ඩීසල් 45%කින්, පෙට‍්‍රල් 30%කින් මිල ගිහින්.. තීරණයක් ගන්න ජනපති හමුවෙනවා..- සිපෙට්කෝ සභාපති


 ලෝක තෙල් වෙළඳපොළේ ඇති වී තිබෙන අස්ථාවරත්වය සහ ඉන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් හදිසි හමුවක් ඉල්ලා ඇත.

ලෝක වෙළඳපොළේ පවතින මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට අයහපත් බව පවසන ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පවතින අයහපත් ප්‍රවණතාව පිළිබඳව මහජනතාව දැනුවත් විය යුතු බව අවධාරණය කර තිබේ.

මේ මස ආරම්භයේ පැවති මිල ගණන් හා සසඳන විට ඩීසල් මිල සියයට 45 කින් සහ පෙට්‍රල් මිල සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇති බවත්, බොරතෙල් මිල ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ඔහු පෙන්වා දෙයි. සම්පූර්ණයෙන්ම ඉන්ධන ආනයනය මත යැපෙන ශ්‍රී ලංකාව වැනි රටකට මෙම තත්ත්වය දරා ගැනීම  දුෂ්කර වනු ඇත.

"අපි ජනාධිපතිවරයා සමඟ හමුවක් ඉල්ලා තිබෙන්නේ පවතින තත්ත්වය පාලනය කිරීමට ගත යුතු නව ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමටයි. දැනට පවතින තත්ත්වය අනුව ඉන්ධන පරිභෝජනය සීමා කිරීම අත්‍යවශ්‍ය වී තිබෙනවා," යැයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මීට අමතරව, පවතින වියළි කාලගුණය නිසා ජල විදුලි උත්පාදන ධාරිතාව පහත වැටී ඇති අතර, එමඟින් විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ඉල්ලුම තවදුරටත් ඉහළ ගොස් ඇති බව රාජකරුණා මහතා පවසයි.

ප්‍රමාණවත් පරිදි ජල විදුලිය නිපදවීමට නොහැකි වීම නිසා විදුලිය ලබා දීම සඳහා සංස්ථාව සතු ඉන්ධන තොග වැඩි වශයෙන් මුදා හැරීමට සිදුවීම තවත් බරපතළ අභියෝගයක් බව ඔහු පෙන්වා දී තිබේ.





Sri Lanka's Oil Authority Seeks Urgent Meeting with President Amid Global Oil Market Volatility

The Ceylon Petroleum Corporation has called for an urgent meeting with President Anura Kumara Dissanayake to discuss the implications of the ongoing volatility in the global oil market on Sri Lanka.

D.J. Rajakaruna, Chairman of the Corporation, expressed concerns about the adverse effects of the current market conditions, emphasizing the need to raise public awareness regarding the troubling trends. He noted that diesel prices have surged by 45% and petrol costs have increased by 30% compared to earlier this month. The prices of crude oil are also expected to rise rapidly, complicating matters for a country like Sri Lanka that heavily relies on fuel imports.

"We have requested a meeting with the President to discuss new measures necessary for managing the prevailing situation. It has become essential to impose restrictions on fuel consumption based on the current outlook," Rajakaruna stated.

Additionally, he pointed out that the ongoing dry weather has significantly reduced hydropower generation capacity, further escalating the demand for fuel needed for electricity production.

The inability to generate adequate hydropower presents another significant challenge, necessitating the release of substantial fuel reserves held by the Corporation to ensure electricity supply, he added.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. ගල් අගුරු කකා වතුර බීබී අපි ගෙවන්න ම්

    ReplyDelete
    Replies
    1. Man hithuwe uba kanne Asuchi kiyala...Ubalata wena ewa huru nathuwa athi neda?

      Delete
    2. ඔන්න ඕකනෙ බැරි... අපිට ඌයියා වෙනවා ගල් අගුරු කිව්වාම. අපි කොහොමද මෙවා හෝදන්නෙ ... අසූචි නම් අපි දෙන්නම් ඔනා තරම් , මොකද අපීට අසුචී නිත්රම යනවා දැන් දැන්, ඒකනේ අපී දම්ම්ලා ගස්සන්නෙ

      Delete
  2. වසල හැත්ත.

    ReplyDelete
  3. Kalin wathawe indana mila loka weladapole seegrayen adu wunath eka eka baila gahala, adu nokara inna vivida hethu kiyala yantham Rs. 20 k adu kara. eka nisa dan mokatada ayeth wadi karanne. api thawamath gewanne loka weladapole wadi ganata thibuna kale gewapu thel milata samana ganak. Me modaya hithagena innawada danne naha minissunta mewa mathaka naha kiyala.

    ReplyDelete
  4. ඩීසල් ලීටරය රුපියල් 600 වෙනවා. පෙට්‍රල් ලීටරය 650 වෙනවා.

    ReplyDelete
  5. අයීයෝ ඊයේ කතරගමට එද්දි එක ම්ලක් යද්දි එකමිලක්, හැමxxxx ne ithin,

    ගූ කාපියවු දැන්

    ReplyDelete
  6. පාහර, ත්‍රස්තවාදී, ජෙප්පන්ව ගහලා එලවන්න කාලය හරි 😡🤮

    ReplyDelete
Previous Post Next Post