මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ පිරිපහදු කළ තෙල් මිල ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන වෙළඳාමේ නිරත සමාගම් සහ තෙල් සංස්ථාව මේ වන විට දැවැන්ත පාඩුවක් ලබමින් සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
පවතින මිල ගණන් යටතේ මෙම සමාගම්වලට දිගින් දිගටම පාඩු ලැබිය නොහැකි බවත්, යම් හෙයකින් ඔවුන් ඉන්ධන ආනයනයෙන් ඉවත් වුවහොත් රට තුළ දැවැන්ත ඉන්ධන හිඟයක් ඇති වී සමස්ත ආර්ථිකයම බිඳ වැටීමේ අවදානමක් පවතින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ජනතාවට සහනයක් සැලසීම සඳහා භාණ්ඩාගාරය මගින් රුපියල් මිලියන 57,000 ක මුදලක් වෙන් කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව ඩීසල් ලීටරයකට රුපියල් 100 ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 ක සහනාධාරයක් භාණ්ඩාගාරය මගින් ලබා දී ඇත.
කෙසේ වෙතත්, ලෝක වෙළඳපොළේ තෙල් මිල අඛණ්ඩව ඉහළ යාම නිසා ඉන්ධන ආනයනය සඳහා වැයවන පිරිවැය ඉහළ ගොස් ඇති අතර, එම සමස්ත බර භාණ්ඩාගාරයට තවදුරටත් දරාගත නොහැකි බව අමාත්‍යවරයා පවසයි. "භාණ්ඩාගාරය මේ පාඩුව දැරුවොත් අවසානයේදී ඒ මුදල නැවත අය කරගන්න වෙන්නෙත් ජනතාවගෙන්මයි," යැයි ඔහු පෙන්වා දුන්නේය.
මිල සංශෝධනයක් සිදු නොකළහොත් සමාගම් තෙල් ආනයනය නැවැත්වීමට ඉඩ ඇති අතර, එවැනි තත්ත්වයක් තුළ තෙල් සැපයුම බිඳ වැටී රටේ ආර්ථිකයට බරපතළ බලපෑමක් සිදුවිය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
මේ නිසා පවතින විසඳුම වන්නේ භාණ්ඩාගාරය, ඉන්ධන සමාගම් සහ ජනතාව යන පාර්ශව තුනම මෙම බරෙහි කොටසක් දරා ගනිමින් ලෝක වෙළඳපොළ මිලට සාපේක්ෂව මිල ගැලපීමක් සිදු කිරීම බව ඔහු පවසා සිටියි

remove the kanchana's commission
ReplyDeleteඒක අඩු කරලා තමා බං දෙන්නේ ඕල්රෙඩි, රෙද්ද.
Deleteehenam warayen bana ganata denna.
Deleteloka warthawak thiyala gatththa oil ne.
සමාගම් වලට ඕන ඕන විදිහට තෙල් මිල තීරණය කරන්න ආණ්ඩුවක් ඕනද? ඕක ෂෙඩ් එකේ තෙල් ගහන පොරත් කරයිනේ.
ReplyDeleteමොක්කුන්ටද බං මේ චන්දෙ දුන්නෙ. සාපයක්වෙලානෙ මුං. පලයල්ලකො වැඩ බැරි ටාසන්ලා ටික.
ReplyDeleteඅනේ අපේ රම්බන්ඩෙගෙ කොලුවගෙ ආම්ඩුවට මොනවත් කියන්ට එපා
ReplyDeleteඅහිම්සක කොලුවෙක් නෙව
ඉගෙනගනිමින් ඔහොම හරි කොරන එකම මදෑ නේද අප්පච්චි
ඉස්සර ආන්ඩුවලට කිවුවෙ කොහොමද? පාලනය කරන්නබැරි අංඩු මොකටද ඇහුවනේද?
ReplyDeleteකාලකන්නි ආන්ඩුව
ReplyDelete