ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාගෙන් රුපියල් කෝටි ගණනින් අල්ලස් ලබාගත් බවට සැක කෙරෙන දේශපාලනඥයන්, නීතිඥයන් සහ ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් පිරිසකට එරෙහිව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) එක්ව මෙම විශේෂ ඒකාබද්ධ විමර්ශනය මෙහෙයවනු ලබයි.
සැකකාර ‘හරක් කටා’ හට රැඳවුම් භාරයේ සිටියදී විශේෂ ආරක්ෂාව සැපයීම, ඔහුට එරෙහි විමර්ශන අඩාල කිරීම සහ ආහාර පාන ඇතුළු අනවශ්‍ය වරප්‍රසාද ලබාදීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල් හුවමාරු වී ඇති බවට තොරතුරු ලැබී තිබේ.
විශේෂයෙන්ම, ඔහු ඝාතනයට ලක්වීමේ අවදානමක් පවතින බව පවසමින් රැඳවුම් නියෝගවලින් ඉවත් කර බන්ධනාගාරගත කිරීමට උත්සාහ කිරීම පිටුපස ද මෙම දූෂිත ගනුදෙනු පවතින බව විමර්ශනවලදී හෙළි වී ඇත.
රුපියල් කෝටි 12ක අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම මහා පරිමාණ දූෂණ ජාලයේ තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු උසස් නිලධාරීන් මෙන්ම පහළ ශ්‍රේණිවල නිලධාරීන් පිරිසක් ද මෙම ජාවාරම්කරුගෙන් මුදල් ලබාගෙන ඇති බවට සාක්ෂි ලැබී ඇත.
මීට අමතරව, පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු ද විමර්ශන කණ්ඩායම්වල දැඩි අවධානයට ලක්ව සිටිති.
මෙම දූෂිත අල්ලස් ජාලයට සම්බන්ධ තවත් පිරිසක් ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

රාජපක්ෂ ගොට්ටෙක් වෙන්ඩ ඇති, ෂුවර් එකටම. (අපේ ගොට්ටොන්ව අල්ලන් නෑ).
ReplyDeleteරාජපක්හොරු කාලයේ වලත්ත රොහාන් ප්‍රේමරත්න මගේ මිත්තනිය සමග අනියම් ඇසුරක් තිබුනා. මිනිහා ෆ්රෝඩ් බියුරෝ එකේ ඉන්න කාලේ මිනිහට මෝල් අමාරුව හැදුනම WPC කෙනෙකුට තියා පොලිසියේ කම්කරුවෙකුගේ ගෑනියෙකුටවත් ඉන්න දුන්නේ නැහැ. පස්සේ මම මේ ගැන කොහුවල පොලිසියේ පැමිණිල්ලක් දාන්න යනකොට කෝටි තුනක් කඩයකින් හොරකම් කරා කියලා බොරු පැමිණිල්ලක් දාලා මාව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරලා මිනිහා රැට රෑට අපේ මිත්තනියගේ ගෙදරට පැනලා වයස 72ක මිත්තනියට අතවර කරලා තිබුනා. මේ ගැන මම එවකට බස්නාහිර පළාත භාරව හිටපු වධක නියෝජ්‍ය පොලිස්පති සහ පසුව ලිංගික අපරාධකරුවකු සහ වැඩ බැරි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හමුවී මේ ගැන පැමිණිලි කරන්න ගිය විට මිනිහට කෝටි දෙකක් දෙනවනම් නඩුව විසිකරනවා කියලා කිව්වා. මේවා මම රහසිගතව සඟවාගෙන ගිය දුරකතනයකින් පටිගත කරගෙන තියෙන්නේ. ළඟදීම මාධ්‍යට මුදාහරිනවා
ReplyDeleteහරක්කටා රැවුල නම් රියල් ජෙප්
ReplyDelete