රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක JVPයි, LTTEයි යි විනාශ කරලා තියෙනවා..- නාමල්


 අද ආර්ථිකය ගැන කතා කරන ජේවීපී එක පහුගිය අවුරුදු ටික බැලුවාම වර්තමාන ලංකාවේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් දේශීය ණය විදේශීය ණය වගේ දෙගුණයක් එල්.ටී.ටී. එකයි ජෙ.වී.පි එකයි මේ රටේ විනාශ කරලා තියෙනවා. වර්තමාන රජයේ ණය දේශීය විදේශීය ණයවල වටිනාකම වගේ දෙගුණයක් ආර්ථිකයට හානි කරලා තියෙනවා. එහෙම කරපු අය තමයි විපක්ෂයට චෝදනා කරන්නේ යැයි පොදුජන පෙරමුණේ  ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අම්පාර ප්‍රදේශයේ ජනහමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

"අද ආණ්ඩුවේ ඇමතිවරු පාස්කු සිදුවීම සම්බන්ධයෙන් එක එක කතා කියමින් තමන්ගේ නොහැකියාව වහගන්න හදනවා. ඔවුන් උත්සාහ කරන්නේ මේ ප්‍රහාරයේ වැරැද්ද වෙනත් පාර්ශව පිට පටවන්නයි. හැබැයි ඇත්තටම හොයලා බැලුවොත්, මේ සිද්ධියට සම්බන්ධ වුණු අයට උදව් කරපු නීතිඥයෝ ඉන්නේ මොන දේශපාලන පක්ෂවලද, පරීක්ෂණ ෆයිල් යටගැහුවේ කවුද කියලා ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා. අද වෙනකොට ඒ වගේ අයටම ආණ්ඩුව ඉහළ තනතුරු දීලා තියෙනවා. මේවා අහම්බෙන් සිද්ධ වුණු දේවල් නෙමෙයි, තමන් දුන්නු බොරු පොරොන්දු ජනතාවට තේරෙනකොට, ඒකට එරෙහිව නැඟී සිටින ජනතාව මර්ධනය කරන්නයි ආණ්ඩුව මේ දවස්වල සූදානම් වෙන්නේ.

අනිත් පැත්තෙන් රටේ කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාව අද සම්පූර්ණයෙන්ම අසරණ වෙලා ඉන්නවා. මහ කන්නයට අවශ්‍ය පොහොර ටිකවත් වෙලාවට දෙන්න ආණ්ඩුවට කිසිම සැලැස්මක් නැ. වී ටික විකුණගන්න බැරුව ගොවියෝ ලතවෙද්දී, කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ගත්ත බැංකු ණය ගෙවාගන්න බැරුව තමන්ගේ ව්‍යාපාර වහලා දාන තැනට පත්වෙලා. ආණ්ඩුව කරන්නේ දේශීය නිෂ්පාදකයා නංවනවා වෙනුවට පිටරටින් බඩු ගෙනල්ලා තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ට විතරක් මඩි තර කරගන්න ඉඩ දෙන එකයි. මේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා අද ගමේ අහිංසක එළවළු, පළතුරු සහ වී ගොවියා වගේම උක් ගොවියත් සම්පූර්ණයෙන්ම ණය බරින් මිරිකිලා ඉවරයි.

රටේ මූල්‍ය පාලනය සහ සංවර්ධන කටයුතු දිහා බැලුවත් තත්ත්වය ඕකම තමයි. රට හදන්න කියලා එක එක අරමුදල් ගැන කිව්වට, අද පාර්ලිමේන්තු කමිටුවලදී හෙළි වෙන්නේ එහෙම අරමුදලක්වත් නැති බවයි. ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලටයි. ඒ ගැන ඇහුවම කියන්නේ තාක්ෂණික වැරැද්දක් නැත්නම් අතපසුවීමක් කියලයි. ගමේ ඉන්න අහිංසක මනුස්සයෙක් තමන්ගේ ගිණුමට කීයක් හරි දාගත්තොත් බදු ෆයිල් අදිමින් ප්‍රශ්න කරන නිලධාරීන්, ආණ්ඩුවට සම්බන්ධ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගිණුම්වලට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැරදි විදිහට යද්දී කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. 

බදු බර අසීමිත විදිහට වැඩි කරලා තියෙන නිසා අද ගමේ කඩපිලේ ව්‍යාපාර පවා වැහිලා යන තත්ත්වයක් උදාවෙලා තියෙනවා.

තරුණ පරපුරට සහ රටේ ආරක්ෂාවට සිද්ධ වෙලා තියෙන දේත් මීට වඩා වෙනස් නැහැ. උපාධිධාරීන්ට රැකියා දෙනවා කියලා බලයට ආපු ආණ්ඩුවට අද පෞද්ගලික අංශයේවත් රැකියාවක් දීගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම, එදා විනයක් ඇතිව ගම් මට්ටමින් ආගමික ස්ථාන ආරක්ෂා කරපු සිවිල් ආරක්ෂක බලකායේ තරුණයන්ව අද දේශපාලන උවමනාවන් මත කොළඹට මාරු කරලා යවලා. ලැබෙන සුළු වැටුපෙන් කොළඹ ජීවත් වෙන්නවත්, ගමට කීයක් හරි යවන්නවත් ඒ අයට විදිහක් නැ. පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා බලයට ආපු මේ ආණ්ඩුව, අද සම්පූර්ණයෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ධනපති පන්තිය ආරක්ෂා කරන, සාමාන්‍ය ජනතාවගේ දුක හඳුනන්නේ නැති පාලනයක් බවට පත්වෙලා තියෙනවා.

