ශ‍්‍රී ලන්කන් තවත් බිලියන සීයක් රජයෙන් ඉල්ලයි..


 පාඩු ලබන ජාතික ගුවන් සේවය වන ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ ආයතනය රජයෙන් තවත් රුපියල් බිලියන 100ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකන් ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයක පැවතෙද්දී, රජයෙන් මෙම අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලා ඇති බවයි.

එමෙන්ම, ගුවන් සේවයේ ඉහළ කළමනාකාරීත්වයේ පවතින පුරප්පාඩු පිළිබඳව ද ඔහු එහිදී දැඩි කනස්සල්ල පළ කළේය. ආයතනය වසර එකහමාරක පමණ කාලයක සිට ප්‍රධාන විධායක නිලධාරියෙකු නොමැතිව පවත්වාගෙන යන බවත්, වත්මන් වන විට ආයතනය සඳහා සභාපතිවරයෙකු ද නොමැති බවත් මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

රජය විසින් මීට පෙර පත් කරන ලද සභාපතිවරයෙකු සම්බන්ධයෙන් ඇති වූ පරස්පර උත්සාහයන් පිළිබඳව ගැටලු පැන නැඟී ඇති බව පෙන්වා දුන් හර්ෂ ද සිල්වා මහතා, ගුවන් සේවයේ ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේදී පවතින විනිවිදභාවය පිළිබඳව ද ප්‍රශ්න කර සිටියේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය කළමනාකරණය වන ආකාරය පිළිබඳව සත්‍යය දැන ගැනීමට මහජනතාවට අයිතියක් ඇති බව අවධාරණය කළ විපක්ෂ මන්ත්‍රීවරයා, ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන, පාලනය සහ නායකත්වය සම්බන්ධයෙන් පවතින මෙම බරපතළ ගැටලු හමුවේ රජය මීට වඩා වගකීමෙන් සහ වගවීමෙන් කටයුතු කළ යුතු බව ද වැඩිදුරටත් කියා සිටියේය.

6 Comments

  1. කෝ අර මේකේ සල්ලි එවන්න එපා කිය කිය රෙද්ද කඩාගෙන දුවපු වේස ගෑනි???

    අන්න මැයි මාසෙ ලංකා ඉතිහාසයේ මාසයක වැඩිම විදේශ ප්‍රේෂණ මිලියන 850 යි 🤣

    ReplyDelete
    Replies
    1. Ohoma yanko, wade wena hati balanna

      Delete
    2. එළුවා මැරෙන කන් හිටියා වගේද වල්ල අයිති කර ගන්න

      Delete
    3. Uba kiyanne 2023 vechcha ekak gana ne, Aeka kiyapu eka dan amathiyek!

      Delete
  2. හුන්ඩුවගේ ප්ලේන්වල තේ අල්ලන බාප්පගේ පුතා ඉන්නකම් ඕක විකුණන්නේ නෑ

    ReplyDelete
  3. මාස 6න් ගොඩදානවා කියපු කොටා කෝ

    ReplyDelete
Previous Post Next Post