දෙවියෙක් චුත වෙන්න ලංවෙද්දී ඔහුගේ කිහිලිවලට දාඩිය දානවා.. කට ගඳ ගහනවා.. ශරීරයෙන් දුර්ගන්ධය හමනවා..


 වත්මන් දේශපාලන පිටියේ තම ප්‍රතිවාදීන් පත්ව සිටින තත්ත්වය, දෙවියෙකු දිව්‍ය ලෝකයෙන් චුත වීමට ආසන්න වන විට පෙන්නුම් කරන ලක්ෂණවලට සමාන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්දා සුරවීර මහතා පවසයි.

මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

පැරණි දේශපාලන ක්‍රමය අවසන් වීමට ආසන්න බව පෙන්වා දෙමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

"දෙවියෙක් චුත වෙන්න ලංවෙද්දී ඔහුගේ කිහිලිවලට දාඩිය දානවා, කට ගඳ ගහනවා, ශරීරයෙන් දුර්ගන්ධය හමනවා. දැන් මේ සිද්ධ වෙන්නෙත් ඒ වගේ දෙයක්. ජනතාවගේ ශ්‍රමයෙන් ගොඩනගාගත්තු ඔවුන්ගේ දිව්‍ය ලෝකය දැන් ඔවුන්ගේ හිස මතටම කඩා වැටෙන යුගය උදා වෙලා."

තම පක්ෂයේ දේශපාලන ගමන් මග තුළ කිසිදු රහසිගත ගනුදෙනු හෝ 'ඩීල්' නොමැති බව අවධාරණය කළ මන්ත්‍රීවරයා, මහා වෘක්ෂයක් කපා ඉවත් කරන විට ඉන් විසිවන කැබලි දෙස බලා බල්ලන් බිරුවද, 'ජාතික ජන බලවේගය' නමැති ඇතා ඒ කිසිවකින් කලබල නොවන බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කළ දූෂණ වංචා පිළිබඳ 'ෆයිල්' සහ චෙක්පත් අංක පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, ඒ සියල්ලටම කාලය විසින් පිළිතුරු ලබා දෙනු ඇති බවයි.

"යටගිය කුණු කන්දල් හාර හාරා ඇවිස්සීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතිනවා. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් ඒ සියල්ල ඉදිරියේදී හෙළිදරව් වනු ඇති" යැයි දේවානන්දා සුරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

20 Comments

  1. Jokers list. A.K.D,,Nalinda, Wasantha, Lal. Lakmali , B.D and this man.

    ReplyDelete
    Replies
    1. දේවානන්දා සුරවීර ජෙබ්බාගේ දෙයියා පල් වෙලා ලු 🤣🤣🤣🤣🤣🤣

      Delete
    2. "කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      Delete
  2. තමන්ටත් දැනිල වගේ

    ReplyDelete
    Replies
    1. දේවානන්දා සුරවීර ජෙබ්බාගේ දෙයියා පල් වෙලා ලු 🤣🤣🤣🤣🤣🤣

      Delete
  3. ත්‍රස්තවාදියෙක් චුත වෙන්න ලංවෙද්දී ඔහුගේ කිහිලිවලට දාඩිය දානවා.. කට ගඳ ගහනවා.. ශරීරයෙන් දුර්ගන්ධය හමනවා..එක දැන් පටන් අරගෙන තියෙන්නේ. පච ලප කොටා මීටින් වල, ටීවී එකේ, පාර්ලිමේන්තුවේ කතා කරනකොට ඉහින් කනින් දාඩිය පෙරාගෙන කට උල් කර කර කට ගද ගහගහ බොරු කියන්න කොට ඔය ඔක්කොම උඋට වෙනවා....උට දැන් සොහොන් කණුත් පෙන්න පටන් අරන්ලු

    ReplyDelete
    Replies
    1. Ane atthatada? Kisi gathiyak na ube comment ...Machan thawa try karapan... Nathnam gihin mainata pka deepan

      Delete
  4. තිරිසන් ගල්කටස් JVP මිනීමරුවෝJune 29, 2026 at 3:48 AM

    මේ තිරිසන් ගල්කටස් මිනීමරුවෝ ඔප්පු කරනවා මුන් සක්කිලි ජාතියක් කියලා…

    ReplyDelete
  5. දෙවියන් චුත වෙන කොට මල ප්‍රේතයන්, යක්ෂයන්, හා රාක්ෂයන් බලවත් වෙනවා.

    ReplyDelete
  6. Pala wesige putha yanna.

