නොරොච්චෝල බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් පසුගිය මාස හතරක කාලය තුළ රුපියල් බිලියන 4.5කට අධික අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේදී අනාවරණය විය.
ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය හේතුවෙන් නොරොච්චෝල බලාගාරයට ජාතික විදුලි බල පද්ධතියට අවශ්‍ය පූර්ණ ධාරිතාව සැපයීමට නොහැකි වී ඇති බවයි.
මෙමඟින් ඇති වූ විදුලි හිඟය පියවා ගැනීම සඳහා කෙරවලපිටිය සොබාදනවි ඩීසල් බලාගාරයෙන් විදුලිය ලබා ගැනීමට සිදු වූ බවත්, ඒ සඳහා මෙම දැවැන්ත අමතර පිරිවැය දැරීමට සිදු වූ බවත් එහිදී හෙළි විය.
ගල් අඟුරු ආනයනය කිරීමේදී අනුගමනය කර ඇති මුදල් ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳවද මෙහිදී දැඩි ලෙස ප්‍රශ්න කෙරිණි. විදුලි ජනන පුද්ගලික සමාගමේ සභාපති මහාචාර්ය සාලිය ජයසේකර මහතා කොමිසම හමුවේ කියා සිටියේ, ගල් අඟුරු තොග මෙරටට පැමිණ ප්‍රමිතිය පරීක්ෂා කිරීමටත් පෙර, පැටවුම් වරායේ රසායනාගාර වාර්තා මත පදනම්ව අදාළ සමාගමට මුළු මුදලින් 80%ක්ම ගෙවා ඇති බවයි. මෙරට රසායනාගාර වාර්තා මත පදනම්ව ගෙවීමට එකඟ වී ඇත්තේ ඉතිරි 20%ක මුදල පමණි.
පැටවුම් වරායේ රසායනාගාර වාර්තා සහ මෙරටදී සිදු කරන ලද පරීක්ෂණ වාර්තා අතර පැහැදිලි පරස්පරතාවක් පවතින බවද මෙහිදී අනාවරණය විය.
කෙසේ වෙතත්, බියුරෝ වෙරිටාස් නැමති ජාත්‍යන්තර තත්ත්ව පරීක්ෂණ ආයතනය මඟින් ලබා දුන් වාර්තාවල සඳහන් ගල් අඟුරු ප්‍රමිතිය, නොරොච්චෝල බලාගාරය මඟින් සිදු කළ දේශීය පරීක්ෂණ වාර්තාවලට සමාන වන බව කොමිසමේදී වැඩිදුරටත් තහවුරු විය.
මෙම කරුණු අනුව, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු මෙරටට ගෙන්වීම හරහා රජයට සහ මහජනතාවට දැවැන්ත මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බව නිරීක්ෂණය වේ.
Coal Quality Issues Lead to Significant Financial Losses for Norochcholai Power Plant
The Norochcholai power plant has incurred over 4.5 billion rupees in additional costs over the past four months due to the import of substandard coal, as revealed during a recent session of the Presidential Commission investigating coal transactions.
Submitting evidence at the commission, the Director of the National System Control Centre highlighted that the use of low-quality coal has hindered the Norochcholai power plant's ability to deliver the full generation capacity required by the national electricity grid.
This shortage in electricity generation forced reliance on the Kerawalapitiya diesel power plant, leading to substantial additional expenses, further disclosed at the hearing.
Concerns were also raised regarding the payment methods adopted during the coal importation process. Professor Saliya Jayasekara, Chairman of the private electricity generation company, informed the commission that the firm had paid a staggering 80% of the total amount before the coal shipments arrived in the country, relying solely on laboratory reports from the Port of Wellawatte for the deal. Payments for the remaining 20% were agreed upon based on local laboratory assessments.
Recent discoveries indicated significant discrepancies between the laboratory reports from the Port of Wellawatte and local testing conducted within the country.
Moreover, findings from international quality assessment organization, Bureau Veritas, confirmed that the coal standards reported are consistent with the local assessment carried out by the Norochcholai plant.
Given these insights, it becomes evident that the importation of substandard coal has resulted in substantial financial losses for both the government and the public.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
