ගොවියා රජෙක් යනුවෙන් හැඳින්වීම අතීතයේ පටන් පවසා ඇති අසත්‍ය ප්‍රකාශයක් බවත්, ගොවීන් තමන් පමණක් රජවරුන් ලෙස සිතා කටයුතු කිරීම නොකළ යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ද සහභාගීත්වයෙන් පැවති උත්සවයක් අමතමිනි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රටේ පොදු ජනතාවගේ බදු මුදල් විශාල වශයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනුවෙන් වැය කරන බවයි. "වාරිමාර්ග, පාරවල්, බෝක්කු, පාලම් සහ පොහොර සහනාධාරය වෙනුවෙන් මේ රටේ මිනිස්සු විශාල කැපකිරීමක් කරනවා. ඒ නිසා ගොවියෝ තනියෙන් තමන් රජවරු කියලා හිතන්න හොඳ නැහැ. ඒක ඉස්සර ගහලා තියෙන පචයක්" යනුවෙන් ඔහු සඳහන් කළේය.
ගොවීන් නිරන්තරයෙන් වී මිල පිළිබඳව පමණක් අවධානය යොමු කරන බවත්, ඒ සමඟම සහල් මිලදී ගන්නා පාරිභෝගිකයා පිළිබඳව ද සිතිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. වී මිල ඉහළ යන විට සහල් මිල ද ඉහළ යන බැවින්, සමස්ත ජනතාව කෙරෙහි වගකීමෙන් කටයුතු කළ යුතු බව ඔහුගේ අදහසයි.
වී කිලෝවක් සඳහා රුපියල් 150ක සහතික මිලක් ලබාදිය යුතු බවට ඇතැම් පාර්ශ්ව කරන යෝජනා පිළිබඳව ද ලාල්කාන්ත මහතා සිය අදහස් පළ කළේය.
"රුපියල් 150ක් දෙන්න ඕනේ කියන අයම තමයි ගොවියාගෙන් වී ටික රුපියල් 90ට 95ට ගන්න බලන්නේ. ඒ අයගේ භාවිතයේ ඒ මිල නැහැ" යැයි ද ඔහු පැවසීය.
රට වටේම මුහුද තිබුණ ද සැමන් පිටරටින් ගෙනා යුගය දැන් අවසන් වී ඇති බවත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිදුවන ධනාත්මක වෙනස්කම් දෙස බැලිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
99%ක් හොඳ වැඩ සිදුවන විට 1%ක අඩුපාඩුවක් සොයාගෙන එය ප්‍රවෘත්ති බවට පත්කිරීමේ මාධ්‍ය කලාව ද ඔහු මෙහිදී විවේචනයට ලක් කළේය.

ඒක ඉස්සර ගහලා තියෙන පචයක්
ReplyDeleteJVP vesion now come into picture
මඩ සෝදාගත්කල ගොවියා රජකමටත් සුදුසුයි කියල කිව්වෙ කවුද බං. තෝ නම් ඇමති කමකට තියා තැපැල් පියන් කමටත් සුදුසු නෑ.
ReplyDeleteතොපි වගේ පචයෝ නම් තවත් ඉදලා නෑ ගූ ලාලෝ .....ගොවියට කෙලවලා අද බයිලා ගහනවා....ගල්කටස් මිනීමරු තිරිසනා........
ReplyDelete