    ReplyDelete
  7. ඒ මෙතන මැරීගෙන කොමෙන්ට් කරන උබලගේ කොමෙන්ට් වලින් පේනවා කවුද චුත වෙන්න ලග කියලා. තරහා වෙන්න එපා, උබලගෙ දෙයියෝ චුත වෙද්දි අපිට හිනා ගියා කියලා. මොකද මේක අපි අවුරුදු ගානක් දැක්ක හීනේ :D

    ReplyDelete
    Replies
    1. මාත් බං. මුංගෙන් ගන්න සොමිය තිස්ස කුට්ටිගෙන්වත් ගන්න බෑ. අඩුම අර වලකජ්ජ ගහපු බූරු නිශාන්තයා අවුස්සලවත් ගන්න ​බෑ

      Delete
  8. මුන්ගේම කටවල් තමයි ගඳ ගහන්නේ කියල තේරෙන්නේ නැද්ද?

    ReplyDelete
  9. ඉතා නුදුරේදී මේ ආන්ඩුව එලවා දමන්න ජනතාව සූදානම් වෙලා ඉන්නේ. එවිට කිහිලි පමණක් නොව යටිපල්ලටත් දාඩිය දාගෙන මොවුන් බරපතළ දඬුවම් විඳින බව නම් ෂුවර්

    ReplyDelete
    Replies
    1. ජනතාවගෙ නම් සූදානමක් නෑ. ගෝතයෝ නම් හීන දකිනවා. හරි ඔච්චර කියවන්න ඕනේ නෑ, පුළුවන්නම් ගෝල්ෆේස් ගිහින් අනුර ගෝ හෝම් පටන් ගනින්. බලන්න කොච්චරක් ජනතාවට අනුර ඇතුළු NPP එක එපා වෙලාද කියලා. නැත්නම් ගහලා පන්නපන් ඔච්චර හයියක් තියෙනවනම්. අපි එහෙමයි උබලගෙ ලංකට්බය රාජපස්සව (ත්‍රස්තවාදී මිලේඡ්ච මිනීමැරුවව) පුකට පයින් ගහලා පැන්නුවේ. :D

      Delete
  10. දෙවියා චුත වෙන්න ලං වෙනකොට කරන්නේ පාර්ලිමේන්තුවට හදිසියේම දුවගෙන ඇවිත් වායු සමීකරන අස්සේ හැංගිලා ඇගෙන් ගලන දාඩිය, දුගද ඉවත් වෙනකන් බනක් දෙසලා ආපහු යන එක.

    ReplyDelete
  11. අඩු කුලේ කඩප්පුලි ජෙප්පන්ට දැන් තරු පෙනිල තියෙන්නෙ

    ReplyDelete
  12. ආරියතිලක


    පෙර ආණ්ඩු හෙබවූ අමාත්‍ය, මන්ත්‍රී ආදීන් හා රාජ්‍ය නිලධාරීන්ගේ වංචා දූෂණ සෙවීම හා විමර්ශනය කිරීම, නඩු පැවැරීම වැරදි යයි කිසිවෙකුට නො කිය හැකි ය. ඒ ලෙස දැන් බලයේ සිටින, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ප්‍රධාන ධාරාව වශයෙන් ඇති ජාතික ජන බලවේගය පක්ෂය බැවින්, 1965 මැයි 14 දින ආරම්භ කළ, ජනතා විමුක්ති පෙරමුණ විසින් එදා මෙදා තුර කරන ලද, රාජද්‍රෝහී, දේශද්‍රෝහි අපරාධ ද ආණ්ඩු බලයෙන් යටපත් වීමට ඉඩ නො දිය යුතු ය.
    සැමට නීතිය සාධාරණ වන්නේ එවිට ය. එසේ නැතිව “76 අවුරුද්දක සාපාය” කියන ඊනියා වචනය ජවිපෙ විසින් සමාජ ගත කොට 1971 හා 1987/88/89 රාජද්‍රෝහී ජවිපෙ කැරැලි දෙකට සම්බන්ධ වී මිය ගිය සැබෑ රාජද්‍රෝහී අපරාධකරුවන්, පිළිවෙලින් “බක්මහ විරුවන්” ලෙස හා “ඉල් මහ විරුවන්” ලෙස නම් කොට, එමගින් සැබෑ රාජද්‍රෝහී අපරාධකරුවන් බව වසන් කොට, ඒ වෙනුවට වීරත්වය ආරූඪ කොට ක්‍රියා කිරීම මහත් ම වංචාවක් බව කිව යුතු ය. එසේ ම ජවිපෙ පක්ෂය ආරම්භ වූ දා පටන් ශ්‍රී ලංකා රාජ්‍යට කරන ලද අපරාධ සම්බන්ධයෙන් නිසි නීති කෘත්‍යයක් සිදු වී නැත.

