පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ කාර්යාගයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
2025 ජනවාරි මාසයේදී බහලුම් 323ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම පිළිබඳ අපි අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළා. මේ පැමිණිල්ල පිළිබඳ නිසි විමර්ශනයක් නෑයි කියලා දැක්කම ප්‍රගතිය විමසමින් අල්ලස් කොමිසමට 2025 ජූලි 17 වෙනිදා සිහි කැඳවීමක් සිදු කළා. ඒත් ප්‍රගතියක් නැහැ. අපි කොහොමද බය නැතුව ප්‍රගතියක් නැහැ කියන්නේ 2026 ජනවාරි 19 වෙනිදා දෙරණ 360 රූපවාහිනී වැඩසටහනට සහභාගි වුණු බිමල් රත්නායක ඇමතිතුමා කියනවා, බහලුම් සම්බන්ධයෙන් මට මම කිසි වරදක් කරලා නැහැ. වරදක් කරලා තිබුණා නම් අල්ලස් කොමිසමේ මට කැඳවිය යුතුයි. මට එවැනි කැඳවීමක් නැහැ කියලා.
ඒ අනුව මේ ප්‍රකාශය දැක්කට පස්සේ අපි 2026 මැයි මාසේ 4 වෙනිදා අල්ලස් කොමිසමේ අවධානයට යොමු කළා. ඔන්න බිමල් ඇමතිතුමා මෙහෙම ප්‍රකාශයක් කරනවා. නමුත් රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා 2025 ජනවාරි 31 වෙනිදා මේ බහලුම් 323 නිදහස් කරන්න, තමන්ට උපදෙස් ලබා දුන්නේ බිමල් රත්නායක ඇමතිතුමාය කියලා ලිඛිත ප්‍රකාශයක් කරලා තියෙන බව අපි අල්ලස් කොමිසමට පෙන්වලා දීලා අල්ලස් කොමිසමෙන් අපි ප්‍රශ්න කළා. ඇයි බිමල් රත්නායක ඇමතිතුමාව තවම ප්‍රශ්න කරන්නේ නැත්තේ? ඒ කියන්නේ අපේ පැමිණිල්ලේ කිසිම ප්‍රගතියක් නැහැ කියන එක නේද කියලා අපි අල්ලස් කොමිසමෙන් ඇහුවා. අල්ලස් කොමිසම 2026 මැයි 13 වෙනිදා ඒ ලිපියට ඉතාම කාර්යක්ෂම පිළිතුරක් එවනවා. හතරවෙනි දා යවපු ලිපියට 13 වෙනිදාම පිළිතුරක් යවලා කියනවා. නෑ නෑ අපේ විමර්ශන කටයුතු ඉදිරියට ඉතාම හොඳින් කරගෙන යනවා. ඔබේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා කියලා.
නමුත් මේ වනතුරුම අල්ලස් කොමිසමට බිමල් ඇමතිතුමා ගෙන්වලා ප්‍රශ්න කරලා නැහැ. අපි කොහොමද හරිම විශ්වාසයෙන් ඒක කියන්නේ? අපි දන්නවා අල්ලස් කොමිසමේ ප්‍රතිපත්තිය තමයි හිටපු මන්ත්‍රීවරයෙක්ව අල්ලස් කොමිසමට කැඳවීමක් කළත් ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා පුළුල් මාධ්‍ය ආවරණයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එතකොට හිටපු ඇමති කෙනෙකුටත් මාධ්‍ය ආවරණයක් ලබාගන්නවා නම් රටේ සභානායකවරයා අල්ලස් කොමිසමට කැඳවන අවස්ථාවේ එවැනි මාධ්‍ය ආවරණයක් ලබා නොගන්න හේතුවක් නැහැ. එහෙමනම් රටට හොරෙන් මාධ්‍ය වලට හොරෙන් බිමල් රත්නායක ඇමතිවරයාව අල්ලස් කොමිසමට කැඳවීමට කිසිම ඉඩක් නැහැ.
