පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කලේය.
කථානායකතුමාගේ අනග රැඟුම් සහ දූෂණ පිළිබඳ මාධ්‍යවලින් වාර්තා කළාම, තමන්ගේ රහස්‍ය තොරතුරු මාධ්‍යවලට හෙළිදරව් වුණේ කොහොමද කියලා බලන්න විමර්ශනයක් සිදු කරන්නැයි පාර්ලිමේන්තුවේ කථානායකතුමා මහලේකම්තුමියට නියෝගයක් ලබා දුන්නා. ඒ නියෝගයට පින්සිදු වෙන්න, කථානායකතුමාට එරෙහිව මාධ්‍ය කරපු චෝදනාවලට සාක්ෂි අද අපි අතට ලැබිලා තිබෙනවා.
මේ විමර්ශන වාර්තාව නම් කරලා තිබෙන්නේ "කථානායකවරයා පිළිබඳ රහස්‍ය තොරතුරු මාධ්‍යයට හෙළිදරව් වීම පිළිබඳ විමර්ශනයේ වාර්තාව" ලෙසයි. මොකක්ද මේ හෙළිදරව් වෙලා තියෙන්නේ? කථානායක පිළිබඳ රහස්‍ය තොරතුරු මිස අසත්‍ය තොරතුරු එහෙම නෙවෙයි. ඒ නිසා කථානායකතුමා මේ විමර්ශනය සිදු කිරීම හරහාම පිළිඅරගෙන තියෙනවා තමන් ගැන මාධ්‍ය වාර්තා කළේ බොරුවක් නෙවෙයි, ඇත්තක් කියන එකයි. "මම රහසේ සඟවාගෙන ඉන්න තොරතුරු කවුද යකෝ මාධ්‍යවලට දුන්නේ කියලා හොයා බලපල්ලා" කියලා තමයි මහලේකම්තුමියට කථානායකතුමා නියෝග කරලා තිබෙන්නේ.
ඇත්තෙන්ම එතුමා විසින්ම සකස් කරපු මේ වාර්තාවෙන් සිද්ධ වෙලා තියෙන්නේ, එතුමාට එරෙහිව මාධ්‍ය හරහා නැගූ චෝදනා සත්‍ය බවට සාක්ෂි සහිතව තහවුරු වීම පමණමයි.
දැන් ඉතින් කථානායකතුමනි, අපි මේ ගැන මුලින් කතා කළාම මාධ්‍ය හරහා ඔබතුමා කවුද මේ රහස්‍ය තොරතුරු මාධ්‍යවලට හෙළිදරව් කළේ කියලා හොයන්න විමර්ශනයක් කරන්න තීරණය කළා. එහි ප්‍රතිඵලය වුණේ ඔබතුමාට එරෙහිව නැගූ සෑම චෝදනාවක්ම සත්‍යයක් බවට සාක්ෂි සහිතව තහවුරු වීම පමණයි. දැන් ඉතින් මේ වාර්තාව මට ලැබුණේ කොහොමද කියලා හොයන්න තවත් විමර්ශනයක් පටන් ගන්න එපා. ඒ විමර්ශනය පටන් ගත්තොත්, මාලිමාවයි ජවිපෙයි අතර තිබෙන විරසකය නයි පොළොං ගැටුමක් බවට පරිවර්තනය වීමේ අවදානමක් තිබෙනවා.
2025 අගෝස්තු මාසේ මේ වාර්තාව සකස් කළාම, මේ වාර්තාවේ පිටපතක් තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ මට ලබා දෙන්න කියලා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියාගෙන් මම ඉල්ලීමක් කළා. එතකොට තොරතුරු නිලධාරියා දැනුම් දුන්නේ, "කථානායකතුමාගේ උපදෙස් මත එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමි" කියලයි. එහෙම කථානායකට තොරතුරු නිලධාරියා දෙන තොරතුරු දෙන්න එපා කියන්න කිසිම බලයක් නැති නිසා, ඒ තීරණයට එරෙහිව මම නම් කළ නිලධාරියාට අභියාචනයක් කළා. මෙන්න බොලේ නම් කළ නිලධාරියත් එවනවා "කථානායකතුමාගේ උපදෙස් පරිදි වාර්තාව ලබා දීම ප්‍රතික්ෂේප කරමි" කියලා. මම ඒ පාර ඒ තීරණයට එරෙහිව තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළා.
