පෝද්දල පොලිස් වසමේ වක්වැල්ල පාලම අසල ගිං ගඟේ පිරිමි මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට පෝද්දල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මෙම මළසිරුර සොයා ගන්නා විට එහි දෑත් පිටුපසට තබා ගැටගසා තිබී ඇති අතර පාද කොන්ක්‍රීට් කණුවක තබා ගසා තිබී ඇති බවද හෙළිව ඇත.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
මෙය සැකසහිත මරණයක් වන බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය රෝහලට රැගෙන යාමට නියමිතව ඇත. පෝද්දල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

88/89 බීශනය.
ReplyDelete88/89 කාලෙ මේගොල්ලො කරපු මිනී මැරුම් මතක් වෙනවා .මේවා කරන්න ඇවිත් මේ පාර නම් මුං ට නවතින්න වෙන්නේ ගොන්තානමෝ බොක්කේ හිර ගෙදර.
ReplyDeleteදැන් මිනීමරුවෝ, ස්ත්‍රී dushakayo වැඩි වෙලා වගේ. ඒකට හේතුව නීතිය ආධිපත්‍යය තහවරු වීම ද.
ReplyDeleteදැන් මිනීමරුවෝ, ස්ත්‍රී dushakayo වැඩි වෙලා වගේ. ඒකට හේතුව නීතිය ආධිපත්‍යය තහවරු වීම ද.
ReplyDeleteඑක පැන් පාරින් හාල් මාෆියාව ඉවර කරනවා කියලා ආපු ඩෝබි ආණ්ඩුව , සති දෙකෙන් පාතාලය ඉවරයි කියලා කිව්වේ .. දැන් බලපියව් .. මිනී මැරුම , ස්ත්‍රී දූෂන, හොරකම්, රටේ වසංගතයක් වෙලා ..
ReplyDelete