධන මිල වැඩිවීම එම සියයට 4 ක සීමාව ඉක්මවා නොමැති බැවින්, මේ අවස්ථාවේදී බස් ගාස්තු සංශෝධනයක් කිරීමට කිසිදු පදනමක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කරයි.

4 Comments

  1. ප්‍රීති කුරුප්පුJune 3, 2026 at 8:16 AM

    එහෙනම් තව පොඩ්ඩක් වැඩි කරන්ඩ ඉන්ධන මිළ, නැත්නම් බස් ගාස්තු වැඩි කරන්ඩ විදියක් නෑ නෙ.

    ReplyDelete
  2. Thawa tikak wedi karala thopi enakota kiwwa wage sahana deepalla rate ahinsaka duppath minissunta

    ReplyDelete
  3. මැටි මෝල් හිල් හුකන්නා

    ReplyDelete
  4. මූ ආවා විතරයි ගෝතයා, හොදට තිබුන පාරවල් ටිකත් කැඩුනා

    ReplyDelete
Previous Post Next Post