වත්මන් වී මිල අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අවධාරණය කරන්නේ ගොවියාට සතුටින් සිය වගා කටයුතු කරගෙන යාමට නම් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 150ක සහතික මිලක් රජය විසින් ලබා දිය යුතු බවයි.
එමෙන්ම, වී වර්ග අතර පවතින මිල පරතරය නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් රටේ සහල් නිෂ්පාදනය බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
සම්බා සහ කීරි සම්බා වී වර්ග සඳහා, නාඩු වී මිලට වඩා අවම වශයෙන් රුපියල් 10ක මිල වෙනසක් පැවතිය යුතු බව ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.
දැනට පවතින රුපියල් 5ක පමණ සුළු මිල වෙනස හේතුවෙන් ගොවීන් සම්බා වගාවෙන් ඉවත් වී නාඩු වී වගාවට පමණක් යොමු වී ඇති බවත්, එමඟින් වෙළඳපොළේ එක් සහල් වර්ගයක් පමණක් අතිරික්ත වීමේ අවදානමක් පවතින බවත් ඔහු පවසයි.
"සම්බා සහ කීරි සම්බා වල මිල වෙනස රුපියල් 10ක් වත් තිබුණේ නැත්නම් ගොවියෝ වැඩ කරන්නේ නාඩු වී විතරමයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වී මිල ඉහළ දැමීම සහ සහල් මිල අතර පවතින සෘජු සම්බන්ධතාවය පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, "හෙට වී මිල වැඩි කළොත් අනිද්දා සහල් මිල වැඩි වෙනවා" යනුවෙනි.
මේ නිසා වී මිල සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී පක්ෂ-විපක්ෂ භේදයකින් තොරව සියලු දේශපාලනඥයන් පොදු එකඟතාවයකට පැමිණිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් වී මිල සහ සහල් මිල සැමදා දේශපාලන අවියක් ලෙස පමණක් භාවිත වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම ගැටලුව වසර ගණනාවක සිට පවතින එකක් බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශය, නිලධාරීන්, ගොවීන් සහ ව්‍යාපාරිකයන් එක්ව සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බවත් ඔහු සඳහන් කරයි.
තමන් ව්‍යාපාරිකයෙකු ලෙස උපරිම මිලකට වී මිලදී ගැනීමට කටයුතු කරන බවත්, නමුත් සමස්ත රටේම වී ප්‍රමාණය තනිව මිලදී ගෙන පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

වී විකුනා ලැබෙන ලාභය බිලියන 5 ට වැඩිනම් බද්දක් ගහන්න.
ReplyDeleteඑතකොට ඩඩ්ලිට අදික ලාබ ලබන්න බෑ
කුබුරු වල අයිතියත් ඩඩ්ලිට තියෙන්නේ.. මෝඩ ගොවියෝ ගොවිතැන් කරන්න දන්නේ නෑ ..
ReplyDeleteණය වෙලා ඩඩ්ලිගෙ සල්ලි වලින්මයි වී වපුරන්නේ..
ඉත්ං වී ටිකත් ඌටමයි දෙන්නේ
Impose a heavier tax for Dudley
ReplyDelete