එතකොට ඇත්තෙන්ම අල්ලස් කොමිසම විපක්ෂයේ දේශපාලකයෙක්ට එරෙහිව පැමිණිල්ලක් ලැබුණම ඉතාම කාර්යක්ෂම විමර්ශනය සිද්ධ කරනවා විතරක් නෙවෙයි. ඒකට පුළුල් ප්‍රචාරයක් ලබා දෙනවා. විපක්ෂයේ දේශපාලකයන්ගේ අල්ලස් පිළිබඳ කාර්යක්ෂමව විමර්ශනය කිරීම ඉතාම හොඳ වැඩක්. හැබැයි විපක්ෂයේ දේශපාලකයාගේ ට එරෙහිව ලැබෙන පැමිණිල්ලට වඩා කාර්යක්ෂම විමර්ශනය කළ යුත්තේ ආණ්ඩුවේ දේශපාලකයට එරෙහිව ලැබෙන පැමිණිල්ලටයි. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් විපක්ෂයේ දේශපාලකයාට දැන් බලයක් නැති නිසා ඒ අයට තව තවත් මහජන දේපල විනාශ කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම විපක්ෂයේ දේශපාලකයාට සාක්ෂි විනාශ කරන්න බලයක් නැහැ. දැන් එයා ආණ්ඩුවට බලපෑමක් කළ හැකි තත්ත්වයක නැති නිසා. නමුත් රජයේ බලවත්ම තනතුරක් දරන අයෙක් දූෂණයකට සම්බන්ධයි නම් එයාට එරෙහිව පියවර නොගැනීමෙන් ඔහුට තව තවත් මහජන දේපල නාස්ති කරන්න නීතිය අවභාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු දරන තනතුරේ බලය නිසාම සාක්ෂි විනාශ කරන්න සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්න අවස්ථාව තිබෙනවා. ඔන්න ඔය නිසා තමයි ලෝකයේ පුරාම තිබෙන අල්ලස් විමර්ශන කරන කොමිෂන් සභා විපක්ෂයේ දේශපාලකයාට වඩා වැඩි අවධානයක් වැඩි බරක් ආණ්ඩුවේ දේශපාලකයාට යොමු කරන්නේ. නමුත් අවාසනාවට අපේ අල්ලස් කොමිසම ඒ ලෝකයේම පිළිගත්ත විශ්වීය මූලධර්මය අමතක කරලයි කටයුතු කරමින් ඉන්නේ.
දැන් අපි මේ මූලධර්මය පිළිබඳ පවා අපි අල්ලස් කොමිසමේ අවධානයට ලිඛිතව යොමු කරලා තිබෙනවා. එවැනි පසුබිමක මේ බහලුම් 323 නීති විරෝධීව නිදහස් කරලා වසර එකාමාරක් ගත වෙලා තියෙනවා. මාස 18ක් ගත වෙලා තිබියදී. අනිත් පැත්තෙන් මාව අල්ලස් කොමිසම කැඳවන්නේ නැත්තේ මා කිසි වරදක් නොකළ නිසාය කියලා උදාහරණ වාක්‍යයක් බිමල් රත්නායක ඇමතිතුමා කියලා මාස 6ක් ගත වී තිබියදීත් අල්ලස් කොමිසම තවමත් බිමල් රත්නායක ඇමතිතුමාව ප්‍රශ්න කරන්න පැකිලෙමින් සිටිනවා. ඒ නිසා අල්ලස් කොමිසමේ මහත්වරු බිමල් රත්නායක ඇමතිතුමාගේ ඇමතිකමට හරි වෙන මොකක් හරි පසුබිමකට හරි බයද කියලා තමයි අපිට අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්නේ.
Concerns Raised Over Alleged Inaction by Bribery Commission on Imports Scandal
Leading attorney and head of the Hela Urumaya party, Udaya Gammanpila, has voiced serious concerns regarding the apparent inaction of the Bribery Commission in investigating the controversial release of 323 imported containers alleged to have taken place without proper scrutiny in January 2025.
During a recent media briefing, he revealed that a complaint had been lodged with the Bribery Commission back in January regarding this matter. When progress seemed stagnant, the commission was summoned on July 17, 2025, to provide an update on their investigation. However, as of late, Gammanpila noted that there has been no advancement in the inquiry. This concern is echoed by Minister Bimal Ratnayake, who, speaking on the Derana 360 television program on January 19, 2026, stated that he had committed no wrongdoing in connection to the containers, emphasizing that if he had, the commission should have summoned him for questioning.
In light of Ratnayake's assertion, Gammanpila and his party have again urged the Bribery Commission's attention on May 4, 2026. They highlight a written statement from the Director General of Customs indicating that Ratnayake had indeed given instructions to release the containers on January 31, 2025. They question why the minister has yet to be interrogated by the commission despite these claims, implying that the lack of progress on their complaint is troubling.
The Bribery Commission responded on May 13, significantly expediting their reply to the concerns raised just days earlier. They reassured that investigations were proceeding effectively, dismissing the allegations as baseless.
Yet, Gammanpila points out that despite assurances from the commission, Minister Ratnayake has not been summoned for questioning. He questioned the integrity of the commission's process, noting a concerning discrepancy in how investigations into political figures from the government compared to those from the opposition are handled. There is a clear public interest in ensuring accountability, particularly when high-ranking officials are involved in alleged corruption, as they hold the power to impact public resources and potentially destroy evidence.
He further criticized the Bribery Commission for prioritizing swift investigations into complaints against opposition leaders while neglecting those against government officials, a practice that undermines the principles of justice and fairness. Gammanpila argued that public trust in the commission could only be restored if it applied the same scrutiny to government officials as it does to opposition members.
The controversy surrounding the release of the 323 containers raises questions not only about the integrity of the involved parties but also about the overarching aim of the Bribery Commission. With significant time having passed since the initial complaint, the public remains vigilant, awaiting accountability and clarity in this critical issue.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