ඒ අභියාචනා විමර්ශනය ඇදී ඇදී යද්දී, මා ගැන අනුකම්පා කළ මීයෙක් කථානායකතුමාගේ ලාච්චුව ඇතුළට රිංගලා මේක අරගෙන. කථානායකතුමා මේක වෙන කාටවත් දෙන්නේ නැතුව කථානායකතුමාගේ ලාච්චුවක දාලා අඟුලු දාලා යතුර එතුමා ගාව තියන් ඉන්නේ, හදිස්සියටවත් පීයන් කෙනෙකුටවත් දෙන්නේ නෑ එහෙව් වාර්තාවේ පිටපත මට සුපුරුදු පරිදි තැපෑලෙන් ඇවිල්ලා තියෙනවා.
මට තැපෑලෙන් රහස් වාර්තා පැමිණීම අද ප්‍රවෘත්තියක් නෙවෙයි. ඔබට මතක ඇති ඒ.එන්.ජේ. අල්විස් පාස්කු වාර්තාව, ඉමාම් පාස්කු වාර්තාව, ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් තුනක්, බහලුම් 323 විස්තර යනාදී සියල්ල මට ඔය ආකාරයෙන්ම නිර්නාමිකව තැපෑලෙන් ආවා. අදටත් මම දන්නේ නෑ මට මේ තොරතුරු එවන මේ මීයා කවුද කියලා. හැබැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටිය මීයා, පාර්ලිමේන්තුවේ ඉන්න තම හිතවත් මීයෙකුත් යාළු කරගෙන මට උදව් කළ යුතුයි කියන ස්ථාවරයට පැමිණ ඇති බව නම් පැහැදිලියි.
මෙම විමර්ශන වාර්තාවෙන් කථානායකවරයාට එරෙහිව දූෂණ චෝදනා දහයක් (10) සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා.
පළමු චෝදනාව: කථානායක නිල නිවස මහජන මුදලින් නඩත්තු කරමින් තිබියදී, ලෝරිස් පාරේ තවත් රජයේ නිල නිවසක් කථානායකවරයාගේ පාවිච්චියට යොදා ගනිමින් මහජන මුදල් අවභාවිතා කිරීම. කථානායකවරයාට තමන් කැමති නිල නිවසකට නතර වෙන්න බැහැ. මේ රටේ නිල තුනකට විතරක් නිල නිවාස කුමක්ද කියා ආයතන සංග්‍රහයේ උපලේඛනගත කරලා තියෙනවා. ඒ තමයි ජනාධිපති නිල නිවස, අගමැති නිල නිවස සහ කථානායක නිල නිවස. ඒ වෙන් කරලා තියෙන නිල නිවස හැර වෙනත් නිල නිවසක් පාවිච්චි කරන්න කථානායකවරයාට බැහැ. මේ වාර්තාවේ සියලුම ලිපි ලේඛන තියෙනවා. නිවසේ අංකය සදාචාරාත්මක සහ ආරක්ෂ හේතු මත මම හෙළි කරන්නේ නෑ. නැතිනම් අපේ තරුණ දුවලා පුතාලා ඔය ගෙදරින් එළියට පලයව් කියලා උද්ඝෝෂනය කරන්න පුලුවන්. මහජන මුදලින් තමන්ට එක් නිවසක් වෙන් කළ නඩත්තු කරමින් තිබියදී, තවත් රජයේ නිල නිවසක් ලබා ගැනීම සෘජුවම පොදු දේපළ අවභාවිතාවක්.
දෙවන චෝදනාව: තමන් කථානායක නිල නිවසේ පදිංචිව නොසිටියදී, තමන්ට පත් කර ගැනීමට හැකි අට දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් පත් කර මාසිකව රුපියල් 760,000ක වැටුප් මහජන මුදලින් ගෙවීම. සෑම කථානායකවරයෙකුටම තමන් පදිංචි ගේ ඇතුළේ ඉන්න සේවකයන් විදිහට රජයේ සේවකයන් ගන්න එක කටයුතුවලට බාධාවක් නිසා තමන් කැමති අට දෙනෙක් ගෙදර කටයුතුවලට බඳවා ගන්න පුළුවන්. ගෙදර පදිංචි නැහැ, හැබැයි අට දෙනා බඳවලා තියාගෙන ඉන්නවා. මේ අයට මාසිකව රුපියල් 760,000ක අවම වැටුපක් ලැබෙනවා. ඒ අයගෙන් කිසිම සේවයක් ලබා ගන්නේ නැතුව මාලිමාවේ හැච්චෝ බැච්චන්ට කීයක් හරි අතට දෙන්න ඕන නිසා තමයි මේ පිරිස පත් කරලා මාසිකව රුපියල් 760,000 ගානේ මේ වෙනකොට මිලියන ගණනක් ඔවුන්ට ගෙවා තිබෙන්නේ.
