බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක, පළාත් පාලන ආයතන මගින් කසළ කළමනාකරණ කටයුතු මහජනතාව බලාපොරොත්තු වන අන්දමට සිදු නොවීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ ස්ථානවල කැදලි සහ කසළ එකතු වීමත්, ඒ මත ගලා නොයන ජලය රැඳී මදුරුවන් බෝවීමත් සිදුවන නිසා ඒම තත්ත්වය ඩෙංගු රෝග ව්‍යාප්තියට දැඩි ලෙස බලපා ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
බොහෝ පළාත් පාලන ආයතන නිසි පරිදි කසළ ඉවත් කිරීමට කටයුතු නොකරන බවත්, මේ නිසා නිවෙස් ඉදිරිපිට හා මහජනතාව බහුලව ගැවසෙන මහා මාර්ගවල කැලිකසල එකතු වී පැවතීම සුලබ දර්ශනයක් බවත් ඔහු පෙන්වා දෙයි.
මෙයට අමතරව, මහජනතාව ද පෞද්ගලිකව තම තමන්ගේ නිවාස සහ වතු පරිශ්‍ර පිරිසිදු කර ගැනීමට උනන්දු විය යුතු බව වෛද්‍යවරයා සඳහන් කරයි.
ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන් හා වැඩිහිටියන් මෙම රෝගයට ගොදුරු වීමේ වැඩි අවධානමක් පවතින බැවින්, මේ කෙරෙහි සෑම කෙනෙකුගේම අවධානය යොමු විය යුතු බව ද ඔහු සඳහන් කරයි.
තවද, රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන, පාසල් සහ විශ්වවිද්‍යාල පරිශ්‍ර නිසි පරිදි පිරිසිදුව පවත්වාගෙන යාමට අදාළ ආයතන ප්‍රධානීන් වැඩසටහන් සකස් කළ යුතු බව පවසන වෛද්‍යවරයා, රෝග ලක්ෂණ මතුවන පළමු අවස්ථාවේදීම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කළ යුතු බව ද අවධාරණය කරයි.
ඩෙංගු රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා ලෝකයේ පවතින දියුණු තාක්ෂණික ක්‍රමවේද මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත්, දැනට දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ මෙය පාලනය කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණක් බවත් වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Galle thamai mekata hodama example eka. dan kunu geniyanna ennema naha. Athuru parawal purama kunu kandu
ReplyDeleteමෙම ප්‍රකාශය සම්පූර්ණ සත්‍යයක්. මම ඉන්න කඩුවෙල මහ නගර බල ප්‍රදේශයෙ. සති දෙකකින් කුණු ගන්න ආවෙ නැහැ. ඊයෙ පනුවො ගහල තියෙන දෙවන ඉදුල් බාල්දියත් එළියට දැම්මා. ගන්න ආවෙ නැහැ. අද උදෙ පාර දිගට කුණු බාල්දි බල්ලො ඇදලා තිබ්බා. කඩුවෙල නගරාධිපති ඉන්නෙ අපතම රටට සාපයක් වුනු කාළකණ්නියෙක්.විදුලි බල මණ්ඩලයේ ඉන්නකොට ඒක කාපු එකා දැන් කඩුවෙල කනවා.අතුරු මාර්ග කඩතොළු වෙලා හදන්න එකෙක් නැහැ. මුන්ගෙ පාර්ලිමේන්තු සෙට් එකෙ කැපැසිටි එක දැන් හොදටම පෙනෙනවා. එතකොට පාපිසි වලටත් යටින් ඉන්න මුන්ගෙ කැපැසිටි එක හිතාගන්න පුළුවන්. කරුමය කාළකණ්නි වෘත්තීය සමිති කාරයෙක් ලෙසටද පැමිණිය හැකිය.
ReplyDeletePukarudaya අතේ දුරින්..
ReplyDeleteMe thak kal aanduwa gehimiyanta nadu demmata palath palana ayathanawala weradda mathukale neha. Palath palana ayathana thamai dengu karmantha shaala. Ei ayata thama palamuwena nadu pawaranta oone.
ReplyDeleteA very happy news.ගහන්න අත්පුඩියක්. Killing Sri Lanka 😁
ReplyDeleteClean Sri Lanka patan gannakan inna. Ekaparata karanna ba. Meka vatila thibunu ratak. Avurudden deken goda ganna ba. Magic pollak nane.
ReplyDelete