මීගමුව වැනි ගැටුම් රට පුරා බන්ධනාගාරවල ඇතිවීමේ අවදානමක්..


මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ප්‍රචණ්ඩකාරී තත්ත්වය ඉදිරියේදී දිවයිනේ සෙසු බන්ධනාගාර තුළ ද ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල සිල්වා මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළේය.

බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි තදබදය සහ අවම පහසුකම් මෙම ගැටුම්වලට මූලික හේතුව වී ඇති බව පෙන්වා දෙන ඒ මහතා, මීගමුව බන්ධනාගාරයේ පවතින සැබෑ තත්ත්වය කළේය.

"මීගමුව බන්ධනාගාරයේ රඳවා තැබිය හැක්කේ රැඳවියන් 600ත් 650ත් අතර ප්‍රමාණයක් පමණයි. නමුත් මේ වන විට එහි 2000කට අධික පිරිසක් රඳවා සිටිනවා. වැසිකිළි පහසුකම් පවා පවතින්නේ රැඳවියන් 250කට හෝ 300කට එකක් වැනි ඉතාම අවම මට්ටමකයි. ඇතැම් රැඳවියන්ට නිදා ගැනීමට සිදුව ඇත්තේ වැසිකිළි තුළයි. මෙවැනි අමානුෂික තත්ත්වයන් තුළ රැඳවියන් මෙන්ම නිලධාරීන් ද දැඩි මානසික පීඩනයකට ලක්ව සිටිනවා."

එසේම, බන්ධනාගාර පාලනය සඳහා සිටිය යුතු නිලධාරීන් සංඛ්‍යාවෙන් දැනට සිටින්නේ හතරෙන් එකක් වැනි සුළු පිරිසක් බවත්, රැඳවියන් වර්ගීකරණයකින් තොරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ දරුණු අපරාධකරුවන් එකට රඳවා තැබීම මෙම ගැටුම් උත්සන්න වීමට හේතු වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

රජය මෙම සිදුවීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගැටුමක් ලෙස හුවා දක්වමින් සැබෑ ප්‍රශ්නය යටපත් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළ නන්දිමාල මහතා, මීට පෙර බින්දුනුවැව, වැලිකඩ සහ මහර බන්ධනාගාරවල සිදු වූ ඝාතනවලදී ද රජය විවිධ ලේබල් අලවමින් වගකීමෙන් බැහැර වූ බව සිහිපත් කළේය.

බන්ධනාගාර තුළ පවතින මෙම අර්බුදකාරී තත්ත්වයට රජය නිසි විසඳුමක් ලබා නොදුන්නොත්, රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ඥාතීන් සමඟ එක්ව වීදි බැස දැඩි විරෝධතාවල නිරත වන බව ද සුදේශ් නන්දිමාල මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






Risk of Escalating Violence in Sri Lankan Prisons Highlighted by Rights Advocate

The alarming conditions inside the Minuwangoda Prison raise serious concerns about the potential for similar violent incidents to erupt in other correctional facilities across the country, according to Sudesh Nandimala Silva, Chairman of the Prisoners' Rights Protection Committee.

During a press conference held in Colombo, Silva emphasized the urgency of the situation, pointing towards the overcrowded and under-resourced prison system as a central factor contributing to unrest.

"Minuwangoda Prison is designed to hold between 600 and 650 inmates, yet over 2,000 individuals are currently housed there. Sanitation facilities are inadequate, serving only 250 to 300 detainees at a time, forcing some inmates to sleep in the toilets. Such inhumane conditions are mentally distressing not only for the prisoners but also for the officers responsible for their custody," he disclosed.

Moreover, Silva pointed out that current staff levels for managing the prison are woefully insufficient, with only about one in four officers available. The mixing of drug offenders and serious criminals without proper classification has exacerbated tensions, contributing to recent disturbances.

Silva accused the government of downplaying the crisis, framing the unrest as a clash among drug traffickers while failing to address the underlying issues. He recalled previous incidents of violence in prisons such as Binthuwa, Welikada, and Mahar Prison, where the government deflected responsibility by shifting blame to various factions.

Should the government neglect to implement effective solutions to this predicament, Silva warned that both inmates and prison staff may take to the streets in protest, escalating the potential for widespread civil unrest.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. පතිරණ ගලප්පත්තිJuly 7, 2026 at 4:03 AM

    ඩෙස් එකකුයි බංකුවකුයි අරගෙන එනවා ජාතික ආරක්ෂාව ගැන තමුසෙලාට කියලා දෙන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඉක්මණට බන්ධනාගාර ලොකු කරලා පහසුකම් වැඩි කරලා හදා ගනිව්! ළඟදීම මාලිමා ආණ්ඩුවේ එවුන් බුරුතු පිටින් සිරගත වීමට, 88-89 මිනීමැරුවට එල්ලුම් ගස් යාමට නියමිතය.

      Delete
  2. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කලා නම් අපරාධ,කුඩු ජාවාරම 100% නතර කිරිමට හැකිවනු ඇත.

    ReplyDelete
  3. උසි..උසි...බල්ලා

    ReplyDelete
Previous Post Next Post