පුත්ලම අහසේ ගිනි ජාලාවක්.. මිසයිලයක්දැයි ජනතාව භීතියෙන්...


 ඊයේ (01) අලුයම පුත්තලම නගරයට ඉහළින් අහසේ ඇදී ගිය අතිශය දීප්තිමත් ආලෝක ධාරාවක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි කලබලයට පත්ව ඇති අතර, එම විස්මයජනක දර්ශනය දැකබලා ගැනීම සඳහා බොහෝ පිරිසක් නිවෙස්වලින් පිටතට පැමිණ තිබේ. 

එහිදී කිහිපදෙනෙකු තම ජංගම දුරකථන මගින් එහි ඡායාරූප ගැනීමට ද සමත්ව ඇත.

ප්‍රදේශවාසීන්ගේ ප්‍රකාශයන්ට අනුව, මෙම අද්භූත වස්තුව අඩි කිහිපයක් දිගින් යුක්ත වී ඇති අතර, රොකට්ටුවක හෝ මිසයිලයක ආකාරයෙන් ගිනිදැල් සහිත වල්ගයක් ඊට පිටුපසින් දර්ශනය වී තිබේ.

සාමාන්‍ය ගුවන් යානයකට වඩා වැඩි වේගයකින්, අඩි 300ක පමණ උසකින් පියඹා ගිය මෙම වස්තුව, නොපෙනී යන තෙක් පුත්තලම කලපුව දෙසින් ඈත අහසට ගොස් අතුරුදන් වූ බව ඔවුහු පවසති.

මේ අතර, මෙමගින් කිසියම් අනතුරක් සිදුවිය හැකි යැයි බියට පත් වූ ඇතැම් පිරිස් ආරක්ෂිත ස්ථාන කරා දිවගොස් සැඟවී ඇති බව ද වාර්තා වේ. 

මෙම සංසිද්ධිය පිළිබඳව ප්‍රදේශවාසීන් අතර විවිධ මත පළවෙමින් පවතින අතර, අදාළ බලධාරීන් මැදිහත් වී මේ පිළිබඳව නිල පැහැදිලි කිරීමක් කරනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.

8 Comments

  1. මේ අතර, මෙමගින් කිසියම් අනතුරක් සිදුවිය හැකි යැයි බියට පත් වූ ඇතැම් පිරිස් ආරක්ෂිත ස්ථාන කරා දිවගොස් සැඟවී ඇති බව ද වාර්තා වේ HAHAHA LOL

    ReplyDelete
  2. අඩෝ ..... පට්ට ඒක

    ReplyDelete
  3. පැරා එකක් ගහල වගෙ

    ReplyDelete
  4. ලප සාපය.

    ReplyDelete
    Replies
    1. Ube puke lapaya da? Ekata sapa karala wadak na...Thawa mahindatama puka deepan

      Delete
    2. මහිනිද උබලගෙ පොන්සියො වගෙ කොල්ලො ගහන්නෙ නෑ. පුක් සීන් ආප්ප සීන් තියෙන්නෙ npp එකේ😂😂😂

      Delete
  5. ලප සාපය එක මිටට

    ReplyDelete
  6. Let's see in few months

    ReplyDelete
Previous Post Next Post