විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 සිට 70 දක්වා වූ කාලය යනු ඔවුන්ගේ වෘත්තීය දැනුම සහ අත්දැකීම් මැනවින් මුහුකුරා ගිය පරිණතම අවධිය බව අධිකරණ, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ස්වාධීන රූපවාහිනියේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති වුවද, ඒ පිළිබඳව විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ඔහු පැවසීය.
ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් විශ්‍රාම යන වයස ඉතා අඩු මට්ටමක පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දකුණු අප්‍රිකාවේ එම වයස අවුරුදු 70ක් ද, එංගලන්තයේ අවුරුදු 75ක් ද වන බව සිහිපත් කළේය.
"අවුරුදු 60 කියන්නේ නඩු අසා හොඳින් පළපුරුද්දක් ලබා ඇති වයසක්. එවැනි වයසකදී ඔවුන් විශ්‍රාම ගැන්වීමෙන් පසු ඔවුන්ගේ සේවය පුද්ගලික අංශයට හිමිවන අතර රජයට සිදුවන්නේ ඔවුන්ට විශ්‍රාම වැටුප් ගෙවීමටයි. මෙය රටට සිදුවන පාඩුවක්" යැයි ඔහු පැවසීය.
මෙම සංශෝධනය හුදෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අභියාචනාධිකරණයට පමණක් සීමා වූවක් නොව, සමස්ත අධිකරණ පද්ධතියටම සාධාරණ වන පරිදි ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව ද ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) මේ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ගෙන ඇති තීරණය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, එම සංගමය ස්වාධීන ආයතනයක් බැවින් ඔවුන්ට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට අයිතිය පවතින බවයි. කෙසේ වෙතත්, විශ්‍රාම වයස දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වන බවට එල්ල වන චෝදනා තර්කානුකූල නොවන බව ඔහුගේ අදහසයි.
"අපි එක් විනිසුරුවරයෙකුගේ වයස පමණක් වැඩි කිරීමට උත්සාහ කරන්නේ නැහැ. අපි කරන්නේ සමස්ත පද්ධතියේම වයස් සීමාව විද්‍යාත්මක පදනමක් මත සංශෝධනය කිරීමයි. එවිට කාටවත් අසාධාරණයක් සිදුවන්නේ නැහැ" යනුවෙන් හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වර්තමානයේ පවතින සෞඛ්‍ය තත්ත්වයන් සහ ආයු අපේක්ෂාව ඉහළ යාම ද සැලකිල්ලට ගනිමින්, පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් රටට ලබා ගැනීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එහෙම වුණොත් ආපහු රනිල් ට බලේ දෙන්ඩ වෙනවා, දැන් ඉන්න හාදයා පරිණත මදි.
ReplyDeleteකොළඹ කෞතුකාගාරයේ බලය දෙමු කෝ. එතුමට ඒකට වෙලා ඉන්ඩ තියෙන්නේ හැමදාම ඉන්ඩ පුළුවන් තව අවුරුදු 2000 කින් 3000 කින් මිනිස්සු කැණීම් කරලා බලද්දිත් එතුමා කෞතුකාගාරයේ අධිපති. කෞතුකාගාරය සිරිකොතට ගෙනිහින් දෙන්නම් කෝ ඕන්නම්, එක්කො සිරිකොත කෞතුකාගාරයට ගෙනාවත් කමක් නෑ, කොහොමද හොඳ?
Deleteදෙවිදියෙන් ඕනෑ එකක් හොඳයි, හැබැයි කොයි විදිය කලත් පච කොටා ගෙනත් තියන්ඩ ඕනෑ ගේට්ටුව ගාවා වාමන රූපෙකට. නැත්නම් කලාත්මක මදි.
Deletepathirana dobiya
Deleteදිව හැරෙන හැරෙන පැත්තට නන් දොඩවනවා
ගලක් කපති ගොන් වාහෙ, උඹ වගේ මෝඩයෙක් මෝඩ මූසලයෙක්.
Deleteකාළකණ්නි ටිකකට රට භාර දිලා දිව හැරෙන හැරෙන පැත්තට නන් දොඩවනවා. නාකි නාකි කියලා මැරෙන්න හදපු මුන් තව නාකි මයිනො ටිකක් ෆොම් කරනවා.
ReplyDeleteකැරට් අලෙ බලෙ. තව ටික දොහකින්.බලාපල්ලා.
ReplyDeleteamu gobbaya muu
ReplyDeleteමූ පතනෙ එළුවෙක්නේ....සුමානෙකට සැරයක් මෝඩ කතාවක් කරනවා...මූ ඉස්කෝලේ යන කාලෙදිත් ඔහොමමයි
ReplyDeletewattakkayage massinanane
Deletepodi JVP set eka enakan KALMARANNA ONANE
ReplyDelete