ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දිනයේ නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික වාර්තාවලට අනුව, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.
ඒ අනුව අද දිනයේදී ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.00ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල රුපියල් 337.97ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙය ඊයේ (02) දිනයේ වාර්තා වූ විනිමය අනුපාතයන් හා සැසඳීමේදී කැපී පෙනෙන ඉහළ යාමකි. ඊයේ දිනයේදී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 336.60ක් ලෙස සටහන් වී තිබූ අතර, ඒ අනුව පැය 24ක් තුළ ඩොලරයක විකුණුම් මිල රුපියලකින් පමණ ඉහළ ගොස් තිබේ.
මෙම තත්ත්වයත් සමග ප්‍රධාන විදේශීය ව්‍යවහාර මුදල් හමුවේ රුපියලේ අගය යම් පසුබෑමකට ලක්ව ඇත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත කරන ලද 06 වැනි සහ 07 වැනි ණය වාරිකවලට අදාළ ඇමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදල මෙරට නිල විදේශ සංචිත වෙත බැර කර ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා තහවුරු කරයි.
පසුගිය 27 වනදා රැස්වූ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට අදාළ විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ පස්වැනි සහ හයවැනි සමාලෝචන කටයුතු සාර්ථකව නිම කරමින් ඊට අදාළ අනුමැතිය ලබා දී තිබිණි.
එම විධායක මණ්ඩල තීරණයට අනුව මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 695 ක මූල්‍ය ප්රතිපාදනය මෙරටට හිමිව ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය උදෙසා අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් 2023 වසරේ මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක සමස්ත ණය ආධාර පැකේජයක් අනුමත කරන ලද අතර, මෙම නවතම මුදල් මුදාහැරීම සිදු කෙරුණේද එම ණය පහසුකම් ක්‍රියාවලිය යටතේමය.

නන්දලාල් කියනව රුපියල කඩා වැටීම ආර්ථිකයට හොදයි කියල
ReplyDeleteඔන්න ඉතිං... මේවා නොදැක්ක වගේ ගෙහුං, අර ගෝටාගේ නිවුස් එක බලනවලකෝ.. වාත වෙන්න එපා.. 🤌🏿
ReplyDeleteWho the f**k is nandalal. Economical traitor of Sri Lanka.
ReplyDeleteණය ඇරගෙන රටක් කරන්න ජනාධිපති කෙනෙක් ඕනෙද කියපු එකාගේ ආණ්ඩුව .. හික් කිල නේද දැන් 😆😆😆
ReplyDelete