කුඩු වටලන්න ගිය පොලිසියට ප‍්‍රහාරයක්.. පොලිසියෙව් කුඩු ගෙනාවා යයි පෙන්නයි..


 දැරණියගල ප්‍රදේශයේ  සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමකදී පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අවිස්සාවේල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා පැමිණි අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන ඇත. එහිදී පොලිසිය සහ එම ස්ථානයේ සිටි පිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

එහි සිටි පිරිස් චෝදනා කරන්නේ පොලිස් නිලධාරීන් තමන්ට පහර දුන් බවත්, "අයිස්" නමැති මත්ද්‍රව්‍ය බලහත්කාරයෙන් තම නිවෙස්වලට දමා තමන්ව වැරදිකරුවන් කිරීමට උත්සාහ කළ බවත්ය. "මෙන්න පොලිසියම දාන්නේ, පොලිසිය ගණන් ගන්නේ නැහැ" යනුවෙන් පවසමින් ඔවුන් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයට දැඩි විරෝධය පළ කර ඇත.

මෙම ගැටුම හේතුවෙන් තුවාල ලැබූ අවිස්සාවේල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සිව්දෙනා මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත තරුණයින් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ද මේ වන විට දැරණියගල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

අදාළ තරුණයින් විසින් පොලිස් නිලධාරීන්ට එරෙහිව එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විමසීමක් කළ අතර, එහිදී ඔවුන් සඳහන් කළේ ඒ පිළිබඳව අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි

-------------------------------
සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේනදය මෙසේය.

දැරණියගල හම්බානවෙල ප්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව ලැබී ඇති පෙත්සමක් අනුව අවිස්සාවේල්ප කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් 2026.06.19 වන දින උපාය දූතයින් ලෙස සිවිල් ඇදුමින් සැරසී එම ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ඇත.

එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් දැරූ ප්‍රයත්නය අතරතුර සැකකරුවන් කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් නිලධාරීන් හා ගැටී ඇති අතර,  තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට සහ දැරණියගල රෝහලට ඇතුලත් කර ඇත.

රාජකාරියට බාධාකිරීම සම්බන්ධව මේ වන විට සැකකරුවන් සිව්දෙනෙකු දැරණියගල පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරී III නිලධාරීවරයා යටතේ ස්වාධීන විමර්ශනයක් ආරම්භකර ඇති අතර මෙම සිදුවීම බාධාවක් ලෙස නොගෙන එම ප්‍රදේශයේ ඉදිරියටත් අඛන්ඩව වැටලීම් සිදුකිරීමට නියමිතය.

දැරණියගල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

3 Comments

  1. This is the beginning....

    ReplyDelete
  2. පොලෝසිය තමයි කුඩු දාලා අහිංසකයන්ව කූඩු කොරන්නෙ. ඕකුන්ට කුඩු වෙන්න ගහපල්ලා

    ReplyDelete
  3. පොලිසියට තිබුන ගෞරවයත් මේ මිනීමරුවො නැතිකලා.

    ReplyDelete
Previous Post Next Post