ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට පියවර නොගැනීම මගින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීවු අමරසූරිය මහතා පවසයි.
දෙරණ '360' වැඩසටහනට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, අධිකරණ පද්ධතියේ ඉහළම තනතුරුවල පුරප්පාඩු පවතිද්දී ඒවා පිරවීමට කටයුතු නොකර විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය උත්සාහ කිරීම දූෂිත ක්‍රියාවක් බවයි.
මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4ක් වශයෙන් සමස්ත පුරප්පාඩු 8ක් පවතින බව අමරසූරිය මහතා පෙන්වා දුන්නේය.
සාමාන්‍යයෙන් මෙවැනි පුරප්පාඩුවක් ඇති වූ සැනින් එය පිරවීම සම්ප්රදාය වුවද, වසරකට ආසන්න කාලයක් තිස්සේ මෙම තනතුරු සඳහා පත්කිරීම් සිදු නොකිරීම බරපතළ ගැටලුවක් බව ඔහු සඳහන් කළේය.
"ව්‍යවස්ථාවට අනුව මෙම පත්කිරීම් සිදුකිරීම ජනාධිපතිවරයාගේ වගකීමක්. නමුත් එම වගකීම පැහැර හරිමින්, අනෙක් පැත්තෙන් විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට පනත් ගෙන ඒම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන බලපෑමක්," යැයි ඔහු පැවසීය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේදී අධිකරණ අමාත්‍යවරයාටත්, මැයි මාසයේදී ජනාධිපතිවරයාටත් නීතීඥ සංගමය විසින් ලිඛිතව කරුණු ඉදිරිපත් කළ ද, ඒ සඳහා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද සභාපතිවරයා මෙහිදී අනාවරණය කළේය.
විනිසුරු මඩුල්ලේ සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් නඩු විභාග ප්‍රමාද වීම සහ අධිකරණ ක්‍රියාවලිය මන්දගාමී වීම හරහා අවසානයේ මහජනතාව දැඩි අසීරුතාවට පත්වන බව ද රජීවු අමරසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
President Accused of Constitutional Violation Over Judicial Appointments
The failure to address judicial vacancies in the Supreme Court and Court of Appeal amounts to a breach of constitutional duty by the President, claims Rajiv Amarasinghe, Chairman of the Bar Association of Sri Lanka.
During his appearance on the Derana '360' program, Amarasinghe emphasized that the government's efforts to extend the retirement age for judges, while ignoring existing vacancies, is a corrupt practice. Currently, there are four vacancies in the Supreme Court and four in the Court of Appeal, totaling eight vacancies that Amarasinghe highlighted.
Typically, the appointment of judges to fill such vacancies is a standard procedure; however, he pointed out that failing to make these appointments for nearly a year has become a serious issue.
“According to the Constitution, the responsibility for these appointments lies with the President. However, by neglecting this duty while simultaneously proposing legislation to extend the retirement age by two years, there is an interference with the independence of the judiciary,” he stated.
Amarasinghe also disclosed that the Bar Association had submitted written concerns to the Minister of Justice in March and to the President in May regarding this situation, yet no response has been received thus far.
He further noted that the diminishing number of judges has resulted in delays in the adjudication of cases and a slowdown in judicial processes, ultimately leading to significant hardships for the public.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

uben api balaporoththu une meka neme
ReplyDeletekakak naha ubath apiwa rawattuwa
මෙවා ඇඩ් විතරයි. චිත්‍රපටය පෙන්වන්නෙ පස්සේ.
ReplyDelete:D
ReplyDeleteජෙපි ආණ්ඩුවේ තනතුරු වලට අත්‍යවශ්‍ය සුදුසුකම ජෙපි වහලෙක් වීම.
ReplyDeleteආඥාදායක සහෝදර පාලනයක්.
ReplyDeleteDo not worry...... will bring the Surasena amendment and settle all revengeful issue .....!
ReplyDeleteමොකුන්ද මෙ බාර් ඇසොසියෙෂන් කියන්නෙ. බෙබද්දන්ගෙ සංගමය. මුන් කවුද විනිසුරු වයස් සීමාව වැඩි කිරීම ගැන කථා කරන්නෙ
ReplyDelete🤣🤣🤣👍👍👍 exactly
Delete