ඩිපෝවේ භාණ්ඩ ලංගම ආපදා රථයෙන් පන්නයි..


හැටන් ලංගම ඩිපෝවේ ආපදා රථයකින් අවසර පත්‍රයක් නොමැතිව ටයර් ටියුබ් දෙකක් සහ කැසට් යන්‍ත්‍රයක් ඩිපෝවෙන් පිටතට රැගෙන යෑමට උත්සහ කල සේවකයන් දෙදෙනෙකු හැටන් පොලිසිය මගින්
(20) දින අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර යලිත් එම නඩුව ජුලි මස 17 දින කැදවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කලහ.

හැටන් ලංගම ඩිපෝවේ ආපදා රථයේ සේවය කරන සැකකරුවන් දෙදෙනා (19) දින උදෑසන ආපදා රථයෙන් අවසර පත්‍රයක් නොමැතිව ටයර් ටියුබ් දෙකක් සහ කැසට් යන්ත්‍රයක් රැගෙන ආපදා රථයේ තබාගෙන පිටතට රැගෙන යෑමට උත්සහ කිරිමෙදි ඩිපෝවේ ආරක්ෂක අංශ නිළධාරින් විසින් බස් රථය පරික්ෂා කිරිමේදි අදාළ ටියුබ් දෙක සහ කැසට් යන්ත්‍රය ඔවුන් භාරයට ගෙන ඒ බව ඩිපෝ කළමණාකාරවරයාට දැනුම් දි හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.

අප මේ සම්බන්ධයෙන් හැටන් ලංගම ඩිපෝවේ කළමණාකාර පාලිත විරසූරිය මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ, ඩිපෝවට ඇතුලුවන සහ පිටවන සෑම බස් රථයක්ම සහ ආපදා රථ ආරක්ෂක අංශ විසින් පරික්ෂාවකට ලක් කරන බවත්, ඒ අනුව අවසර පත්‍රයක් නොමැතිව ආපදා රථයෙන් බස් රථයෙ ටයර් ටියුබ් දෙක සහ බස් රථයක සවි කර තිබූ කැසට් යන්ත්‍රය තිබි සොයාගෙන ඇති බවයි.

එම සේවකයින් දෙදෙනාට එරෙහිව ලංගම ඩිපෝව මගින්ද විමර්ෂණයක් ආරම්භ කරන බවද ලංගම කලමණාකාරවරයා පැවසීය.

රංජිත් රාජපක්ෂ

2 Comments

  1. මහ ලොකු හොරකමක්! වහාම CID දාලා හොයන්න. මේ අපරාධය අල්ලාගත් මාලිමා ආණ්ඩුවට ප්‍රණාමය! ගල් අඟුරු වංචාව, ඩොලර් බිලියන 2.5 වංචාව ගැන හොයන්න කරදර වෙන්න එපා ඒවා අතපසුවීම්!

    ReplyDelete
    Replies
    1. කෑගහන්න එපා. ඒ කොල්ලො දෙන්නත් ජෙප්පද්දොම තමයි

      Delete
Previous Post Next Post