විනිසුරු වයස වැඩි කරන්න ජනමත විචාරණ අවශ්‍ය නෑ..


විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට විපක්ෂය නගන තර්කයන්හි කිසිදු ව්‍යවස්ථාපිත පදනමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළ නීති විශාරදයන් විසින් ජනමත විචාරණයකට යා යුතු වගන්ති මොනවාදැයි පැහැදිලිව දක්වා ඇති බවයි.

"ව්‍යවස්ථාවේ 1, 2, 3, 6, 7, 8, 9, 10, 11, 30(2) සහ 62(2) යන වගන්ති සංශෝධනය කිරීමේදී පමණක් තුනෙන් දෙකක බහුතරයකට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බව සඳහන් වෙනවා. නමුත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස හෝ ඔවුන්ගේ සංඛ්‍යාව වැඩිකිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය බවට කිසිදු තැනක සඳහන් වන්නේ නැහැ”

මීට පෙර 2020 වසරේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවූ අවස්ථාවේදී ද ජනමත විචාරණයක් අවශ්‍ය නොවූ බව ඔහු සිහිපත් කළේය.

"නාමල් රාජපක්ෂ, දයාසිරි ජයසේකර හෝ රනිල් වික්‍රමසිංහ වැනි නීතිඥයන් පවා මෙවැනි තර්ක ඉදිරිපත් කිරීම පුදුම සහගතයි. මෙය අධිකරණයේ ස්වාධීනත්වයට හානි කිරීමක් නොව, අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තුව සතු බලතල ප්‍රකාරව සිදුකරන සංශෝධනයක්," යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අධිකරණයේ පවතින නඩු ප්‍රමාදය අවම කිරීම සඳහා පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීම රජයේ අරමුණ බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.





Cabinet Minister Disputes Opposition Claims on Judicial Retirement Age Review

Amid growing calls for a public referendum to extend the retirement age of judges, Cabinet Spokesperson Minister Nalinda Jayatissa has emphasized that the opposition's assertions lack any constitutional foundation. Speaking at a media briefing regarding cabinet decisions, he pointed out that legal experts who formulated the 1978 Constitution have clearly outlined what provisions warrant a referendum.

He stated that only amendments to sections 1, 2, 3, 6, 7, 8, 9, 10, 11, 30(2), and 62(2) of the Constitution require a referendum where two-thirds of the members must agree. However, he highlighted that there is no stipulation anywhere that mandates a public vote for issues related to increasing the retirement age of judges or the number of judges themselves.

Recalling a previous instance in 2020, he noted that there was no requirement for a referendum when the number of judges in the Supreme Court and Court of Appeal was increased through the 20th Constitutional Amendment.

Minister Jayatissa further expressed astonishment that legal professionals, such as Namal Rajapaksa, Dayasiri Jayasekara, and Ranil Wickremesinghe, would advance such arguments. He reiterated that the proposed adjustments do not undermine the independence of the judiciary but are instead intended to enhance the effectiveness of the judicial system in accordance with the authority granted to Parliament.

He also underscored the government's commitment to utilizing experienced judges to minimize existing case backlogs within the judiciary.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. විනිසුරු සංඛ්‍යාව වැඩි කිරීමේ අරමුණයි වයස වැඩි කිරීමේ අරමුණයි කියන්නේ දෙකක් බව තේරුම් ගැනීමයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. මේකට තමය පුතේ කියන්න කන්න ඕනේ උනාම කබරයා තලගොයා කරගෙන්

      කනවා කියල


      Delete
    2. නෑ අපි තේරුම් ගන්නේ අපිට ඕන දේ විතරයි, ඇයි උබලා නවත්තන්නද ?

      Delete
  2. ඊළග චන්දය ජනමත විචාරණය වෙ. තියලා බලපන්.

    ReplyDelete
    Replies
    1. අම්​මෝ අම්මෝ උබලා 2024ත් ඕක කිව්වා :D 2029ද ? හා බලමුකො. කට්ටියම ඇතුළේ ඉදන් ඡන්දය කරන හැ​ටි :D

      Delete
    2. අඩේ මෝඩ බයියා චන්දය නෙමේ ගොනෝ ඡන්දය

      Delete
  3. විනිසුරන්ට විතරක් දෙන්නෙ මොකද?. ඇයි අපි කලුයිද?.

    ReplyDelete
    Replies
    1. ගොනා කලුයි තමයි ගොනෝ

      Delete
  4. බොරු කියන්න එපා යකෝ විනිසුරුන්ගේ සංඛ්‍යාව සඳහනක් නෑ හැබැයි විශ්‍රාම වයස සඳහන් වෙලා තියෙනවා.

    ReplyDelete
  5. අරමුණ ඉතා පැහැදිලියි. දැන් නිදහසට කරුණු කියන්න පටන් ගත්තා.

    ReplyDelete
  6. අරමුණ ඉතා පැහැදිලියි. දැන් නිදහසට කරුණු කියන්න පටන් ගත්තා.

    ReplyDelete
  7. කෙබර කොටා බලයේ ඉන්නකම් සූරසේන පප්පා.CHEAP JUSTICE. භිකි ! හිකි!!......හිකි.

    ReplyDelete
Previous Post Next Post