මින්නේරිය ගොවි ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 22ක නියෝජිතයින් එක්ව වී සඳහා සාධාරණ මිලක් ඉල්ලා හිඟුරක්ගොඩ නගරයේදී දැවැන්ත විරෝධතාවයක නිරත විය. මෙම අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ බාල සහෝදරයා වන, මින්නේරිය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති බන්දුල මහානාම මහතා ද එක්ව සිටීම විශේෂත්වයකි.
විරෝධතාවය අමතමින් බන්දුල මහානාම මහතා අවධාරණය කළේ, මෙම රජය බලයට පත් කිරීමට ඡන්දය ලබා දුන් ගොවි ජනතාව අද පාරට වැටී සිටින බවත්, ඔවුන්ගේ ඉල්ලීම් අතිශය සාධාරණ බවත්ය.
තවත් ගොවි නායකයන් එහිදී පැවසූයේ "අපි හිතුවේ නැහැ මෙච්චර ඉක්මනින් අපිට මේ ගොවියෝ පාරට බස්සවන්න වෙයි කියලා," පවසමින් රජයෙන් ඉල්ලා සිටියේ වහාම වී ගබඩා විවෘත කර වී කිලෝවක් රුපියල් 140ක අවම මිලකට මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි.
පොහොර මිල පහත හෙළීමට රජය වහා මැදිහත් විය යුතු බවත්, අසාර්ථක පාලනයක් ගෙනයන කෘෂිකර්ම අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වහාම සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවත් වැඩිදුරටත් පැවසීය.
ජනාධිපතිවරයා වෙත සෘජු අනතුරු ඇඟවීමක් කරමින් ප්‍රකාශ කළේ, ගොවි ජනතාව පාරට බැස්සේ "හුරතල් වීමට" නොවන බවයි. මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා නොදුනහොත්, දෙවන වරට ගොවි ජනතාව පාරට බසින්නේ රජයට එරෙහිව ඉතා තීරණාත්මක බලපෑමක් එල්ල කිරීමට බව ද අවධාරණය කළේය

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ බාල සහෝදරයා
ReplyDeletemunubalawa andanawa ,passadoren shape
වී කිලෝ එකකට 140ක් දුන්නම හාල් කිලෝ එකක නිෂ්පාදන වියදම ම යනවා 280ක්, මෝල් හිමියට යන ගාණ අත හැරලා ගණන් හැදුවත්, මෝල් හිමියට 20ක් ගියොත්, 300යි, තොග වෙළෙන්දට 20ක් ගියොත් 320යි, බෙදා හරින්ඩ 20ක් ගියොත් 340යි, සිල්ලර වෙළෙන්දට 8%ක් දෙන්ඩ ඕනෑ, එහෙම නැතුව 20ක් දුන්නත් 360ක් වෙනවා. නමුත් මේ කිසිම එකකදි රුපියල් 20ට වැඩේ කෙරෙන් නෑ. අඩුම ගාණ තියා ගන්නේ මෝල් වලින් ඒකත් රුපියල් 25ක් වත් වෙනවා බ්ලීච් කරලා පැකට් කරණ කටයුතු වලටත් එක්ක. අනික් හැම තැනකදිම මෝල් හිමියෝ තියා ගන්න ගාණ වගේ එක හමාර ගුණයක් හෝ තුන් ගුණයක් අතර මුදලක් තියා ගන්නවා අතරමැදියෝ.
ReplyDeleteවෑඩ බෑරි පච ජෙප්පෝ දෑන් නිලධාරීන්ටයි ...අතරමෑදියොන්ටයි බනිනවා......ඒ කාලේ ඔක්කොම දේශපාලකයා මත.....පච වන්චාකාර ජෙප්පෝ ..
ReplyDeleteපරෙස්සමෙන්, මට නම් හිතෙන්නෙ මේක ආණ්ඩුවෙම වැඩක්. තව ටික දවසකින් මේ යකාම කියයි අපේ ප්‍රශ්න විසදන්ට ආණ්ඩුව පොරොන්දු වුණා කියල
ReplyDeleteමේ තනිකරම ආන්ඩුවට කඩේ යනවා.ලැජ්ජ නැති ගොවියො. හොද වැඩේ ගෝටබය❤මැතිතුමා මරන්න ආපු එවුන්ට වුන දෙයක්
ReplyDeleteමුං ඕන වැඩක මැදට පැනලා වැඩේ අතට ගන්නවා.ඊට පස්සේ වැඩේ උන්ට ඕන වෙලාවට අල කරනවා.දැන් රටේ උද්ගෝෂණ වැඩ වර්ජන නැත්තේ රට සුඛ්ත මුදිත වෙලාද?නෑ මේ රට පස්සට යවමින් බටහිරට නටවන්න පූලුවන් පුර්ණ කාලීන ආණ්ඩුවක් ගේනකම්ම රට පස්සට යවමින්,සංවර්ධනයට එරෙහි වෙමින් ඔය වැඩ වර්ජන උද්ගෝෂණ කරවවේ මුන් තමා.මුන්ට ඕන උනේන imf වල බෙල්ල ගාවම හිරකරවන්න.දැන් imf එකේ පරණ බෙහෙත් ටිකම බිබි හොදවෙයි කියලා බලාගෙන ඉමු.
ReplyDelete