අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් (01) දින හැටන් නගරයේ ආපනශාලා හදිසි පරික්ෂාවකට ලක් කෙරිණ.
හැටන් නගරයේ ඇතැම් ආපනශාලා අපිරිසිදු ආකාරයෙන් පවත්වාගෙන යන බවත්, ඇතැම් ආපනශාලාවල ආහාරපාන ලබා ගැනිමෙදි එම ආහාරපාන තුල කැරපොත්තන් සහ කෘමීන් සිටින බවට පාරිභෝගිකයන් විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර එහි දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමග හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ උපදෙස් මත මෙම ආපනශාලා හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.
මෙම හදිසි පරික්ෂාවේදි පාරිභෝගිකයන්ට අපිරිසුද ආකාරයේ ආහාරපාන සැපයූ ආපනශාලාවල හිමිකරුවන්ට එරෙහිව (10) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවෙ නෛතික පියවර ගැනීමටත්, අපිරිසිදු ආකාරයෙන් ආපනශාලා පවත්වාගෙන ගිය වෙළදසැල් හිමියන්ට එම ආපනශාලා වල තිබූ අඩුපාඩුකම් සපුරා ගැනීමට දින 14ක කාලයක්ද ලබා දෙනු ලැබූහ.

ඕවා නිවුස්ද? කොළඹ තරු හෝටල් ආපන ශාලාවලත් කැරපොත්තො මීයො මැස්සො ඉදල තියෙනවා. කින්ග්ස්බුරියෙ චිකන් ග්‍රේවි එක ඇතුළෙ කැරපොත්තෙක් ඉදලා අහු වෙච්ච වෙලාවෙ ඒක එහෙමම යට ගැහුවා බිල සීරො කරල. බීච් වාඩියෙ ඉදුල් පිගන්වලටම ආපහු කෑම බෙදල serve කරනව. පිරිසිදු කෑම කන්න ඕනෙ නම් ගෙදර හදාගෙන කාපල්ලා.
ReplyDeleteKingsbury එකට ආව තවත් බෝම්බ කාරයෙක් වගෙනේ ඔබ.
DeleteKingsbury cockroach කතාව ඇත්ත. ෆොටො ගහල සොසාල් මිඩියා දාන්න කලින් උන් වැඩේ ශේප් කරල.
DeleteGospel truth my dear fellow. If you want to eat clean hygienic food cook and, eat at home.
Deletekukulek dannada kiyanne
ReplyDeleteoya ganata
🤣
Delete