2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 20ක (මිලියන 2ක) අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ විශේෂ පොලිස් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය.
මෙම ගනුදෙනුවට අදාළ අල්ලස් මුදල් හුවමාරු වූ බවට සැක කෙරෙන බැංකු ගිණුම් හිමිකරුවන් සහ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සැකකරුවන් මෙන්ම සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම මෙම ඒකාබද්ධ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී තිබේ.
අදාළ අල්ලස් මුදල් ප්‍රේෂණය වූ බැංකු ගිණුමක හිමිකරුවකු ලෙස සැලකෙන නිමල් පෙරේරා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වූ හිටපු ප්‍රධාන විධායක නිලධාරී දිවංගත කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමින්ද රාජපක්ෂ යන සැකකරුවන් ද මේ වන විට විදේශගතව සිටිති.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් දැනටමත් වරෙන්තු නිකුත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර, රහස් පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනම නඩුවක් ගොනු කර තිබේ.
විදේශ රටක ව්‍යාජ සමාගමක් පිහිටුවා, ප්‍රකට යුරෝපීය සිවිල් ගුවන්යානා නිෂ්පාදන සමාගමක් වන EADS (European Aeronautic Defence and Space company) වෙතින් ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා මත මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.
Australian Authorities to Assist in Investigating Alleged $2 Million Bribery Case Linked to SriLankan Airlines
A joint special police unit comprising officials from the Commission to Investigate Allegations of Bribery or Corruption and the Criminal Investigation Department is set to travel to Australia to probe a bribery scandal involving the acquisition of ten aircraft by SriLankan Airlines in 2013, allegedly entailing $2 million in kickbacks.
The primary objective of this operation is to gather statements from individuals believed to be suspects, including account holders linked to the suspected bribery money transfers as well as witnesses residing in Australia.
Notably, Nimala Perera, identified as the owner of one of the bank accounts involved in the transactions, reportedly lives in Australia. The bribery commission has previously submitted reports on him to the courts.
Key suspects in this case include Priyanka Niyomali Wijenayake, the widow of former CEO Kapila Chandrasena, and Shamin Rajapaksha, son of former minister Chamal Rajapaksha, both of whom are currently living abroad.
Arrest warrants for them have already been issued by the Colombo and Kotuwa Magistrate’s Courts. The Colombo High Court has taken on the case related to these allegations, while a separate case has been filed in the Kotuwa Magistrate’s Court by the Criminal Investigation Department.
The investigation is focused on allegations that a fraudulent offshore company received $2 million as bribes from EADS (European Aeronautic Defence and Space Company), a well-known European civil aviation manufacturer.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

බොරු ෂෝ.
ReplyDeleteAt the end, taxpayers' money is going to waste .....
ReplyDeleteරනිල්ගේ එංගලන්ත සවාරියේ රුපියල් මිලියන 16 හොයන්න කියලා බොරුවට තව මිලියන ගණනක් නාස්ති කළා වගේ වෙයිද මේකත්?
ReplyDeleteInternational company pay bribe without evidence. can you believe this.? they 2millon tax for those money pay back someone its in western world. this kind of bullshit good for jeppo.. hik mama jeppek.. hik mama jeppek. rajapaksa gu hoya hoya kana jeppek
ReplyDeleteඅල්ලයි උන්ගේ පුප. ඔස්ට්‍රලියාව කියන්නේ හුන්දඩුලන්තේ වගේ පොඩි තැනක් නෙවේ පකුනේ
ReplyDelete