තුන්වන චෝදනාව: විශ්‍රාමික වයස ඉක්මවා ගිය, රාජකාරි ඉටු කිරීමේ හැකියාව නොමැති සේවකයන් දෙදෙනෙක් තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පත් කර ගැනීම. කාමර සහායක නැත්නම් Room Boy කියන තනතුරට පත් කරගෙන තියෙන්නේ අවුරුදු 73ක පුද්ගලයෙක්. එතුමාට Room Boy නෙවෙයි කියන්න ඕනේ Room Grandpa කියලා. ඒ වගේම එළියේ උද්‍යානය බර වැඩ කරන්න තියෙන උද්‍යාන අධීක්ෂක තනතුරට පත් කරන් තියෙන්නේ අවුරුදු 68ක පුද්ගලයෙක්. මේ කීයක් හරි අතට දෙන්න කරපු පත්වීම් මිස වැඩ කරවා ගැනීමට කරපු පත්වීම් නෙවෙයි. බොහෝවිට 1971 රාජ්‍ය විරෝදී ජවිපේ කැරැල්ලට සහභාගී වීමට කළගුණ සලකන්න මේ සීයල දෙන්නට පත්වීම් ලබා දුන්නා වෙන්න පුළුවන්.
හතරවන චෝදනාව: කැබිනට් මණ්ඩලයේ අවසරයකින් තොරව කථානායක නිල නිවස පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට තීරණය කිරීම. මේක තීරණයක් පමණයි, කරලා නෑ. කථානායකතුමා නිල නිවස තිබියදී තවත් නිල නිවසක් අරගෙන තිබෙනවාය කියන එක මාධ්‍යවලින් හෙළිදරව් වුණාට පස්සේ, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක සභාව කැඳවලා, එතනදී තීරණයක් ගන්නවා කථානායක නිල නිවස පර්යේෂණ මධ්‍යස්ථානයක් කරන්න. හැබැයි කථානායක නිල නිවස විදිහට මේ නිවස වෙන් කරලා තියෙන්නේ ආයතන සංග්‍රහයේ උපලේඛනගත නිවසක් විදිහට. එහෙම නම් මේ නිවස වෙනත් වැඩකට භාවිතා කරනවා නම් ආයතන සංග්‍රහය සංශෝධනය කරන්න ඕනේ. ඒවැනි සංශෝධනයක් කිරීමට හැක්කේ අමාත්‍ය මණ්ඩල තීන්දුවකින් පමණයි. එවැනි තීන්දුවක් අරගන්නේ නැතුව මේ පර්යේෂණ මධ්‍යස්ථානයක් කිරීමට ගත් තීරණයම නීති විරෝධී තීරණයක්.
පස්වන චෝදනාව: තමන්ගේ පෞද්ගලික ලේකම්වරයාට තමන්ගේ නිල නිවස ආසන්නයෙන්ම ලෝරිස් මාවතේ රජයේ නිල නිවසක් වෙන් කර ගැනීම. ඇත්තෙන්ම පෞද්ගලික ලේකම්වරුන්ට, කථානායකවරයාගේ වේවා, ඇමතිවරයෙක්ගේ වේවා නිල නිවාසකට හිමිකම් ලබන්නේ නෑ. රජයේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට, අතිරේක ලේකම්වරුන්ට කොළඹ රාජකාරි කිරීමේදී නැවතීමට තිබෙන නිල නිවසක්, රජයේ නීති රීති සියල්ල බල්ලට දාලා කථානායකවරයා තම සමීපතයාවන පෞද්ගලික ලේකම්වරයාට වෙන් කර ගන්නවා. අපි නිල නිවාස එකක්වත් වෙන් කරගන්නේ නෑ කියලා බලයට ආපු කථානායකතුමන්ලා තමන්ට නිල නිවාස දෙකයි, පෞද්ගලික ලේකම්ට නිල නිවාසයයි වශයෙන් නිල නිවාස දැන් ඔන්න තුනක්ම වෙන් කරගෙන හමාරයි.
