අපේ බලයට ඇවිත් ඉන්ධන, විදුලිය, ගෑස් මිල අඩු කලා..- විජිත


තම රජය බලයට පත්වීමෙන් පසු ජනතාවට සහන සැලසීම සඳහා ඉන්ධන, ගෑස් සහ විදුලි ගාස්තු අඩු කිරීමට කටයුතු කළ ද, මැදපෙරදිග ඇති වූ අනපේක්ෂිත යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් එම මිල ගණන් තාවකාලිකව ඉහළ දැමීමට සිදු වූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ස්වාධීන රූපවාහිනී සේවයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රජය බලයට පත් වූ විගසම ධීවර ප්‍රජාවට සහන සැලසීමටත්, ගෑස් සහ විදුලි බිල අඩු කිරීමටත් පියවර ගත් බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය නගාසිටුවීම සඳහා සංචාරක හෝටල් වෙනුවෙන් විදුලි බිල සැලකිය යුතු මට්ටමකින් (13% ක් පමණ) අඩු කර එම සහනය පවත්වාගෙන ගිය බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ අනෙකුත් තෙල් මිල ගණන් අසීමිත ලෙස ඉහළ ගිය බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

"සාමාන්‍ය තත්ත්වයක් යටතේ තෙල් බැරලයක 'ප්‍රීමියම්' අගය ඩොලර් 3ක් පමණ වුවත්, යුද්ධයත් සමඟ එය ඩොලර් 52 දක්වා ඉහළ ගියා. මේ අභියෝගය නිසාම තෙල් මිලට සාපේක්ෂව විදුලි බිලත් ඉහළ දැමීමට අපට සිදු වුණා," යැයි විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එසේම ඩොලරයේ අගය 354 දක්වා ඉහළ ගොස් පසුව නැවත 334 දක්වා අඩුවීම වැනි අනපේක්ෂිත ආර්ථික වෙනස්වීම් ද මෙම මිල සංශෝධන කෙරෙහි බලපෑ බව ඔහු සඳහන් කළේය.

පෙබරවාරි 28 දිනෙන් පසු ගත වූ කෙටි කාලය තුළ ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාම නිසා මෙරට ආනයන වියදම ඉහළ ගිය ද, මේ වන විට මැදපෙරදිග කලාපයේ යම් සුබදායී තත්ත්වයක් මතු වෙමින් පවතින බව අමාත්‍යවරයා පැවසීය.

යුදමය තත්ත්වය සමනය වීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවන බවත්, මුහුදු මාර්ග විවෘත වීම නිසා නැව් ගාස්තු සහ ගුවන් ගාස්තු පහත වැටෙනු ඇති බවත් විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.

එහි වාසිය කිසිදු පැකිලීමකින් තොරව ජනතාවට ලබා දීමට රජය සූදානම් බවත්, ඉදිරියේදී ඉන්ධන සහ විදුලි ගාස්තු අනිවාර්යයෙන්ම නැවත අඩු කරන බවත් විජිත හේරත් මහතා වැඩිදුරටත් සහතික විය

13 Comments

  1. Thota pakayo mongle da

    ReplyDelete
    Replies
    1. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

      Delete
    2. pennadda kindi hinawa

      Delete
  2. මේ පක්කලියා ඉපදිලා තියෙන්නෙත් බොරුවෙන්, ජීවත්වෙන්නෙත් බොරුවෙන්, මැරෙන්නෙත් බොරුවෙන්

    ReplyDelete
    Replies
    1. mu ponna huththige puthek ban...wesige puthala

      Delete
  3. ponna wesige putha...

    ReplyDelete
  4. හා ...සූට් ගහපු ජෙප්පෙක් නේ කියන්නේ .....එහෙනම් ඈත්ත වෙන්න ඈති .....අපි කොන්ඩේ බදපු චීන්නුනේ ...............වෑඩ බෑරි කාඩිනල්ගේ පච මෑශින් ටික ...

    ReplyDelete
  5. පල පකෝ යන්න බොරු කියන්නේ නැතිව...තොපිට ගහල පන්නන දවස වැඩි ඇතක නැහැ...ලැහැස්තිවෙලා හිටපියව්

    ReplyDelete
  6. මුගේ ඉංග්‍රීසි කොහොමද ලංකාවට මාර ආඩම්බරයක් නේ ගෙනාවේ මු සුද්දෝ එක්ක ඉන්ග්රිසේයෙන් කතා කරලා...මෙහෙම් ගොන්නුනේ ලංකාවේ මිනිස්සු චන්දෙන් පත් කරගත්තේ. ලංකාවේ චන්දදයකයෝ ගුලි කාලද?

    ReplyDelete
  7. ඔන්න නියම yanki dicky ල.

    ReplyDelete
  8. ඔන්න නියම yanki dicky ල.

    ReplyDelete
  9. ඩෝබින්ට විතරක් පේන social media flat form tv channel හදන්න බැරිද දන්නෑ.මේවා මල වදයක්නෙ.මේවා දැක්කහම මොලේ තියෙන මිනිස්සුන්ට මල පාත් වෙනවා.

    ReplyDelete
  10. තම රජය බලයට පත්වීමෙන් පසු ජනතාවට සහන සැලසීම සඳහා ඉන්ධන, ගෑස් සහ විදුලි ගාස්තු අඩු කිරීමට කටයුතු කළ ද, මැදපෙරදිග ඇති වූ අනපේක්ෂිත යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් එම මිල ගණන් තාවකාලිකව ඉහළ දැමීමට සිදු වූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    our government power come after people benefit give fuel, gas and electricity fare low done but middle east unexpected war condition face world market oil price go up so those prices temporarily increase our foreign minister vijitha herath says.

    ReplyDelete
Previous Post Next Post