ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින දැඩි යුදමය නොසන්සුන්තාව හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ගණන් සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවක් මතුව ඇත.
විශේෂයෙන්ම ඉරානය විසින් බාබ් එල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගතහොත්, ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
මේ පිළිබඳව අදහස් දක්වන ලංකා මැරීන් සර්විසස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මධුර හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ, ගෝලීය වෙළඳපොළේ තෙල් මිල අඛණ්ඩව ඉහළ ගියහොත් එය මෙරට ඉන්ධන මිල කෙරෙහිද සෘජු බලපෑමක් එල්ල කරනු ඇති බවයි.
පසුගිය දින කිහිපය තුළ ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිලෙහි දැඩි උච්චාවචනයන් දක්නට ලැබුණු බවත්, පසුගිය 14 වනදා ඩොලර් 21කින් ඉහළ ගිය ඩීසල් බැරලයක මිල 15 වනදා වන විට නැවත ඩොලර් 7කින් පහළ ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. නිල දත්තවලට අනුව, මෙම වසරේ පළමු මාස 5 තුළ පමණක් ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7ක මුදලක් වැය කර ඇත. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 62ක දැවැන්ත ඉහළ යාමකි.
රතු මුහුද ආශ්‍රිතව හවුති සටන්කාමීන් එල්ල කරන ප්‍රහාර සහ ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඇති ඉඩකඩ පිළිබඳව අවධානය යොමු වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ.
ඉරානය සිය යුද ශක්තිය යොදා ගනිමින් ජාත්‍යන්තර නාවික ගමන් මාර්ග අවහිර කිරීමට උත්සාහ කළහොත්, එය ගෝලීය බලශක්ති සැපයුමට මෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකයට ද දැඩි තර්ජනයක් වනු ඇති බව විශ්ලේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.
Global Oil Prices Face Uncertainty Amid U.S.-Iran Tensions
Heightened military tensions between the United States and Iran have triggered significant uncertainty in global energy prices. Analysts warn that if Iran takes steps to close the Strait of Bab-el-Mandeb, the price of crude oil could soar to $200 per barrel in the world market.
Speaking on the matter, Madura Hettiarachchi, Managing Director of Lanka Marine Services, highlighted the direct impact that continuous hikes in global oil prices could have on local fuel costs in Sri Lanka.
He noted that there has been extreme volatility in fuel prices on the international market over the past few days, with the price of diesel, which rose by $21 on the 14th, plunging by $7 just a day later.
Currently, Sri Lanka's fuel import costs are rising sharply. Official data reveal that the country has spent a staggering $2.7 billion on fuel imports during the first five months of this year, marking a substantial increase of 62% compared to the same period last year.
Concerns surrounding attacks by regional militants in the Red Sea and the potential closure of the Strait of Hormuz by Iran have emerged as major factors contributing to these rising prices.
Analysts warn that if Iran employs its military capabilities to obstruct international shipping routes, it could pose a severe threat not only to global energy supply but also to the economies of countries like Sri Lanka.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

රෙද්දක් කියවන්ඩ එපා, ඩොලර් 200 ට යන් නෑ කීයටවත්. දැනුත් ඩොලර් 80 යි, මොන යුද්ධයක් ආවත් කීයටවත් උපරිම ඩොලර් 120 ට වඩා යන් නෑ, 120ත් වෙන්නේ අන්තිම භයානක යුද්ධයක් ආවොත් විතරයි, කලාපයේ රටවල් සේරම පැටලෙන. එහෙම වෙන් නෑ. ඒ වගේම තමයි ඇමරිකා එක්සත් ජනපදයේ තෙල් සංචිත වෙළඳපළට නිකුත් කරණවා අනවශ්‍ය විදියට තෙල් මිළ ඉහල ගියොත්, එවිට මිළ පාලනය වෙනවා. ඒ වගේම තමයි වෙනිසියුලන් තෙල් වෙළඳපලට ලැබෙනවා දෛනිකව, ඒකත් තව ඉදිරියේදී ප්‍රභල දායකත්වයක් දක්වන්න නියමිතයි තෙල් මිළ අඩු කර ගැනීමට.
ReplyDeleteThava Sahana iditiyata
Deleteපතිරණයා 2000න් පස්සේ ඉපදිච්ච එකෙක්. නැත්තන් ප්රවෘත්ති බලන්න පටන් අරන් තියෙන්නේ මීට අවුරුදු 2ක ඉඳන්. තොපේ මහ ගොන් හැත්ත ගෝඨාට විරුද්ධව අරගල කරනකොට බැරල් එක ඩොලර් 146යි. උඹ මේ ලෝකෙ නෙමේද හිටියේ? ඇමරිකාවෙ සංචිත අඩියටම හිඳිලා තියෙන්නේ. සංචිත වලින් තමයි මේ 120ට තියාගෙන හිටියෙ. වෙනිසියුලාවෙ තෙල් එදත් වෙලඳපොලට ආවා. අලුතෙන් වැඩි වෙලා නැහැ. ඒක වත් දන්නෙ නැද්ද
DeleteMe welawe Anura hitiye nathnam Kanchanayala Rajapakshala ehehema honda keli karanda athi.
ReplyDeleteආන්ඩුවට කරන්න තිබුන දේවල් කරේ නැහැ. ආපු ගමන් අදානිව සූර්ය බලාගාරේ හදන එකෙන් එලෙව්වා. ඒක නිසා චීනෙත් හම්බන්තොට පිරිපහදුව හදන එක කල් දැම්මා. වහල මත සූර්ය පද්ධති වලට ගෙවන එක අඩු කරලා මිනිස්සුන්ට සෝලාර් ගහන එක එපා කරා. සෝලාර් කොම්පැනි වැහිලා ගියා. වාහන ආනයනය කරද්දී කාර් අනිවාර්යෙන් විදුලි වාහන කරා නම් ඔය ඩොලර් බිලියන 2.7න් 50%ක් කෙලින්ම අඩු කර ගන්න තිබුනා. කොහෙද ඉතින් ඇවිල්ලම තිබුනේ ගල් අඟුරු වලින් කෝටි ගානක් ගහන්න ප්ලෑන් කරලා. හෙන හත ගහන්න ඕන ඡන්දෙ දීපු උන්ට.
ReplyDelete