පාසල් සිසුන් ඩෙංගු මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් නිල ඇඳුමට අමතරව අත් සහ කකුල් වැසෙන පරිදි සුදුසු ඇඳුම් ඇඳීමට අවසර ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.
එමෙන්ම, නිසි ප්‍රමිතියෙන් යුත් මදුරු විකර්ෂක භාවිත කිරීම සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කරන ලෙස ද අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටියි.
ඩෙංගු මර්දන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Education Ministry Empowers Students to Combat Dengue Threat
The Ministry of Education has issued directives to school principals allowing students to wear suitable attire that covers arms and legs in addition to their standard school uniforms. This initiative aims to enhance protection against dengue fever, a growing health concern in schools.
A special media release from the Ministry of Education, Higher Education, and Technical Education highlighted that these measures were implemented in response to the existing dengue threat in the country.
Furthermore, school principals have been urged to ensure that students are informed about the proper use of mosquito repellents, which are essential in the fight against the spread of dengue.
The announcement also emphasized that this decision is part of a broader effort to strengthen dengue control initiatives within the school environment.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පච ලප කොටාගේ සාපය, ලංකාව විනසකරලා ගිනි තියල ප්රචන්ඩත්වය ත්‍රස්තවාදය පතුරවල පටන් ගත්ත සාපය.
ReplyDelete