ඇමති වසන්ත සමරසිංහ මහතා සිය මැතිවරණ කටයුතු සඳහා වියදම් කළ හිතවතෙකුට වාසි සැලසීම සඳහා වී අලෙවි මණ්ඩලයේ වී තොග අඹරා දීමට සූක්ෂ්ම උත්සාහයක නිරත වූ බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා චෝදනා කරයි.
අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක වන මෙම සහල් මාෆියාව හරහා ජනාධිපතිවරයාව පවා නොමඟ යවන බව ඔහු පවසයි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉතිහාසයේ කවදාවත් නැති විදිහට වී අලෙවි මණ්ඩලය සතු වී කෙටීම සඳහා අමුතුම ආකාරයේ ටෙන්ඩරයක් කැඳවූ බවත්, එම ටෙන්ඩර් කොන්දේසි සකසා තිබුණේ වසන්ත සමරසිංහ මහතාගේ සමීපතම මෝල් හිමියෙකු ඉලක්ක කරගෙන බවත් ඔහු සඳහන් කළේය.
මෙම මෝල් හිමියා මීට පෙර බැසිල් රාජපක්ෂ මහතා සමඟ සමීපව කටයුතු කළ අයෙකු බවත්, මෙවර වසන්ත සමරසිංහ මහතාගේ ඡන්ද කටයුතු සඳහා මූල්‍යමය දායකත්වය ලබා දී ඇති බවත් පෙරේරා මහතා අනාවරණය කළේය.
මෙම දූෂිත ක්‍රියාවලියට එරෙහිව තමන් අල්ලස් කොමිසමට පැමිණිලි කළ බවත්, එම පැමිණිල්ල සිදු කර පැය හතරක් යන්නට මත්තෙන් අදාළ ටෙන්ඩරය අකුලා ගැනීමට රජය කටයුතු කළ බවත් ඔහු පෙන්වා දෙයි.
වසන්ත සමරසිංහ මහතාගේ විශ්වවිද්‍යාල සමකාලීන මිතුරෙකු වන කෝසල විල්භාව යන අය රජයට පාඩු සිදුවන මෙම ලියකියවිලිවලට අත්සන් කර ඇති බවටද ඔහු චෝදනා කළේය.
මුදිත් පෙරේරා මහතා වැඩිදුරටත් අවධාරණය කළේ නිසි සැලසුමක් නොමැතිව කටයුතු කිරීම හේතුවෙන් රජයේ ගබඩාවල ඇති වී තොග විකුණාගත නොහැකි තත්වයක් උදාවී ඇති බවයි.
"ජාතික සතොස" නමින් නව සහල් වෙළඳ නාමයක් හඳුන්වා දී පාරිභෝගිකයා රවටා වැඩි මිලට සහල් අලෙවි කිරීමට ගත් උත්සාහය නිසා මේ වන විට වී තොග ගබඩාවල අපතේ යමින් පවතින බව ඔහු පැවසීය,.
කර කියාගත හැකි දෙයක් නොමැති තැන මෙම වී තොග බියර් නිෂ්පාදනය සඳහා හෝ විකුණා දැමීමට රජය උත්සාහ කළද එයද අසාර්ථක වී ඇති බව ඔහු හෙළි කළේය.
මේ සම්බන්ධයෙන් මීට මාස දෙකකට පෙර බියර් සමාගම් සමඟ රජය සාකච්ඡා පැවැත්වුවද, එම සමාගම් පවා මෙම වී ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව මුදිත් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය
හිරු නාලිකාවේ බලය වැඩසටහනේදී ඔහු මෙම අදහස් පල කලේය.

වසන්ත සමරසිංහ is a SJB MEMBER
ReplyDeleteJVPs never do this
ඔය වී එකතු කරන එක ගැන පසුව ස්තුතිවන්ත වෙයි ඔබලා නියඟය එක්ක කන්න අඩු වෙනකොට
Deleteහාල් වලින් බියර් හදන්න නීතියෙන් සපුරා තහනම්.එහෙම විකුණොත් විකුණපු එකාටයි ගත්ත එකාටයි දෙන්නටම නඩු
ReplyDeleteඋන් ජේවීපීකාරයො නම් නඩු නෑ
Deleteබඩු හාමුදුරුවන්ගේ නම් නඩු නෑ.
ReplyDelete