හයවන චෝදනාව: කථානායක නිල නිවසේ උපලේඛනගත භාණ්ඩ නිවසින් බැහැරව භාවිතා කිරීමට කටයුතු කිරීම. කථානායක නිල නිවස සම්පූර්ණයෙන්ම නඩත්තු වෙන්නේ මහජන මුදලින්. එතන පාවිච්චි කරන ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා යනාදිය හෝදන වියදම, ලොන්ඩරි ගාස්තුව දරන්නේ මහජන මුදලින්. හැබැයි දැන් කථානායකතුමා ඉන්නේ නිල නිවසේ නෙවෙයිනේ. එතුමා මොකද කරන්නේ, අතන තියෙන කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තුවා යනාදිය තමන් ඉන්න ගෙදරට ගිහිල්ලා භාවිතා කරලා, කිලිටි වුණාම ගෙනල්ලා දානවා නිල නිවසට. දාලා එතන තියෙන අලුත් බඩු සෙට් එකක් අරගෙන යනවා. එතකොට අරවා මහජන මුදලින් ලොන්ඩරියට දාලා හෝදා ගැනීමට ලැබෙනවා. තුට්ටු දෙකේ වැඩ කරලා තියෙන්නේ! හිඟන්නොවත් මෙහෙම මහජන මුදල් අපහරණය කරන්නේ නෑ.
හත්වන චෝදනාව: පාර්ලිමේන්තුවේ සම්මත ක්‍රියාපටිපාටියෙන් බැහැරව තමන්ගේ නිල නිවසේ වායු සමීකරණය කැඩුණම ඒක අලුත්වැඩියා කරගන්න පාර්ලිමේන්තුවේ නිලධාරීන් යොදා ගැනීම. මේ පිළිබඳ වාර්තාවේ හතරවන පිටුවේ පාර්ලිමේන්තු මහලේකම්තුමිය සඳහන් කරනවා "මේ සම්මත පටිපාටියෙන් බැහැරව මේ සිදුවුණත්, මේ සිදුවීම මේ දක්වා මාධ්‍ය විසින් වාර්තා කර නොමැති බවද නිරීක්ෂණය කරමි" කියලා. ඔන්න දැන් ඒකත් හරි, අද මාධ්‍යවලට පුළුවන් ඒකත් වාර්තා කරලා ඒ අඩුපාඩුවත් සම්පූර්ණ කරන්න.
අටවන චෝදනාව: කථානායකවරයාගේ නැති මාධ්‍ය අංශයකට NC 49 23 අංකය දරන වෑන් රථය පාර්ලිමේන්තුවේ වාහන ඇණියෙන් වෙන් කර ගැනීම. කථානායකවරයාට මාධ්‍ය අංශය කියලා වෙනම අංශයක් නෑ, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ සේවය ලබාගත යුතුයි. නැති මාධ්‍ය අංශයකට තමයි පාර්ලිමේන්තුවේ වෑන් රථයක් කථානායකවරයා වෙන් කරගෙන තිබෙන්නේ. වෙනම මාධ්‍ය අංශ තියෙන්නේ ජනපතිට සහ අගමැතිට පමණයි.
නවවන චෝදනාව: අර නැති මාධ්‍ය අංශයට කියලා කැමරා දෙකක් (ඡායාරූප ගන්න කැමරාවයි, වීඩියෝ කරන කැමරාවයි) අරගෙන, වෘත්තීය ඡායාරූප ශිල්පීන් වෙනුවට කළමනාකාර සහකාරවරුන් ලවා ඒ කැමරා භාවිතා කරන්න කටයුතු කරලා තියෙනවා. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහත්තයාගේ වැඩ තහනමට ලක් කළාට පස්සේ මේ නැති මාධ්‍ය අංශයට වෑන් රථයක් සහ කැමරා දෙකක් ලබා ගත්තාය කියලා අල්ලස් කොමිසමට පැමිණිලි කළා. මේ පැමිණිල්ල කළාට පස්සේ ඉහමොළ රත් වෙච්ච කථානායකතුමා, අනේ ඇමති මණ්ඩල පත්‍රිකාවක් දාලා මගේ මාධ්‍ය අංශය විධිමත් කරලා දෙන්න කියලා අගමැතිතුමියගෙන් ඉල්ලීමක් කළා. අගමැතිතුමිය බෑ කිව්වා, සියලුම ලිපි ලේඛන මා සතුයි. ඊළඟට මුදල් අමාත්‍යාංශයේ කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලනවා අනේ මේක විධිමත් කරලා දෙන්න කියලා, ඒ අයත් බෑ කියනවා. ජනාධිපතිතුමාට ලියනවා අනේ මේක විධිමත් කරලා දෙන්න කියලා. මොකක් ද මෙතුමා මේ කියන්නේ. මට මේ තනියෙන් පරිප්පුව කන්න බෑ, කන පරිප්පුව බෙදාගෙන කමුයි කියලා. අගමැතිතුමියත් බෑ කිව්වා, මුදල් අමාත්‍යාංශයත් බෑ කිව්වා, ඔන්න ජනාධිපති ලේකම්තුමාත් බෑ කියලා ලියුමක් එවනවා. ඒ නිසා මේ පරිප්පුව නම් කථානායකතුමාට තනියෙන් කන්නට සිද්ධ වෙනවාමයි.
