අධිකරණයේ ස්වාධීනත්වයට නිවැරදි කරන්න බැරි හානි කරන්නෙපා..- පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ජනපතිට ලියයි...


ඉහළම අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස ඉහළ නැංවීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ගෙන ඇති ස්ථාවරයට පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය (CLA) සිය පූර්ණ සහයෝගය පළ කර ඇත.

එමෙන්ම, අදාළ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑමෙන් වළකින ලෙස එම සංගමය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් හදිසි ඉල්ලීමක් කරයි.

2026 ජූනි 11 වැනි දින නිකුත් කරන ලද නිල ප්‍රකාශයක් මඟින් පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉදිරිපත් කරන ලද කරුණු තමන් ද අනුමත කරන බවයි.

අධිකරණ ක්ෂේත්‍රයට බලපාන ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුත්තේ අදාළ පාර්ශ්වයන් සමඟ නිසි උපදෙස් හා පුළුල් සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව පමණක් බව ඔවුහු අවධාරණය කරති.

අධිකරණය කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය පළුදු වන ආකාරයේ ඕනෑම ක්‍රියාවක් නීතියේ ආධිපත්‍යයට පටහැනි වන බැවින් එවැනි පියවරයන්ගෙන් වැළකිය යුතු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය නිරීක්ෂණය කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සුරක්ෂිත කිරීම සඳහා අධිකරණ ආයතන කෙරෙහි මහජන විශ්වාසය රැකගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බව ද එහි සඳහන් වේ.

එබැවින්, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලදී නියමිත නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරන ලෙසත්, අධිකරණයට බලපාන සංශෝධන හඳුන්වා දීමට පෙර අදාළ පාර්ශවකරුවන් සමඟ අර්ථවත් සාකච්ඡා පවත්වන බවට සහතික වන ලෙසත් එම සංගමය ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට ආපසු හැරවිය නොහැකි ලෙස හානි පමුණුවන සහ අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය බිඳදමන ක්‍රියාවලින් වළකින ලෙස ද ඔවුහු බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

ලංකාවේ නීති වෘත්තිකයන්ගේ ස්ථාවරය අගය කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය සඳහන් කළේ, 2026 මැයි 25 වැනි දින ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියේ අඩංගු තාර්කික හා ප්‍රතිපත්තිගරුක ස්ථාවරය තමන් සම්පූර්ණයෙන්ම අනුමත කරන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ යුක්තිය පසිඳලීම කෙරෙහි මහජන විශ්වාසයට ඇති විය හැකි අහිතකර බලපෑම් පිළිබඳව කරුණු දක්වමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය මීට පෙර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම සංශෝධනය ඉදිරියට නොගන්නා ලෙසයි.

7 Comments

  1. මෙයට අමතරව අධිකරණ තීන්දු කලින් ප්‍රකාශ කිරීම හරහා ස්වාධීන අධිකරණ කටයුතු සඳහා බරපතල ලෙස මැදිහත් වීම, ඉහල තනතුරු විශාල ප්‍රමාණයක් හිස්ව තැබීම හරහා එම තනතුරු ලබා ගැනීම සදහා රජයට හිතවත් තීරණ ගැනීමට විනිසුරුවරුන් පෙළඹවීම, හෙන්චයින් ලවා නඩු තීන්දු වලට අදාළ කරුණු විවෙචනය මගින් විනිසුරුවරුන්ට බලපෑම් කිරීම වැනි ආපසු හැරවිය නොහැකි වැරදි රාශියක් මොවුන් සිදුකරනු ලබයි. මෙය සමාන කළ හැක්කෙ 1977 රජය පත් වීමෙන් පසු පාතාලය සෘජුවම දෙශපාලනයට සම්බන්ධ කර ගැනීම ගනයෙ විෂමාචාර යක් ලෙසයි.

    ReplyDelete
  2. මොන ස්වාදීනත්වයක්ද. අවලන් ශානිගෙ නීතියනෙ රටේ තියෙන්නෙ. අවලන් නීතිය

    ReplyDelete
    Replies
    1. UWA PROMOTE KALE OYA TARGET DEELA

      U EKA KARANNE

      Delete
  3. ඕවා මොනවද මැයි රැළි වල නඩු තීන්දුත් දෙනකොට

    ReplyDelete
  4. This buggers proves everyday that they are still same barbarians as usual.

    ReplyDelete
  5. මුන් කොහොමත් උද්ධච්ච එවුන් නේ. දැක්කනේ අගමැති පාර්ලිමේන්තුවේ කිව්ව palathsabha ඡන්දෙ තියන්නේ නෑ කියලා.

    ReplyDelete
Previous Post Next Post