    ඒ පිළිබඳව යම් පමණක ආලෝක මාත්‍රයක් ගෙන් දෙන්නේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව මගිනි.

    ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ ලංකා භූමියට කරන ලද අපරාධ ද නිසි පරිදි විනිශ්චය බදුන් නො කරන්නේ නම් එය ශ්‍රී ලංකා රාජ්‍යයට කරන බරපතල වරදක් වන්නේ ය.

    ජවිපෙ විසින් තම පක්ෂ සාමාජිකයන්ට;

    1. රාජ්‍ය නීති කැඩීම වරදක් නැති බව,

    2. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නො කිරීම, තත් කාලයේ පවතින රජයේ නීති අණපනත්වලට ගරු නො කිරීම, විශේෂයෙන් තත් කාලයේ පැවැති දණ්ඩනීති සංග්‍රහයට,
    අපරාධ නඩු විධානසංග්‍රහය පනතට, අපරාධ නීතියට ගරු නො කිරීම,
    1865 අංක 16 දරන පොලිස් ආඥා පනත,
    1916 අංක 33 දරන තුවක්කු ආඥා පනත,
    1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය පනත,
    1966 අංක 18 දරන පීඩාකාරී ආයුධ පනත,
    1947 අංක 25 මහජන ආරක්ෂක ආඥා පනත,

    අදී අණ පනත්වලට ගරු නො කිරීමට, ඒ පනත්වලින් පනවා ඇති නීති උල්ලංඝනය කිරීම කොමියුනිස්ට්වාදී දේශපාලනයට අත්‍යාවශ්‍ය සාධකයක් බව ඉගැන්වීම සිදු කෙරෙණි. ඒ මගින් ජවිපෙ සාමාජිකයන් විසින් රාජ්‍ය පැහැර ගැනීම සඳහා කරන මිනී මැරීම් හා ඔවුන්ට විරුද්ධ වූවන් මරා දැමීම, මනුෂ්‍යයින්ට තුවාල සිදු කිරීම, අඩම්තේට්ටම් කම් කිරීම, බියවැද්දීම, මංකොල්ලකෑම, රාජ්‍ය දේපොළ හා මහජන දේපොළ සොරකම් කිරීම, රාජ්‍ය දේපොළ, පුද්ගලික දේපොළ ගිනි තැබීම්, බලෙන් ගැනීම, රජයටය විරුද්ධව කැරළි ගැසීම හා දණ්ඩ නීතී සංග්‍රහය ඇතුලු නීති අණපනත් මගින් පනවා ඇති නීති කැඩීම, කිසිදු වරදක් නැති බව තම සාමාජිකයන් අතරේ සාධාරණීය කරණය කළේ ය. එසේ ම එම වැරදි ඔවුහු කළහ. ඔවුන් විසින් කරන ලද නීතිමය වූ සියලු වැරදි, වැරදි නො වේයැයි තම සාමාජිකයන්ට උගන්වන ලදී.

    මේ සියල්ල ගත් කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී ක්‍රියා ලංකා රාජ්‍යයට විරුද්ධව කළ බව පැහැදිලිව කියා ඇත්තේ ය. ඒ පිළිබඳව අප පෙර දැක්වූ අදහස නැවතත් අවධානයට යොමු කරමු. මේ ආණ්ඩුවේ අපරාධ, වංචා, දූෂණ මැඩීම සම්බන්ධව සැමට නීතිය ක්‍රියාත්මක කිරීමේදී බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ නීති කෘත්‍යයට ද ප්‍රමුඛතාවය දීම ද වැදගත් බව අමතක නො කළ යුතු ය. එය යටපත් වන ලෙස නීති සංශෝධනය කිරීම, නීතියට පිටින් වංගු ගැසීම ද නීතියේ ආධිපත්‍යයට සරදම් කිරීමක් හා ජනතා පරමාධිපත්‍යයට රිදවීමක් බව ද සැළකිය යුතු ය.


    බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ ආණ්ඩුවේ කැව්බිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද හේතුවෙන් ද, පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් ද, බටලන්ද කොමිෂන් සභා වාර්ථාව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය.. බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලිව සඳහන් කොට තිබේ. මේ කරුණින් ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී ක්‍රියා කළ බව, රාජ්‍ය බලය පැහැර ගැනීමට ත්‍රස්තවාදී ක්‍රිය කළ සංවිධානයක් බව, ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය.


