වතු කම්කරුවන් වැඩ වර්ජනයක්..


 හැටන් දික්ඔය ඩන්කන් වතුයායේ වතු කම්කරුවන් එම වතුයායේ පාලන අධිකාරියට එරෙහිව දින 5ක සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

කහවත්ත වැවිලි සමාගම යටතේ පාලනය වන එම වතුයායේ වතු කම්කරුවන්ට රජයෙන් වැඩි කල රු.200ක දීමනාව නොලැබෙන බවත්, දැනට එම වතු සමාගම විසින් දිනක වැටුප වශයෙන් රු.1550ක වැටුපක් ලැබෙන බවයි වැඩි වර්ජනයේ නිරතව සිටින වතු කම්කරුවන් කියා සිටියේ.

එම වැටුප ලබා ගැනීම සදහා දිනකට පිරිමි පුද්ගලයෙකු අමු තේ දළු කිලෝ 20ක් සහ කාන්තාවක් අමු තේ දළු කිලෝ 20ක් නෙළිය යුතු බවට වතු පාලන අධිකාරිය මගින් කල දැනුම්දීමක් මත වතු කම්කරුවන් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

දින 5ක් තිස්සේ ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් එම වතුයායේ වතු කම්කරුවන් වතු පාලන අධිකාරිය සහ වතුකරයේ වෘත්තීය සමිති නියොජිතයන් සමග (09) දින එම වතුයායේදි සාකච්ඡාවක් පැවති අතර, එම සාකච්ඡාවේදි වතු කම්කරුවන් කියා සිටියේ, මෙතෙක් කල් දෛනික වැටුපට පිරිමි පුද්ගලයෙකු කිලෝ 16ක් සහ කාන්තාවන් කිලෝ 18ක් අමු තේ දළු නෙළු බවත්, පවත්නා තත්වය මත දිනක වැටුපකට අමු තේ දළු කිලෝ 19ක් නෙලා දිය හැකි බවයි.

වතු කම්කරුවන්ගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරියේ උසස් නිළධාරින්ට ඒ බව දැනුම් දෙන බවත්, එම ඉල්ලීමට වතු පාලන අධිකාරිය එකගතාවය පල කරන්නේ නම්, (10) දින සිට යලිත් එම වතුයායේ තේ දළු නෙලීමේ කටයුතු ආරම්භ කරන බවද වැඩ වර්ජනයක නිරතව සිටින වතු කම්කරුවන් කියා සිටියේ.

- රංජිත් රාජපක්ෂ  

3 Comments

  1. දෙවෙනි ලංකට් අද ඇතුලේ. දින අනුවකට ඩීයෝ ගහනවා

    ReplyDelete
    Replies
    1. ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන මාලිමාවට ජයවේවා !

      ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

      Delete
  2. https://storylabs.yourstory.com/

    ReplyDelete
Previous Post Next Post