මත්පැන් බෝතල් සඳහා ආරක්ෂිත ස්ටිකර් ඇලවීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේදී රජයට අතිවිශාල මූල්‍ය අලාභයක් සිදුවන දැවැන්ත වංචාවක් සිදුව ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අනාවරණය කරයි.
පසුගිය ජුනි මස 28 වනදා මාලබේ, සුදර්ශන මාවතේ පිහිටි නිවසක පවත්වාගෙන ගිය හොර අරක්කු නිෂ්පාදනාගාරයක් වටලා ස්ටිකර් අලවන ලද බෝතල් 18,000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ස්ටිකර් ජාවාරම පිළිබඳව දැඩි කතාබහක් ඇති විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ, මත්පැන් බෝතලයක මිල රුපියල් 3,600ක් වන විට ඉන් රුපියල් 1,600ක්ම රජයට ලැබිය යුතු බදු මුදල් බවයි. ස්ටිකර් වංචාව හරහා මෙම බදු මුදල් රජයට අහිමි වන බව ඔහු පවසයි.
විශේෂයෙන්ම මෙම ස්ටිකර් මුද්‍රණය සඳහා ලබා දී ඇති ටෙන්ඩරය පිළිබඳව කරුණු අනාවරණය කරමින් මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.
"ඇත්ත වශයෙන්ම ස්ටිකර් ගහන්න ඕනෙ කියන පදනම අතිශයින්ම නිවැරදියි බදු නොගෙවා මිනිස්සු අරක්කු බෝතල්, බියර් බෝතල් විකුණන්න පටන් ගැනීම නිසා. මම දැන් හොයලා බැලුවා ගල් බෝතලයක් රුපියල් 3600ක් වෙනවාලු, ඒකෙන් 1600 ගාණක් බද්ද ආණ්ඩුවට එන. එතකොට ගල් බෝතලයක් වික්කොත් එහෙම බද්ද ගෙවන්නෙ නැතිව ආණ්ඩුවට කීයක්වත් එන්නෙ නෑ, 3600ම විකුණන හාදයාට යනවා. දැන් ප්රශ්නය වෙලා තියෙන්නෙ මේ ස්ටිකර් හොරට ගහනවාද කියන වැඩේ. සුරාබදු එකෙන් අහනකොට හොර ස්ටිකර් ගහලා තියෙනවා කියලා ආරංචි වෙනවා කියලා නෑ, නෑ, එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ, ඔක්කොම වාගෙ දැන් හරියට සිද්ධ වෙනවා කිව්වා. හැබැයි දවස් කීපයක් ගියෙ නෑ, මහා විශාල රේඩ් එකක් කරලා මේ මාලඹේ පැත්තේ. මේ ස්ටිකර් එක කොහොමද මේ කට්ටියට ගියේ ? හොරට ගියේ ?
මේ ටෙන්ඩර් එක දෙනකොට දීලා තියෙන්නෙ ස්ටිකර් 1000ක් ඩොලර් 7යි ශත 99කට. ඒ කියන්නෙ ඩොලර් 8ක් වගේ. මගදී මේක මාරුකරලා තියෙනවා 'නෑ, ස්ටිකර් නෙවෙයි, අපිට මේක ඩිජිටලි ගහලා දෙන්න' කියලා. විශ්වාස කරන්න, ඩොලර් 8 ඉඳලා ඩිජිටල් එකට මාරු කරනකොට ඩොලර් 8 ම ගෙවනවානෙ මේ මිනිස්සු. ස්ටිකර් 1000 ට ඩොලර් 8 ම ගෙවනවා. මම හොයලා බැලුවා මේ ඩිජිටල් ප්‍රින්ට් එකක් ගහන්න කොච්චර විතර යනවාද කියලා. ඒගොල්ලො කියන්නෙ 1000ක් ගහන්න ඩොලර් ශත 12ක් වගේ යනවා ලු. උපරිම. මේකෙ මහා ලොකු මගඩියක් තියෙන බව තමයි මට පේන්නෙ. මේ ටෙන්ඩර් එක ආයෙ දෙන්න යනවාලු ජනවාරි මාසෙ ඉඳලා 2027. ඇත්ත වශයෙන්ම මේ අහිමි වෙන බද්ද - මගේ ගණනය කිරීම අවුරුද්දකට අපි සුවසැරියට වියදම් කරන ප්‍රමාණය වගේ 8 ගුණයක විතර බද්දක් අපිට අහිමි වෙනවා"
සුරාබදු දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම ගැටලුසහගත බවත්, ඉදිරි ජනවාරි මාසයේදී ලබා දීමට නියමිත නව ටෙන්ඩර් ක්‍රියාවලියේදී හෝ මෙවැනි වංචා වැළැක්වීමට පියවර ගත යුතු බවත් මන්ත්‍රීවරයා පවසා සිටියි.
Government Faces Potential Losses from Alcohol Bottle Sticker Fraud
The Chairman of the Parliamentary Committee on Public Finance, Dr. Harsha de Silva, has revealed alarming insights into significant financial losses the government may face amid the digitalization of the alcohol bottle sticker application process. A recent raid uncovered over 18,000 alcohol bottles with counterfeit stickers at an illegal arrack distillery in Malabe on June 28, sparking intense discussions regarding this fraudulent racket.
Dr. de Silva pointed out that for an alcohol bottle priced at 3,600 Sri Lankan Rupees, the government should receive 1,600 Rupees in taxes. However, he emphasizes that these tax revenues are being evaded due to the sticker scam, leading to substantial losses for the treasury.
Delving into the details of the tender process for sticker printing, the Minister highlighted the inherent flaws, stating, "The fundamental requirement for proper sticker application is undeniably valid. People are starting to sell arrack and beer bottles without paying taxes. I recently found that a standard bottle costs 3,600 Rupees, of which 1,600 should go to the government in taxes. If a bottle is sold without paying this tax, that entire amount goes to the seller." He raised concerns about the ongoing investigation into how these fraudulent stickers are being circulated.
He also shared specifics about the tender awarded for sticker production, revealing that stickers were supposed to be priced at approximately 8 dollars for 1,000 units. However, the actual process seems to have deviated with claims for digital sticker applications at a higher cost. "Trust me, with the transition to digital printing, these individuals are effectively paying 8 dollars for what should really be about 12 dollars for 1,000 prints at maximum," he articulated, highlighting a significant gap that potentially allows for rampant corruption.
Dr. de Silva expressed his concern that if the relevant authorities, especially the Department of Excise, do not pay due attention to this matter, the impending tender process in January 2027 could perpetuate similar fraudulent activities. He estimated that the annual revenue loss could amount to about eight times the expenses incurred on alcohol taxes, further compounding the issue.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ජෙප්පො කියන්නෙ වෘත්තීයමය හොරු
ReplyDeleteපැලවත් then කියන තෙක් හොර, බොරු, වංචා නැත.
ReplyDeleteරට නැත්තටම නැති කරල මුන් යන්නේ.
ReplyDeleteජරාම සත්තු ටිකක් ජෙප්පො.
ReplyDeleteනිලධාරීන්ගෙන් එභෙම දුෂ්‍යන්ත වෙලා තියෙනවනම් ඒ අය වගකිවයුතුය.
ReplyDelete