රුපියල අදත් කඩා වැටේ..


 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම නිල විනිමය අනුපාත දත්ත වලට අනුව, පෙර දිනට සාපේක්ෂව අද දිනයේදී ඇමෙරිකානු ඩොලරය, ස්ටර්ලින් පවුම සහ යුරෝ ඇතුළු ප්‍රධාන විදේශීය ව්‍යවහාර මුදල් කිහිපයකම අගයන් රුපියලට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, පෙර දිනයේ රුපියල් 325.97ක් ලෙස සටහන් වූ ඇමෙරිකානු ඩොලරයක (USD) ගැනුම් මිල අද දිනයේදී රුපියල් 326.75ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පෙර දින රුපියල් 335.70ක් වූ එහි විකුණුම් මිල ද රුපියල් 336.60ක් දක්වා වැඩි වී ඇත.

ස්ටර්ලින් පවුමේ (GBP) අගය ද පෙර දිනට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, පෙර දිනයේ රුපියල් 437.11ක් ලෙස පැවති එහි ගැනුම් මිල අද වන විට රුපියල් 438.10ක් ලෙස සටහන් වේ. එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 453.12 සිට රුපියල් 453.88ක් දක්වා ද, ඉහළ ගොස් තිබේ.

පෙර දින රුපියල් 377.97ක් ලෙස සටහන් වූ යුරෝ එකක ගැනුම් මිල අද දිනයේදී රුපියල් 378.45ක් දක්වා වැඩි වී තිබේ. එහි විකුණුම් මිල ද රුපියල් 392.41 සිට රුපියල් 392.75ක් දක්වා ඉහළ ගොස් ඇත.

6 Comments

  1. අපි සතුටින් හික්..හික්...හික්

    ReplyDelete
  2. අපි සතුටින් හික්..හික්...හික්

    ReplyDelete

  3. මුන් අවුරුදු ගානක් තිස්සේ කලේ , කඩාකප්පල කරන එකඊ, පොර ටල්ක් දෙන එකය්

    විතරය් . කිසිම සැලැස්මක් නැති පඹයෝ ටිකක්



    දකසත්වය පෙන්නන ඕනේ ප්‍රස්නයක් තියෙන කොට

    එකට බනින එක හ්රක්ටත් පුළුවන්

    රනිල්ගෙන් ඉගෙන ගෙන වැඩක් කරපල්ලා



    ReplyDelete
    Replies
    1. Ane palayan ottapalu baiya goma kewaha ohma wenawa , goth nakiya naya aran kara ube ............ akko ona na goma baiya

      Delete
    2. atha kiyanakota tikak amaruy ne

      ubala oya krameta purudunaha ,puruduweyan danwath

      Delete
    3. While blaming Ranil & trying to arrest him, these loser's & liers continuing what Ranil implemented to recover the country's economy with IMF. They criticized this plan while they are in opposition. That shows these bunch of crooks don't even have basic self respect. These are the communists maintained by capitalism. What a joke. People are reaping what they sow.

      Delete
Previous Post Next Post