බදු වැඩි කලත් වාහන ආනයන අඩු නොවේ...


රජය විසින් රේගු බදු අනුපාත ඉහළ දැමීමට පියවර ගත්තද, ඉන් අපේක්ෂා කළ මට්ටමින් මෙරටට වාහන ආනයනය කිරීම සීමා වී නොමැති බව ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ මෙන්ම රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, වාහන ආනයනය කිරීම බලාපොරොත්තු වූ පරිදි පහළ බැසීමක් සිදුව නොමැති බවයි.

ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් මතු වන ආර්ථික පීඩනය අවම කිරීමේ අරමුණින් මෙම බදු සංශෝධනය සිදු කළද, ආනයන සීමා කිරීම සම්බන්ධයෙන් තැබූ අපේක්ෂාවන් එම මට්ටමින්ම සාක්ෂාත් වී නොමැති බව හෙතෙම පෙන්වා දුන්නේය.

වෙළෙඳපොළ තුළ පවතින දැඩි තෙරපුම පාලනය කිරීම සහ ඩොලර් සඳහා ඇති ඉල්ලුම සීමා කිරීම, රජය විසින් රේගු බදු ඉහළ නැංවීමට බලපෑ ප්‍රධානතම හේතුවක් ලෙස මීට පෙර හඳුන්වා දී තිබුණි.

කෙසේ වුවද, රේගු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ අනුව පෙනී යන්නේ අදාළ මූල්‍ය ප්‍රතිපත්තියෙන් අපේක්ෂිත සැබෑ ප්‍රතිඵල මෙතෙක් සම්පූර්ණයෙන්ම අත්කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

1 Comments

  1. Kohoma aduwennada

    Gaamithuro tika LC open kalata passena

    Hunduwa wadi kale

    ReplyDelete
Previous Post Next Post