බන්ධනාගාර විපතේ වරද ආණ්ඩුවේ..- සජිත්


මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ දරුණු ගැටුම සහ ජීවිත හානි සිදුවීම බන්ධනාගාර පරිපාලනයේ බිඳවැටීම සහ අකාර්යක්ෂමතාව නිසා සිදු වූවක් බවත්, එහි පූර්ණ වගකීම වත්මන් රජය භාරගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, වත්මන් ජනාධිපතිවරයා මීට පෙර විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී බන්ධනාගාර තුළ සිදුවන ජීවිත හානි සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවට ප්‍රකාශ කර තිබූ බවයි.

ඒ අනුව, මීගමුව බන්ධනාගාරයේදී ජීවිත ගණනාවක් අහිමි වීම සම්බන්ධයෙන් ද වත්මන් රජය සෘජුවම වගකිව යුතු බව ඔහු අවධාරණය කළේය.

'ක්‍රමයේ වෙනසක්' ඇති කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි වත්මන් රජය යටතේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට හෝ බන්ධනාගාර තුළ මානුෂීය පරිපාලනයක් පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇති බව මෙම සිදුවීමෙන් පැහැදිලි වන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රටේ ජනතාව මේ දෙස බලා සිටින බැවින් රජය මේ පිළිබඳව වහා පිළිතුරු දිය යුතු බව ද ඔහු සඳහන් කළේය.

මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් රජයට අවශ්‍ය පරිදි වාර්තා සකසන කමිටුවක් පත් කිරීම වෙනුවට, පාර්ලිමේන්තුව නියෝජනය වන පරිදි ස්වාධීන, අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.





Opposition Leader Calls for Accountability Following Violent Clash at Meegamuwa Prison

In the wake of a violent incident that resulted in multiple fatalities at the Meegamuwa Prison, opposition leader Sajith Premadasa has attributed the tragedy to the government's failure in prison management and governance. He emphasized that the current administration must take full responsibility for the calamity.

While addressing the media, Premadasa highlighted that the present President, during his tenure as an opposition parliamentarian, had previously asserted the government's accountability for the loss of life within prisons.

The opposition leader pointed out that the deaths at Meegamuwa Prison further implicate the government, stressing that they bear direct responsibility for the tragedy.

Premadasa asserted that the current government, which came to power with promises of reform, has failed to establish law and order or to maintain humane conditions within the prison system, as evidenced by this incident. He urged the government to respond immediately, as the public is watching closely.

Instead of merely forming a committee to compile reports on this unfortunate event, Premadasa has called for an independent, impartial, and transparent investigation to be conducted by Parliament to address the situation appropriately.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. මුගේ කට වහල තියන්න ඕනේ නිසා අර හොර සල්ලි කෙස් එක එලියට එනවා

    ReplyDelete
  2. කරුණා ශාන්ත ධර්මපාලJuly 7, 2026 at 2:51 AM

    ඇත්තටම වරද ආණ්ඩුවේ තමයි, මේ සිරකරුවන්ට දිගට හරහට වෙඩි තියන්ඩ තිබ්බේ. දැන් වුණත් පරක්කු නෑ, හැම සිර කරුවෙකුටම පාඩමක් වෙන්ඩ, මේ බන්ධනාගාරයේ ඉන්න සියලුම සිර කරුවන් ආපහු බන්ධනාගාරයට ම ගෙනල්ලා ඔලුවටම වෙඩි තියලා මරලා දාන්ඩ ඕනෑ.

    ReplyDelete
    Replies
    1. හැක හැකJuly 7, 2026 at 3:00 AM

      නමටම ගැලපෙන ප්‍රකාශය.

      Delete
    2. ධනුෂ්ක වලිසුන්දර මාරසේනJuly 7, 2026 at 3:10 AM

      මම නම් කියන්නේ මේ අයට හොඳින් ඉඩ පහසුකම් තියෙන සිර කඳවුරු හදලා, උපරිම පහසුකම් සහිත විවේකාගාර හදලා, හොඳ ආහාර වේල් 3ක් දීලා, නිදා ගන්ඩ මෙමරි ෆෝම් පිලෝ ටොප් මෙට්ට දීලා, අඟල් 100 සැම්සුන් ටීවී සමඟ කේබල් ටීවී පහසුකම් දීලා, කාමර සියල්ල වායු සමනය කරලා, තේ පානය කරණ අවස්ථා වල ෆැබ් කේක් දීලා, හතර පෝයට මහානායක හිමිවරුන් විසින් පවත්වනු ලබන ශීල වැඩ සටහන් වලට සවන් දෙන්න සලස්වලා, ඊස්ටර් එකට, නත්තලට කාදිනල් තුමාගේ දිව්‍ය පූජාවන්ට සම්භන්ධ වෙන්ඩ ඉඩ සලස්වලා, ඒ වගේම ඇඳුම් පැලඳුම් සඳහා හමීඩියාස් එකට ඕඩර් දීලා, කුඩු අවශ්‍යම අයට කුඩු වෙනුවට ජැක් ඩැනියෙල්ස් විස්කි දීලා, හොඳින් සිර කරුවන්ගේ මනස සන්සුන් වෙන විදියට කටයුතු කරන්න. එවිට ප්‍රශ්ණ කිසිවක් ඇති වෙන්නේ නෑ.

      Delete
  3. 2029 ජනාධිපතිතුමාට ජයවේවා!

    ReplyDelete
Previous Post Next Post