    ReplyDelete
  13. ඉතිරි කොටස...

    ආරියතිලක

    මෙකරුණින් ආණ්ඩුක්‍ර්ම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාවේ (1),(2),(3), (4),5, (6) ව්‍යවස්ථා ප්‍රකාරව, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ද එම පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව ලෙස නිත්‍යානුකූල බවින් යුතුව ක්‍රියා කරමින් ඇති ජාතික ජන බලවේගය පක්ෂය ද හා ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු සංවිධාන , මෙම පක්ෂ දෙකේ ම චංචල නිශ්චල සියලු දේපොළ ද අරමුදල්, බැංකු ගිණුම්, පාර්ලිමේන්තු මන්‍ත්‍රීධූර, පලාත් පාලන මන්ත්‍රී ධූර,
    2024 පාර්ලිමේන්තු මැතිවරණ ජාතික ජන බලවේගයේ
    නාම යෝජනා පත්‍රය ද, 2025 පාලාත් පාලන මැතිවරණ නාම යෝජනා පත්‍රය (මාලිමාවේ) බල රහිත කිරීම ද, අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකේ ම නායකයා බැවින්, 2024 ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාම යෝජනා පත්‍රය බල රහිත කිරීමෙන් ජනාධිපතිධූරය ද බල රහිත කළ හැක්කේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ප්‍රකාරව බල පවත්නා වූ සියලු ධූර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව, උල්ලංඝනය වීම මත (7 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ද මෙයට අදාළ කර ගත යුතු ය.) ජනතා විමුක්ති පෙරමුණෙහි හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ හෝ සාමාජිකත්වය දරණ රාජ්‍ය නිළධාරීන්ගේ රැකියාවන් ද බල රහිත කොට රැකියාවෙන් නෙරපා හැරිය හැක්කේ ය. ඔවුන්ගේ චංචල නිශ්චල දේපොළ යම් පමණකට රජසන්තක කළ හැක්කේ ය. එපමණක් ද නොව දණ්ඩ නීති සංග්‍රහයයේ 114,115,116,117,118,119,120,121,122වගන්ති ප්‍රකාරව රාජද්‍රෝහී වරද මත ක්‍රියා කොට 1987/88/89 ජවිපෙ කැරල්ලට සම්බන්ධ වූ ජවිපෙ සාමාජිකයන්ට දඬුවම් කළ හැක. උපරිම මරණීය දණ්ඩනය ද, අවුරුදු 20 ක් දක්වා හිර දඬුවම් ද සියලු දේපොළ රාජ සංතක කිරීමට ද හැකියාව ඇත්තේ ය. අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ 1987/88/89 කැරැල්ලේ සිටිය බව ඔහු විසින් ම වාචිකව කියන ලද බව අප දැක ඇත. එම කැරැල්ලට සම්බන්ධව, දැනට ජීවතුන් අතර සිටින සියලු ජවිපෙ සාමාජිකයන්ට (දැනට පක්ෂයට සම්බන්ධ කම් නැති, ජවිපෙ දෙවෙනි කැරැල්ලේ සිටි අයට ද) දණ්ඩ නීති සංග්‍රයේ ඉහත දැක්වූ වගන්ති ප්‍රකාරව නඩු පවරා දඬුවම් කළ හැක.


    වත්මන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන්, බටලන් ද කොමිෂන් සභා වාර්ථාව, කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් ජනාධිපතිවරයා ජවිපෙ දෙවැනි කැරැල්ලේ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව, විවාදයකින් තොරව ඔප්පු කොට හමාර ය. එය අධිකරණයේ දී ඔප්පු කිරීමේ භාරයක් නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළි ගැනීමෙන් ම එය ඔප්පු කොට හමාර ය. ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
    157අ ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෝ අභියාචනාධිකරණයේ දී හෝ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ඔප්පු කිරීමේ භාරය, සැකයකින් තොරව ඔප්පු කිරීමේ භාරයෙන්, ද නිදහස් ය. හෙවත් ජනාධිපතිවරයා හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය විසින් ජවිපෙ රාජද්‍රෝහී ත්‍රස්ත සංවිධානයක් බව
    ඔප්පු කොට දී ඇත.


    ReplyDelete
  14. ඉතිරි කොටස...

    ආරියතිලක

    වත්මන් ජනාධිපතිවරයා රාජද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වය දරමින් ජනාධිපති ධූරය දරන බව මෙකරුණින් ඔප්පු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් ම ය. ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානය නායකත්වය දරමින් ජනාධිපතිධූරක් දරණ එක ම රට ශ්‍රී ලංකාව බව ද මෙකරුණින් ඉතිහාස ගත වනවා ඇත.