දසවන චෝදනාව: ඇමති තනතුරට හෝ කතානාය ධූරයට එක් ඉන්ධන දීමනාවක් සහ දිස්ත්‍රිකය අනුව මන්ත්‍රී තනතුරට තවත් ඉන්ධන දීමනාවක් ලැබෙනවා. ඇමති මණ්ඩලය තීරණයක් ගෙන ප්‍රසිද්ධ කලා අපි ඇමති ඉන්ධන දීමනාව විතරයි ගන්නේ කියලා. නමුත් කථානායකතුමා කථානායක ඉන්ධන දීමනාව සහ පොළොන්නරුවේ මන්ත්‍රී කෙනෙකු ලෙස ලැබෙන ඉන්ධන දීමනාව යන දෙකම ලබා ගනිමින් ඉහත ප්‍රකාශයට අනුව වංචනිකව කටයුතු කර තිබීම.
කථානායකවරයාගේ දූෂණ පිළිබඳව වරින් වර විවිධ අය, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානියාද ඇතුළුව විවිධ අය පැමිණිලි අල්ලස් කොමිසමට ඉදිරිපත් කළත්, ඒ අයට මේ සාක්ෂි ඉදිරිපත් කරන්න බැරි වුණා. අල්ලස් කොමිසමටත් මේ දවස වෙනකන්ම සාක්ෂි හොයාගන්න බැරි වුණා. ඔන්න දැන් කථානායකතුමාට පින්සිද්ධ වෙන්න එතුමා හදපු වාර්තාවෙන්ම එතුමාට එරෙහිව තියෙන චෝදනා දහයක සාක්ෂි අප සතුව තිබෙනවා.
දැන් ඉතින් අල්ලස් කොමිසමට ඉතුරු වෙලා තියෙන්නේ මේ තොරතුරු ටික පදනම් කරගෙන කථානායකතුමාව අත්අඩංගුවට අරගෙන, පොදු දේපළ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරලා බන්ධනාගාරගත කරන එක විතරයි. මොකද ඇප ලැබෙන්නැති වරදක්නේ. ඒ නිසා අපි ඉදිරි සතියේදී මේ වාර්තාව අල්ලස් කොමිසමට භාර දෙන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා නුදුරු දිනක ලංකා ඉතිහාසයේ තනතුරේ සිටියදී අත්අඩංගුවට ගත් පළවෙනි කථානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්න මහතා ඉතිහාසයට එකතු වෙනවා, ඔබේ මාධ්‍යයෙන් ඔබට වාර්තා කරන්න පුළුවන්.
Allegations of Corruption Against Sri Lankan Speaker of Parliament, Ten Charges Revealed
Udaya Gammanpila, the leader of the Pivithuru Hela Urumaya party, addressed the media today at the party's headquarters, shedding light on serious allegations surrounding the Speaker of Parliament.
In response to reports regarding financial misconduct and corruption involving the Speaker, it has been instructed that an inquiry be conducted to uncover how sensitive information was disclosed to the media. Amidst this backdrop, reports indicate that evidence has now emerged to substantiate the accusations levied against the Speaker.
The inquiry is officially titled "Investigation Report on the Revelation of Confidential Information Concerning the Speaker." The disclosures pertain not to false information but to genuine confidential details. Consequently, the Speaker is intent on proving that the media reports concerning him are truthful. He has asked the parliamentary secretary to investigate who disclosed the confidential details to the media.
