ලංකා බැංකුව, මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමේ සැලසුමක්...?


 ශ්‍රී ලංකා මහ බැංකුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය පිළිබඳ සොයා බැලීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මේ වන විටත් ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් අත්සන් තබා ඇති බවයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

එහිදී ඔහු විශේෂයෙන්ම අවධාරණය කළේ NDB ආයතනය සම්බන්ධයෙන් වහාම විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.

එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි දෝෂදර්ශනයට ලක් කළ ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"රජය සහ මහ බැංකුව රුපියල ස්ථාවර බව පැවසුවද, තිරය පිටුපස පවතින්නේ කෘතිම පාවීමක්. මෙහි අවසාන බර දැරීමට සිදුවන්නේ පොදු ජනතාවටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරිකය ලැබුණද, රජය රටත් ජනතාවත් දැඩි බදු බරකින් පීඩනයට පත් කර තිබෙනවා. මෙම ගිවිසුම් අවසන් වූ පසු ඉදිරි අනාගත වැඩපිළිවෙල කුමක්ද යන්න රජය රටට හෙළි කළ යුතුයි."

මීට අමතරව, ලංකා බැංකුව සහ මහජන බැංකුව යන ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක පෞද්ගලීකරණය කිරීමේ රහසිගත සැලසුමක් පවතින බව ද හිටපු අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව සඳහන් කළ රවී කරුණානායක මහතා, වත්මන් පාලන බලය හොබවන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ආණ්ඩු පක්ෂයේ සෙසු පිරිස් අතර පවතින අභ්‍යන්තර පරස්පරතා ද මෙහිදී විවේචනයට ලක් කළේය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සියයට 20ක බදු පැනවීම් සහ 'එල් නිනෝ' දේශගුණික අවදානම වැනි ඉදිරියේදී පැමිණීමට නියමිත ගෝලීය අභියෝග හමුවේ රට සූදානම් කිරීමේ කිසිදු නිසි වැඩපිළිවෙලක් වත්මන් රජයට නොමැති බව රවී කරුණානායක මහතා වැඩිදුරටත් අනතුරු අඟවා සිටියේය.

8 Comments

  1. Wade aulmanam thawa moda chun ekak demu

    1.Japan dobi chun karanna ranil hire daamma

    2. Harak chun karanna Goal face car show damma

    3.Siril gamini chun karrana walan sani hire damma, sorry Saley hire damma

    4. NGO chun karana German president hanbawauna, German president danna nathnam ekale paththara balanna, google eketh naha

    ReplyDelete
  2. රජයට මුදල් ප්‍රස්න තියෙනවා. නමුත් රජය නාස්තිය නවතා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත්වීම දැකිය හැකිය. උදාහරණ: ඉක්ටාර් එක වහගන්න තාම බැරිවුනා. ඒ වෙනුවට හදන ගව්ටෙක් එක තාම කරගන්න බැරිව ඉන්නවා. මේ ආර්ථික ප්‍රස්න තියෙන කාලේ අධික පඩි ගෙවමින් ඉන්නවා. ජනතාවට බදු වැඩිකර ගන්න මුදල් මේවගේ නාස්තිකාර දේවලට යොදවනවා.

    ReplyDelete
  3. අම්මෝ මහා බැංකු පිළිබඳ විශේෂඥ ඇවිල්ලා.


    සල්ලි ටික පරිස්සම් කරගන්න ඕන

    ReplyDelete
    Replies
    1. Correct, 100%

      Must save balance money from HUNDU hackers?

      Delete
  4. මේ බැංකු 2 කොටස්වෙළෙඳ පොළේ ලැයිස්තු ගත සමාගම් කරමු. ඕනිම නම් රජයත් එහෙම කරමු.

    ReplyDelete
  5. CEB එක කුට්ටි කරේ යසට. මුන්ට මේකත් කජ්ජක්ද?

    ReplyDelete
  6. Mahindalage waradda SF wage kalakanniyek Yuddeta gawa gatta eka. me SF pakaya nethuwa Yudde karanam thamath Mahinda thamai janadipathi (2005-Present).Enam rata patta widiyata diyunu wela tiyei.Aparade ape karume..

    ReplyDelete
  7. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedElections #GovernmentChangeIsAMust

    ReplyDelete
Previous Post Next Post