අද ආර්ථිකය ගැන කතා කරන ජේවීපී එක පහුගිය අවුරුදු ටික බැලුවාම වර්තමාන ලංකාවේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් දේශීය ණය විදේශීය ණය වගේ දෙගුණයක් එල්.ටී.ටී. එකයි ජෙ.වී.පි එකයි මේ රටේ විනාශ කරලා තියෙනවා. වර්තමාන රජයේ ණය දේශීය විදේශීය ණයවල වටිනාකම වගේ දෙගුණයක් ආර්ථිකයට හානි කරලා තියෙනවා. එහෙම කරපු අය තමයි විපක්ෂයට චෝදනා කරන්නේ. වැඩ කරන්නෙත් නෑ.තමන් විනාශ කරපු දේවල් හදන්නවත් අඩුගානේ උත්සාහ කරන්නේ නෑ.අනිත් එක තර්ජනය මර්ධනයෙන් බය කරලා තමන්ගේ රාජ්‍ය පාලනය කරගෙන යන්න උත්සාහ කරනවා.අපි අමාත්‍යාංශවල නිලධාරී හම්බවෙනකොට කොළඹ සමහර තැන්වලට යද්දි මේ සිවිල් ආරක්ෂක බලකායේ හිටපු තරුණ පිරිස් අද ඒවාට මාරු කරලා යවලා. සිවිල් ආරක්ෂක බලකාය හැදුවේ ගමේ ජීවත් වන ගමන් ගම ආරක්ෂා කරන්න. ඒක තමයි සංකල්පය. අද මොකක්ද කළේ ඔවුන්ගේ ගෞරවය විනාශ කරලා වෙන තැන්වල ට්‍රාන්සර් කරලා යවලා. එයාලට ජීවත්වෙන්න මදි හම්බවෙන පඩිය. ආණ්ඩුවේ කිසිම කෙනෙක් මේ ගැන කතා කරන්නේ නෑ."

7 Comments

  1. ලාමක් පොන්ටින්June 14, 2026 at 8:25 PM

    ඒ වගේ හතර ගුණයක් රාජපක්ෂලාගේ එකවුන්ට් වල තියෙනවා ලු, එහෙමයි අපිට කිව්වේ අන්‍රයියා. ඒ මදිවට උගන්ඩාවෙත් තියෙනවා. ඒවා ගෙනල්ලා රට හදනවා අන්‍රයියා කොයි වෙලාවේ හරි. අපිට ඉර හඳ වගේ ෂුවර් ඒක.

    ReplyDelete
    Replies
    1. අපේ අංර ස' සහෝදරයා කිව්වොත් කිව්වා. අනිවා ඕක කරනාවම තමා පුතා.
      දැන් බලන්ට ආහාර ද්‍රව්‍ය, පාසල් උපකරණ, වෛද්‍ය සේවා - දැන් බදු සතයක්වත් ය කරන්නේ නෑ නේ මයෙ අප්පච්චි.
      මාළු ඉන්න තැන උනත් දැන් ඇප් එකක් මාර්ගයෙන් ධීවරයාට දන්වනවනේ පුතා.
      මේ යුද්දේ නිසා මුහුදු වතුරෙන් හදන සල්පියුරික් අම්ලේ විකුණගන්න බැරිව ගොඩගහගෙන ඉන්න වෙලානේ මයේ පුතා
      තව තියෙන දේ කියන්ට ඒකටත් වෙලාවක් නෑනේ මයේ අප්පච්චි, මයේ අඹ වගාව නෙලන්ට ගොවියෝ ඇවිල්ලනේ මේ පුතා, රට පටවන්ට, ඩොලර් ගේන්ට.



      Delete
    2. පතිරණ ගලප්පත්තිJune 14, 2026 at 8:59 PM

      සල්ෆියුරික් ගොඩ ගහලා තියන්ඩ කලින් බූලි වල දාන්ඩ ඕනෑ, සල්ෆියුරික් ද්‍රවයක් නිසා. හැබැයි ගොඩ ගහලා තියන්ඩ ඕන් නෑ, බූලිය බූලිය වැසිකිලි යද්දි රැගෙන ගෙහුන් පුක හෝද ගනින්. පුක පිරිසිදු වුණාම පුකෙන් හිතන්ඩ පුලුවන් ඔයිට වඩා තර්කාණුකූලව. බෙල්ල උඩ රවුමට තියෙන එක බොට පලක් නෑ.

      Delete
  2. Sancharaka hotal walata bomba gassala nagee ena sancharaka viyaparaya kada kappal karala ratata dollar labeema nawthwala arthikaya adapana karala Rajapakshala in deshapalana wasi ganna baluwa kiyana eka ona kenekuta therenawa.

    ReplyDelete
  3. කාන්චනට යන රු50 අඩුකරා, පාසල් බඩු 50%ක් අඩු කරා, විට්ස් කාර් එක ලක්ශ 12, ජොබ් නැති උන්ට රු 10000ක් මාසෙකට හම්බ වෙනවා, ලයිට් බිල නිකම්ම වගෙ සොලාර් වලින් විතරමයි ග්න්නෙ, බස් කෝච්චි සඨ සට ගාලා, ලංකාව දැන් සිංගප්පූරුව වගේ ඩබල් වෙලා..ඒ මහින්ද හිටියනම්..කයිතන්ගෙ පච නම් අඩුවක් නෑ

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 14, 2026 at 10:01 PM

      මහින්දගෙ මල්ලි ගෝඨා හිටියා නම් කොහොම වෙයිද?

      Delete
    2. Me welawe gota hitiyanam. Idakin ape nayakaya gahala elewwane

      Delete
Previous Post Next Post