The report compiled by the inquiry has confirmed the authenticity of the claims against the Speaker, highlighting ten instances of alleged corruption.
Among the charges is the accusation of misappropriating public funds by maintaining an additional government residence while residing in the official Speaker’s residence. It has been noted that the Speaker is limited to using only one designated official residence. Current regulations stipulate that only three officials are entitled to separate official residences: the President, the Prime Minister, and the Speaker. Any unauthorized use of additional residences constitutes a direct abuse of public property.
Another serious allegation includes the appointment of a personal staff comprising eight individuals at a monthly salary of LKR 760,000, despite not residing in the Speaker’s official residence. This practice raises questions about the legitimacy of his staff, particularly as previous Speakers have adhered to official protocols regarding their household staff.
Furthermore, there are accusations related to the recruitment of elderly workers past retirement age, allegedly for private benefit rather than fulfilling any official duties, with implications that these appointments were influenced by personal motives from decades past.
The report also features claims regarding the Speaker’s media engagements. It reveals that he allegedly procured two cameras for an unofficial media section that does not exist in the parliamentary structure. His attempts to acquire resources for this non-existent department raises eyebrows, especially since the Speaker has faced rejection in securing proper funding for media operations.
The inquiry has progressed with revelations detailing ten substantiated charges against the Speaker, ranging from improper fund allocation to mismanagement of public resources.
As discussions continue and the investigations deepen, the Anti-Corruption Commission is anticipated to take necessary actions based on these findings. In the coming week, they will likely forward the report, possibly leading to the Speaker facing legal consequences. If apprehended, he could be marked as the first Speaker in Sri Lanka’s history to be arrested while holding office. This unfolding situation is poised to capture significant media attention as it develops.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ම්හ්.. කතානායකයා වෙනම රසයක් තියෙන පොරක් වගෙ. වයස 73 රූම් බොයි.. 68 ගාඩ්නර්, සහ PHI බටයා.
ReplyDeleteආ ඔය කොලඹ ශාරුක්කාන් ගේ මිසුස්කල් ශෝ එකට බොම්ම ගස්සපු අයත් ඉස්සරහම ඉන්නේ
Deleteඋඹ හැත්තෑ ඵකේ ඉපදිලාවත් තිබුනද,.!?
ReplyDeleteඉපදිලා හිටියත් ඉතිං නින්දෙන් මළපහ පිටවෙන කාලෙනේ
ආරියතිලක
ReplyDeleteදේශපාලනයෙහිදී අනුන් රැවටීම හා තමන්ගේ අධ්‍යාත්මය රවටා ගැනීම..
අනුන් රැවටීම අශීලාචාර ය. ඊටත් වඩා තමන් රැවටීම බරපතල ය. තමන්ගේ අධ්‍යාත්මය, බොරුවෙන් රවටා ගැනීම සැම අතින් ම භයානක ය. සියලු විපත්වලට මුල එයයි. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය ම ගොඩ නැගී ඇත්තේ රැවටීම මත ය. එයට හේතුව, ජවිපෙ දේශපාලන න්‍යාය වශයෙන් සලකන මාක්ස්-ලෙනින්වාදය නිසාවෙනි. මාක්ස් ලෙනිනවාදයේ මුල ඇත්තේ කාල් මාක්ස්ගේ හා පෙඩ්රික් එංගල්ස්ගේ මිත්‍යා දර්ශනය මත ය. පසු කාලයේ එය විස්තර කිරීමට ලියන ලද පොත්, ලිපි, පුවත් පත් හා ලේඛන මත ය. ඒ දර්ශනය මත පිහිටි ජවිපෙ හා එයට අනුබද්ධ සියලු ක්‍රියාකාරී දේශපාලන සංගම්, කණ්ඩායම්, සංවිධානවල සියලු සාමාජිකයන්ට වූයේ පක්ෂ නායකයන් විසින් උගන්වන ලද, කාල් මාක්ස්ගේ අසත්‍ය දර්ශනය ඉගෙන, “මහත් වටිනා ඇත්තක්” යැයි බොරුවෙන් ම තම අධ්‍යාත්මය රැවටීමට ලක් වීම ය. කාල් මාක්ස්ගේ අසත්‍ය ඉගැන්වීම මත පිහිටි කොමියුනිස්ට්වාදී දේශපාලනය මිත්‍යා සංකල්ප මත ගොඩ නැගුනකි. මෙම මිත්‍යා කොමියුනිස්ට්වාදී දර්ශනය මත පිහිටි, ඊනියා විමුක්තිකාමීන් ලෝකයෙහි මහත් ව්‍යසනයක් ඇති කෙළේ ය. මාක්ස්වාදී දර්ශනය පිළිගත් බොහෝ දෙනා සිතා සිටින්නේ “මාක්ස්ට වඩා දන්න දැනුමැතියෙක් තවත් ලෝකයේ නැත” යයි යන අදහසිනි. ඒ හේතුවෙන් ම ඔවුන්ට සත්‍යවාදී ගවේශනය මඟ හැරී යයි. ඒ හේතුවෙන් ම “අප තමයි හොඳට ම දන්නා අය; අපට වඩා දන්න, අපට වඩා හොඳට යමක් කියන්න, කරන්න දන්න අය තවත් නැත”යයි සිතා මාක්ස්වාදී න්‍යාය පිළිගත් පිරිස සිතා සිටිති. ක්‍රියා කරති. එහි සැබෑ අරුත 1971, හා 1978/88/89 “අති සාර්ථක” යයි උපකල්පනය කොට ඇති කළ ජවිපෙ සංනද්ධ කැරැළි දෙකෙහි අසාර්ථක බව හා එමගින් රටට ජනතාවට කළ විනාශයෙන් පැහැදිලි වනු ඇත.
