ඇප නැතිව ණය 2000ක් දුන්නා..


 ජාතික ණය සුරැකුම් ආයතනය (National Credit Guarantee Institution) - NCGI සිය මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කරමින් කොළඹ HNB ටවර් හි 7 වන මහලේ ස්ථාපිත කරන ලද නව කාර්යාලය (07) නිල වශයෙන් විවෘත කළේය.

මෙම අවස්ථාවේ විශේෂත්වය වූයේ පසුගිය මාස 15ක කාලය තුළ නිකුත් කළ 2000 වැනි ඇපකර පත්‍රය සංකේතාත්මකව ප්‍රදානය කිරීමයි. එමඟින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත රුපියල් බිලියන 14කට අධික ණය පහසුකම් ලබා ගැනීමට මග සැලසී තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ මුදල් අමාත්‍යාංශයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ඇප නොමැති ව්‍යවසායකයන්ට මූල්‍ය ප්‍රවේශය පුළුල් කරමින් ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමයි. වසර අවසානය වන විට ප්‍රතිලාභීන් සංඛ්‍යාව 4000 දක්වා ඉහළ නැංවීමටත්, දේශීය ආර්ථිකයට ලැබෙන දායකත්වය තවදුරටත් වර්ධනය කිරීමටත් NCGI අපේක්ෂා කරයි.

ජාතික ණය සුරැකුම් ආයතනය 2025 ජනවාරි මාසයේදී ඌව පළාතේ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් සඳහා පළමු ණය සුරැකුම නිකුත් කරමින් සිය මෙහෙයුම් ආරම්භ කළ අතර මෙම වැඩසටහනේ වැඩිම ප්‍රතිලාභ හිමිව ඇත්තේ බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල ව්‍යවසායකයින්ටය. එසේම, කාන්තා හිමිකාරිත්වය සහිත ව්‍යාපාර සඳහා සමස්ත ණය ප්‍රමාණයෙන් 20%ක් වෙන් වී ඇති අතර, කෘෂිකර්මාන්තය, තොරතුරු තාක්ෂණය (IT), සංචාරක කර්මාන්තය සහ අපනයන වැනි ප්‍රමුඛතා අංශ සඳහා 24%ක දායකත්වයක් හිමි වී ඇත.

මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ, මෙරට මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා රජය ඉදිරියේදී සංවර්ධන බැංකුවක් (Development Bank) සහ ශක්තිමත් සමුපකාර බැංකු පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා

" ඒ දවස්වල මහජනතාව කිව්වා මේ වගේ දේවල් මේ වගේ රටවල් වල කරන්න බැහැ කියලා. ඉතින් ඒ අභියෝගය ඔයගොල්ලෝ සාර්ථකව විශ්වාසවන්තව අරගෙන තියෙනවා. රජයක් විදිහට අපි මූල්‍ය ක්ෂේත්‍රයේ ගැටලු කීපයක් අඳුනගෙන තියෙනවා. විශේෂයෙන්ම ව්‍යවසායකත්වයට උදව් වෙන මේ ඇප රහිත ණය ක්‍රමය. ඉතින් අපිට දැන් සතුටුයි. ඉදිරියට ඒ ණය ප්‍රමාණය වැඩි කරගෙන ප්‍රතිලාභීන් වැඩි කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉස්සරහට අපි හිතනවා මේක තවදුරත් ශක්තිමත් වෙලා තමන්ගේ සේවාවන් ඉදිරියට ශක්තිමත්ව කරගන්න හැකියාව ලැබෙයි කියලා" යැයි ප්‍රකාශ කළේය.

එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ව්‍යවසායකයන් මුහුණ දෙන හිමිකරු ප්‍රාග්ධන (Equity Financing) අභියෝග සඳහා තිරසාර විසඳුම් සෙවීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

පසුගිය වසරේ පෞද්ගලික බැංකු පද්ධතිය මඟින් රුපියල් ට්‍රිලියන 2.1ක ණය ප්‍රමාණයක් පෞද්ගලික අංශයට ලබා දී ඇති බව සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ව්‍යවසායකයන් සඳහා නව මූල්‍ය ක්‍රම හඳුන්වා දෙන ලෙස බැංකු සහ මූල්‍ය ආයතන වෙත ආරාධනා කළේය.

තවද, රටේ අපනයන ක්ෂේත්‍රය අභියෝග රැසක් මධ්‍යයේ වුවද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් ඉදිරියට යමින් පවතින බව සඳහන් කළ ඔහු, ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම හරහා දරිද්‍රතාවය තුරන් කිරීමට රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව අවධාරණය කළේය.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, NCGIL සභාපති සහ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සංජය මුදලිගේ මහතා,NCGIL ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ප්‍රනාන්දු මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් චමිලා කරුණාරත්න මහත්මිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ මූල්‍ය අංශ විශේෂඥ මනෝහාරි ගුණවර්ධන මහත්මිය, මෙරට බැංකුවල විධායක නිලධාරීන්, වාණිජ මණ්ඩලවල නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.





