මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු මියයාමත් සමඟ, එම සිද්ධියෙන් මියගිය සමස්ත සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබේ.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු මෙලෙස අද දින ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙම මරණ සංඛ්‍යාව වාර්තා වීමත් සමඟ මීගමුව බන්ධනාගාර සිදුවීම, මෙරට බන්ධනාගාර ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයක් ලෙස සැලකෙන 2012 වැලිකඩ බන්ධනාගාර සිදුවීම මියගිය සංඛ්‍යාව ට සමාන මට්ටමකට පැමිණ ඇත.
මෙම මරණ සංඛ්‍යාව සුවිශේෂී වන්නේ එය 2012 වසරේ නොවැම්බර් මස 09 සහ 10 යන දිනවල වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ සන්නද්ධ ගැටුමෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාවට (27) නිවැරදිවම සමාන වීම හේතුවෙනි. එදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මුල් කරගනිමින් ඇති වූ එම ගැටුම මෙරට බන්ධනාගාර ඉතිහාසයේ සනිටුහන් වූ දරුණුතම සිදුවීමක් ලෙස සැලකේ.
වසර 12කට පසු මීගමුව බන්ධනාගාරයෙන් ද එවැනිම මරණ සංඛ්‍යාවක් වාර්තා වීම පිළිබඳව බලධාරීන්ගේ සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ.
මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළව වැඩිදුර විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.
Death Toll Rises to 27 Following Meegamuwa Prison Clash
Tragedy continues to unfold in Meegamuwa, with a recent prison clash claiming yet another life. A detainee who was receiving treatment in the intensive care unit at the district hospital has succumbed to injuries, bringing the total number of fatalities related to the incident to 27.
According to police sources, the individual passed away today due to complications stemming from the earlier violence. This alarming increase in deaths draws immediate parallels to the notorious Welikada Prison riot in 2012, where 27 inmates lost their lives, marking it as one of the darkest events in Sri Lankan prison history.
Remarkably, this recent death toll reflects the same number of casualties recorded during the Welikada incident, which occurred over two days in November 2012. That riot began amidst a search operation, and it remains notorious as one of the most brutal episodes in the nation’s incarceration history.
With 12 years separating these two tragedies, authorities and human rights activists are closely monitoring the situation surrounding the Meegamuwa incident, expressing profound concerns regarding safety and accountability within the penal system.
Investigations into the Meegamuwa prison clash are ongoing, as officials seek to uncover the circumstances that led to this devastating outcome.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ආරියතිලක
ReplyDeleteමීගමුව බන්ධනාගාර සිද්ධිය ආණ්ඩුවේ tවරදින් වූ මහා මනුෂ්‍ය ඝාතනයක්…
“හර්ෂණට ආදිකරණ ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්නැයි කියයි.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුම්කාරී තත්ත්වයේ වගකීම රජය වෙනුවෙන් භාරගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබුණද, ඔහු වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් බලකර සිටිති.”
(උපුටා ගැනීම lanka c news වෙබ් පිටුවෙනි.)
1971 කැරැල්ලේ සිට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය විසින් දේශපාලනික වශයෙන් කරන ලද කිසිදු මිනී මැරුමක් සම්බන්ධයෙන් අද වන තෙක් කිසිදු ආකාරයක වගකීමක් ජනතා විමුක්ති පෙරමුණ ගෙන නැති දේශපාලන ව්‍යාපාරයකි. ජනතා විමුක්ති පෙරමුණ, ඒ වෙනුවට කළේ තම පක්ෂයේ දේශපාලන ප්‍රචන්ඩත්වය මුදා හළ මියගිය සාමාජිකයන් ඇතුලු, මිය ගිය සියලු සාමාජිකයන් "බක්මහ විරුවන්" ලෙස හා " ඉල්මහ විරුවන්" ලෙස නම් කර සැමැරුම් කිරීම ය. දේශද්‍රෝහී රාජද්‍රෝහී කම් කළ ත්‍රස්තවාදී ක්‍රියා කළ තම පක්ෂ සාමාජිකයන් විරුවන් වශයෙන් සැමරුම් කරන ජවිපෙ නායකත්වය දරණ ජනාධිපතිවරයා හා ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය ආණ්ඩුව මෙම ඝාතනවල වගකීම භාර ගනීවිය යයි විශ්වාස කළ හැකි ද?