ජවිපෙට සාමාජිකයන් බඳවා ගන්නා බලවත් උපාය මාර්ගයක් වූයේ “ඉන්දියානු ව්‍යාප්තවාදය” යන සංකල්පය ය. එයින් ජවිපෙ කියා සිටියේ;
“අප හදිසියේ ඉක්මණින් ක්‍රියාත්මක නොවුන හොත් ඉංදියාව විසින් අප රට ආර්ථික හා දේශපාලන වශයෙන් ගිල ගන්නා බව ය. අප හැර වෙනත් කුමන ආණ්ඩුවක් තිබුණ ද, මේ ඉන්දියානු බලපෑමෙන් රට බේරා ගැනීමට නො හැකි ය. ඒ නිසා වහ වහා පවතින ආණ්ඩුව පලවා හැර ආණ්ඩු බලය මාක්ස්වාදීන් වන අප අතට ගත යුතු ය. එය කිරීමට නම් පවතින රාජ්‍යයේ පොලිස් හමුදාවට, යුද්ධ හමුදාවට, නාවික හා ගුවන් හමුදාවට, සමස්ත ආරක්ෂක හමුදාවන්ට එරෙහිව සංන්ද්ධව සටන් කොට, පවතින රාජ්‍ය බලය පෙරළා දමා රාජ්‍ය බලය තම අතට ගත යුතු ය. එයට හැර වෙන විකල්පයක නැත; මෙය හැකි ඉක්මනට ම කළ යුතු දේශප්‍රේමීන්ගේ කාර්යක්; එසේ නො වුන හොත් ලඟ ලඟ ම ඉන්දියාව විසින් ලංකාවේ ආර්ථිකය ද දේශපාලන බලය ද අත් පත් කර ගන්නා බැවින්, ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් රට බේරා ගැනීමට වහා ආණ්ඩුවට, රජයට, විරුද්ධ සංනද්ධ වී සටන් කළ යුතු බව ය. ඒ සටන පොඩි පහේ එකක් නො වේ.
“ මව් බිම නැත්නම් මරණය”
යන සංකල්පය යටතේ අප සටන් කළ යුතු ය. ඒකරාශි විය යුතු ය.
මැරුණට කමක් නැහැ; රට බේරා පිණිස ය. අප විසින් විරුද්ධ වාදීන් මැරුවට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. අනුන්ගේ ජීවිතවලට තුවාල කරාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. භික්ෂූන් වහන්සේලා ඝාතනය කළාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. දළදා මළිගාවට ප්‍රහාර එල්ල කොට දළදා වහ්න්සේ පැහැර ගත්තාට, කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. දළදා මාලිගාවේ දේපොළ මංකොල්ල කෑවට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. සම්බුද්ධ ශාසනයේ පැවිදි වී ඇති භික්ෂූන් වහන්සේලාගේ සීලය බිඳ ගෙන, අප පක්ෂ සාමාජිකයන් වී රජයට විරුද්ධව කැරළි ගැසුවාට කමක නැහැ; රට බේරා ගැනීම පිණිස ය. රාජ්‍ය දේපොළ දේපොළ, අනුන්ගේ දේපොළ මංකොල්ල කෑවට, ගිනි තැබුවට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. දෙමාපියන් දුක් මහන්සියෙන් තම ඇස් දෙක වගේ හදාවාඩා ගත් දූ දරුවන්, තම දෙමාපියන්ට අහිමි වුනාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. ඒ දූ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය, අනෙකුත් වෘත්තීය අධ්‍යාපනය අහිමි වුවාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. අප හරි බම්බ කරන්න ඕනෑ නැහැ; අනුන්ගෙන් කා බී ජීවත් වුනාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. කුමන තරම් බොරු කීවාට, බොරු සාක්ෂි දුන්නාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. යමක් කමක් තියෙන් අය තමයි අපගේ සතුරා, යමක් කමක් නැති අය තමයි අපගේ මිතුරා ” යනුවෙන් කියමිනි. උගන්වමිනි.