NCGI Inaugurates New Office to Enhance Credit Facilities for SMEs

The National Credit Guarantee Institution (NCGI) has officially opened a new office on the seventh floor of HNB Tower in Colombo, continuing its efforts to expand operations aimed at supporting small and medium enterprises (SMEs). This milestone follows the release of approximately 2,000 guarantees over the past 15 months, symbolizing a significant stride in providing crucial financial backing.

This initiative enables SMEs across the country to access more than Rs. 14 billion in loans, a critical lifeline for businesses seeking financial stability and growth. Funded in collaboration with the Asian Development Bank (ADB) and the Ministry of Finance, the program's primary goal is to enhance financing avenues for entrepreneurs without collateral, ultimately strengthening the entrepreneurial ecosystem.

NCGI expects that the number of beneficiaries will rise to 4,000 by the end of this year, further amplifying its contributions to the local economy. The institution aims to sustain its positive impact and foster the growth of small businesses in the nation, particularly in the Western, Southern, and Northern provinces, where the initiative has seen the most engagement.

The office opening also highlighted a commitment to promoting women-owned businesses, with 20% of the total loan amount specifically allocated to them. Priority sectors such as agriculture, information technology, tourism, and exports have secured a significant contribution of 24%, demonstrating a targeted approach in empowering diverse industries.

Chaturanga Abeysinghe, Deputy Minister of Industrial Development and Entrepreneurship, emphasized the government's plans to enhance the financial sector by establishing a Development Bank and a robust cooperative banking system. He acknowledged the previous challenges faced in promoting such pioneering financial solutions but affirmed that the current progress is a testament to the government's resilience in addressing these issues.

Abeysinghe noted the importance of this initiative, stating, “People used to say that such things cannot happen in our country. The government has recognized the challenges in the financial sector, especially in providing collateral-free loans tailored to support entrepreneurship. We are optimistic that by increasing the loan amount and number of beneficiaries, we will continue to strengthen our services in the future.”

Moreover, he highlighted that the government, in collaboration with the United Nations Development Program (UNDP) and ADB, is actively working on sustainable solutions to tackle existing issues in the microfinance sector and the equity financing challenges faced by entrepreneurs.

During the event, various dignitaries, including the Governor of the Central Bank, Dr. Nandalal Weerasinghe, NCGI Chairman and Deputy Secretary to the Treasury Sanjaya Mudalige, and NCGI CEO Jude Pranandu, along with numerous officials from local banks and business associations, participated, underlining the significant collective effort in driving Sri Lanka's economic recovery.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. Good move. Not everything done by twopence jeppas are bad.

    ReplyDelete
  2. ඇප නැතිව දුන්නද ආණ්ඩුව ඇප උනාද?

    ReplyDelete
    Replies
    1. Main Shareholder (90%) - Government of Sri Lanka

      Delete
  3. ඇප නැතිව ගෙදර යන්න ලෑස්ති වෙයව් හිගන බල්ලනේ.

    ReplyDelete
  4. pukada dunne hutto...apa nethuwa

    ReplyDelete
  5. රෙදි නැතුව කඩේ යන එවුන්ට වෙන්ට ඇති දෙන්ට ඇත්තේ, නැද්ද හා?

    ReplyDelete
  6. Can get more information from this website
    https://www.ncgil.lk/product.html

    People can borrow up to Rs. 25 million under this scheme.. it is actually a loan with no gurantee, but the gurantee comes from NCGIL by providing partial credit guarantees. Very interesting development for those who want to invest in Small Businesses. Worth trying if you have a good business idea.

    ReplyDelete
    Replies
    1. Main Shareholder (90%) - Government of Sri Lanka
      Provides Directions and Guidance through various Departments of Ministry of Finance, Planning and Economic Development.

      Ministry of Finance
      Other Shareholders (10%) - Local Financial Institutions
      Provide funding to the MSMEs under the NCGIL guarantee scheme.

      Delete
  7. ඇප නැතුව ණය දීලා ආපහු ගෙව්වේ නැත් නම් ඒ පාඩුව පියවන්න වෙන්නෙත් අපේ බදු මුදලින් බව මේ ගොන් හැතිකරයට තේරෙන්නෙ නැද්ද? කලොත් කරන්නෙ අමු ගොන් වැඩක්.

    ReplyDelete
  8. දැන් ඉතින් ඇප නැතුව ගෙදර යන්න ලැහැස්ති වෙයල්ලා

    ReplyDelete
Previous Post Next Post