වත්මන් දේශපාලන පිටියේ තම ප්‍රතිවාදීන් පත්ව සිටින තත්ත්වය, දෙවියෙකු දිව්‍ය ලෝකයෙන් චුත වීමට ආසන්න වන විට පෙන්නුම් කරන ලක්ෂණවලට සමාන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්දා සුරවීර මහතා පවසයි.
මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
පැරණි දේශපාලන ක්‍රමය අවසන් වීමට ආසන්න බව පෙන්වා දෙමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
"දෙවියෙක් චුත වෙන්න ලංවෙද්දී ඔහුගේ කිහිලිවලට දාඩිය දානවා, කට ගඳ ගහනවා, ශරීරයෙන් දුර්ගන්ධය හමනවා. දැන් මේ සිද්ධ වෙන්නෙත් ඒ වගේ දෙයක්. ජනතාවගේ ශ්‍රමයෙන් ගොඩනගාගත්තු ඔවුන්ගේ දිව්‍ය ලෝකය දැන් ඔවුන්ගේ හිස මතටම කඩා වැටෙන යුගය උදා වෙලා."
තම පක්ෂයේ දේශපාලන ගමන් මග තුළ කිසිදු රහසිගත ගනුදෙනු හෝ 'ඩීල්' නොමැති බව අවධාරණය කළ මන්ත්‍රීවරයා, මහා වෘක්ෂයක් කපා ඉවත් කරන විට ඉන් විසිවන කැබලි දෙස බලා බල්ලන් බිරුවද, 'ජාතික ජන බලවේගය' නමැති ඇතා ඒ කිසිවකින් කලබල නොවන බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කළ දූෂණ වංචා පිළිබඳ 'ෆයිල්' සහ චෙක්පත් අංක පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, ඒ සියල්ලටම කාලය විසින් පිළිතුරු ලබා දෙනු ඇති බවයි.
"යටගිය කුණු කන්දල් හාර හාරා ඇවිස්සීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතිනවා. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් ඒ සියල්ල ඉදිරියේදී හෙළිදරව් වනු ඇති" යැයි දේවානන්දා සුරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Jokers list. A.K.D,,Nalinda, Wasantha, Lal. Lakmali , B.D and this man.
ReplyDeleteදේවානන්දා සුරවීර ජෙබ්බාගේ දෙයියා පල් වෙලා ලු 🤣🤣🤣🤣🤣🤣
Deleteතමන්ටත් දැනිල වගේ
ReplyDeleteත්‍රස්තවාදියෙක් චුත වෙන්න ලංවෙද්දී ඔහුගේ කිහිලිවලට දාඩිය දානවා.. කට ගඳ ගහනවා.. ශරීරයෙන් දුර්ගන්ධය හමනවා..එක දැන් පටන් අරගෙන තියෙන්නේ. පච ලප කොටා මීටින් වල, ටීවී එකේ, පාර්ලිමේන්තුවේ කතා කරනකොට ඉහින් කනින් දාඩිය පෙරාගෙන කට උල් කර කර කට ගද ගහගහ බොරු කියන්න කොට ඔය ඔක්කොම උඋට වෙනවා....උට දැන් සොහොන් කණුත් පෙන්න පටන් අරන්ලු
ReplyDeleteAne atthatada? Kisi gathiyak na ube comment ...Machan thawa try karapan... Nathnam gihin mainata pka deepan
Deleteමේ තිරිසන් ගල්කටස් මිනීමරුවෝ ඔප්පු කරනවා මුන් සක්කිලි ජාතියක් කියලා…
ReplyDeleteදෙවියන් චුත වෙන කොට මල ප්‍රේතයන්, යක්ෂයන්, හා රාක්ෂයන් බලවත් වෙනවා.
ReplyDeletePala wesige putha yanna.
ReplyDeleteඒ මෙතන මැරීගෙන කොමෙන්ට් කරන උබලගේ කොමෙන්ට් වලින් පේනවා කවුද චුත වෙන්න ලග කියලා. තරහා වෙන්න එපා, උබලගෙ දෙයියෝ චුත වෙද්දි අපිට හිනා ගියා කියලා. මොකද මේක අපි අවුරුදු ගානක් දැක්ක හීනේ :D
ReplyDeleteමුන්ගේම කටවල් තමයි ගඳ ගහන්නේ කියල තේරෙන්නේ නැද්ද?
ReplyDeleteඉතා නුදුරේදී මේ ආන්ඩුව එලවා දමන්න ජනතාව සූදානම් වෙලා ඉන්නේ. එවිට කිහිලි පමණක් නොව යටිපල්ලටත් දාඩිය දාගෙන මොවුන් බරපතළ දඬුවම් විඳින බව නම් ෂුවර්
ReplyDelete