ඒ සඳහා අමාත්‍ය ධූරයක් ද බිල්ලට දීමට ක්‍රියා කරාවි ද යන්න විශ්වාස නැත. ජවිපෙ විසින් එදා මෙදා තුර කරන ලද කිසිදු ඝාතනයක් පිළිගෙන නැත.
මීගමුව බන්ධනාගාර සිද්ධියේ නැති වූ ජීවිත වලට අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට, ජනතාවට වගකිව යුතු ය. මෙය ආණ්ඩුවේ වරදින් වූ මහා මනුෂ්‍ය ඝාතනයකි. නිසි ආරක්ෂාව නො සැලසීම සම්බන්ධව වගකිවයුතු සියලු දෙනාට ම විෂය භාර ඇතුලු සියලු දෙනාට ම අධිකරණයේ නඩු පවරා යුත්තිය සාධාරණය ඉටු කළ යුතු ය. අන්තර් ජාතික අපරාධ අධිකරණයේ අපරාධ චෝදනා යටතේ නඩු පැවැරීමට ක්‍රියා කිරීමට ඇවැසි නීතිමය ප්‍රතිපාදන සලකා බැලිය යුතු ය.
ජවිපෙ රාජද්‍රෝහී, දේශද්‍රෝහි, ත්‍රස්තවාදී ක්‍රියා කළ සංවිධානයක් බව බටලන්ද කොමිෂන් සභා වාර්තාව පැහැදිලිව කියා ඇත. ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව එම වාර්තාව කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් හා පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් පිළිගෙන ඇත්තේ ය.
කොමියුනිස්වාදීන් මනුෂ්‍ය ජීවිතවල හා දේපොළවල වටිනා කම දකින්නේ කොමියුනිස්ට්වාදට සාපේක්ෂකව පමණ ය. කොමියුනිස්ට්වාදීන් අන්‍ය මනුෂ්‍යයන්ගේ ලේ වල වටිනා කම්, කොමියුනිස්ට්වාදී නො වන අය මත නො දකින බව ලෝකයේ කොමියුනිස්ට් ව්‍යාපාරය විසින් ඔප්පු කොට ඇත්තේ ය. එවැනි තත්වයක් මත මේ මනුෂ්‍ය ඝාතන ගැන ආණ්ඩුවේ ස්ථාවරය අපි බලා සිටින්නෙමු.
මහ ලොකු සදාචාරය වගකීම ගැන කියවන ජෙප්පො ඉල්ලා අස් වෙන්නෙ නම් නෑ. මළ පෙරේතයො වගේ තනතුරු බදාගෙන ඉන්නව.
ReplyDeleteYes තනිකර රට කන්න ආපු මල පෙරේතයො.
Deleteමේකෙන් පෙන්නුම් කරන්නේ 2027 දී ආණ්ඩුව වැටෙනවා කියා. ඒ කියන්නේ සජිත් හෝ නාමල් ජනාධිපති වෙනවා කියන එක නොවෙයි.
Deleteලප ශාපය රටට හෙනයක්.
ReplyDeleteRECORDS DAY BY DAY
ReplyDeleteඑදා එහෙම උනාට අද එහෙම නෑ… ගැටුම පාතාල පාතල කල්ලි අතර ගැටුමක්. බන්දනාගාරයේ ආරක්සාවට කිසිම ගැටලුවක නෑ…. 😂😂😂😂
ReplyDeleteඇතුලෙ අයිස් බිස්නස් එකේ පොඩි ප්‍රස්නෙකට මරාගෙන තියෙන්නෙ …. ඒවට විරුද්ද නිලදාරි ටික මැරුවා… විරුද්ද වුන අනිත සෙට් එක නුවරට මාරු කලා… සරලයි… දැන මීගමුවෙ මොකුත් ගැටලු නෑ😂😂😂 ආදරෙයි AKD❤️❤️❤️