ඉතිරි කොටස....
ReplyDeleteආරියතිලක
ඉන්දියානු ව්‍යාප්තවාදය අසන, දුර දක්නා නුවණ නැති අයගේ ඇඟේ රෝම කෙලින් වී ඇඟේ හිරිගඩු පිපී රටේ අනාගතය ගැන මහත් බියක් ඇති වීම නියත ය. මෙය විශ්වාස කරන කවරෙකු වුව ද රට වෙනුවෙන් ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වනවා ඇත. “අපි මොකට ද ජීවත් වෙලා රට නැත්නම්” යන සිතිවිල්ල අනුව ක්‍රියා කරනවා ඇත.
ජනතා විමුක්ති පෙරමුණ 1971 හා 1987/88/89 ජවිපෙ කැරළි දෙකට සාමාජිකයන් බදවා ගත්තේ හා වහ වහා සංනද්ධ කැරල්ල උස්සන්න කළ එක හේතුවක් ලෙස, ජවිපෙ තම පක්ෂ සාමාජිකයන්ට කියා සිටියේ ඉන්දියාවෙන් රට බේරා ගැනීමට ය. 87/88/89 කැරැල්ල එයට උදාහණයක් ලෙස, ඉංදු-ලංකා ගිවිසුම හා ඒ අනුව ඉන්දියන් හමුදාව උතුරු නැගනහිර පාළාත් දෙකට පැමිණීම, පළාත් සභා ක්‍රමය ගෙන හැර දැක්වී ය.
1971 සංනද්ධ කැරැල්ල හා 87´/88´/89´ කැරැල්ල යන ජවිපෙ කැරළි දෙක ම එවකට පැවැති රජය විසින් මර්දනය කළහ. නමුත් ඉන්දියාව අප රට යටත් කළේ නැත. ජවිපෙ කොරහේ පෙන්නපු කිඹුලා බොරු විය. ඉන්දියාවේ යටි අදහස් අනුව දේශපාලන සැලැස්මක් ලංකා භූමිය සම්බන්ධව තිබිය හැක්කේ ය. ඒ ඉන්දීය සම්භවය ලත් වතු ආශ්‍රීත දෙමළ ජනයා හරහා ය.
ජවිපෙ කියන ලද ඉංදියානු ව්‍යාප්තවාදය නැමැති බොරුව අද පුස්සක් වී ඇත. එය සත්‍ය නම් කැරළි පරාද වීම හේතුවෙන් රට ඉන්දියාව විසින් යටත් (අඩුම වශයෙන් ආර්ථික හා දේශපාලන වශයෙන්) රාජ්‍යයක් බවට පත් වී තිබිය යුතු ය. ජවිපෙ රාජද්‍රෝහී කැරැළි දෙක රටට ජනතාවට මහත් විනාශයක් ඉතිරි කළේ ය.
“ මව් බිම නැත්නම් මරණය” යන ජවිපෙ මෙම සංකල්පය කියුබානු රාජ්‍යයේ නිල ජාතික ආදර්ශ පාඨය අනුව ගත් බව පෙනේ කිව්බාවේ නිල ජාතික ආදර්ශ පාඨය වනුයේ "Patria o Muerte, Venceremos" ("Homeland or Death, We Shall Overcome!")
යන්නයි, එහි තේරුම "නිජබිම හෝ මරණය, අපි ජය ගනිමු!" යන්නයි.
අධ්‍යාත්මික (spiritual) හිඟන්නන්ට මාක්ස්වාදය රඟමඩලක් බව පැහැදිලි ය.