    ත්‍රස්තවාදී කල්ලියක විසින් හෝ ත්‍රස්ත කල්ලියක, නායකත්වය දරණ පුද්ගලයෙකු විසින් හෝ එම ත්‍රස්ත කල්ලියේ දර්ශනය අත් නො හැර, කවර කාලයකවත් සාධාරණය කරන ලද බව ලෝක ඉතිහාස ය ඔප්පු කොට නැත්තේ ය.

    දණ්ඩ නීති සංග්‍රහයේ VI වන පරිච්ඡේදයෙහි සියලු වගන්ති ප්‍රකාරව නඩු පැවැරීමේ හැකියාවක් සිවිල් වැසියන්ට නැත්තේ ය. පොලීසියට කරන ලද පැමිණිල්ලක් මගින් පොලීසියට ද සෘජුව නඩු පැවරීමට හැකියාවක් නැත්තේ ය. එම බලය ඇත්තේ නීතිපතිවරයාට ය. නීතිපතිවරයාගේ ලිඛිත අවසරයක් තිබිය යුතු ය. දණ්ඩ නීති සංග්‍රහයේ 127 වගන්තියෙන් එම බලය නීතිපතිවරයාට පමණක් පවරා ඇත. වෙනත් කිසිවෙකුට නඩු නො පැවරිය හැක.

    එම දණ්ඩනීති සංග්‍රහයේ 127 වන වගන්තිය නම්;

    “127 මේ පරිච්ඡේදය යටතේ නඩු පැවරීමට නීතිපතිගේ බලය වුවමනා බව;

    මෙම පරිච්ඡේදය යටතේ කිසිම නඩුවක් නීතිපති විසින් හෝ ඔහුගේ ලිපිගත බලය ඇතිව විනා, නොපැරවිය යුතු ය.”


    දණ්ඩනීති සංග්‍රයේ 114, 115, 116, 117,118,119,120,121,122 යන වගන්ති ප්‍රකාරව නඩු පැවරීම කළ හැක්කේ නීතිපතිවරයාට හෝ ඔහුගේ ලිපිගත බලය මත පමණ ය.


    බටලන්ද කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළිගැනීමෙන් එහි සඳහන් සියල්ල ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව විසින් පිළිගන්නා ලදී. එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කොට, නීතිපතිවරයා වෙත නීති කෘත්‍ය සඳහා යොමු කර තිබේ. ඒ 2025.04.29 දින ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසිනි. තව ම ඒ පිළිබඳව නීතිපතිවරයා විසින්, බටලන්ද කොමිෂන් සභා
    වාර්තාවේ වැරදි කරුවන් ලෙස සඳහන් කොටඇති පුද්ගලයන්ට හා රාජද්‍රෝහී ත්‍රස්ත ක්‍රියා කළ බව සෘජුව චෝදනා කොට ඇති ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට අධිකරණ කෘත්‍ය ආරම්භ කොට නැත. නීතිමය අධිකරණ ක්‍රියා ආරම්භ කර නැත. ඒ ස‍ඳහා යාථා කාලයේ නීතිපතිවරයා ක්‍රියා කරනු ඇතයි බලාපොරොත්තුව වෙමු.

    ඒ සමඟ ම 157අ ව්‍යවස්ථාවේ (1)(2)(3)(4)(5)(6) අනුවගන්ති ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය සම්බන්ධව හා එම පක්ෂය සම්බන්ධව ගොඩ නගා ඇති සියලු පක්ෂ, සංවිධාන හා පුද්ගයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද අභියාචනාධිකරණයේ ද ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පෙත්සම් මගින් නඩු ගොනු කළ හැකි වනවා ඇත. නීතිපතිවරයා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව නීති කෘත්‍ය කිරීම් ප්‍රමාදයන් ඇති නම් ජනතාවට ශේෂ්ඨාධිකරණය මගින් එම ප්‍රමාදයන් වළක්වා ගැනීමට උත්සාහ කට යුත්තේ, රාජද්‍රෝහී ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට බටලන්ද කොමිෂන් වාරතාවෙන් කියා තිබෙන, එම ප්‍රකාශය ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් පිළිගැනීමත් ඇති, ත්‍රස්තවාදී දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂය, රාජ්‍ය බලය මෙහෙය වන බැවිනි.

    ReplyDelete
Previous Post Next Post