තවත් වැඩ කරන්න පුළුවන් කියා අධිකරණ, සෞඛ්‍ය වෘත්තිකයන් කියනවා.. විශ‍්‍රාමය දිගු කරන්න සලකා බලනවා..


 රාජ්‍ය අංශයේ විවිධ වෘත්තිකයින්ගේ විශ්‍රාම යන වයස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ඉල්ලීම් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අධිකරණ ක්ෂේත්‍රය, සෞඛ්‍ය සේවාව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වෘත්තිකයින්ගෙන් මෙම ඉල්ලීම් ලැබී ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

විශේෂයෙන්ම අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහාධිකරණ විනිසුරුවරුන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් ද තමන්ට තවදුරටත් සේවය කිරීමට හැකියාව පවතින බැවින් විශ්‍රාම වයස වැඩි කරන ලෙස ඉල්ලා ඇති බව ඔහු පැවසීය.

"විවිධ වෘත්තීය මට්ටම්වලින් මේ ඉල්ලීම ඉදිරිපත් වෙලා තිබෙනවා. තමන්ට තව කාලයක් සේවය කිරීමට ශක්තිය සහ හැකියාව පවතින බවයි ඔවුන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් විවිධ මතවාද තිබිය හැකි වුවත්, රජයක් ලෙස අප මෙම සියලු ඉල්ලීම් පිළිබඳව මේ වන විට සලකා බලමින් සිටිනවා," යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Government Reviews Proposals to Raise Retirement Age in Various Professions

The Sri Lankan government is currently considering proposals to amend the retirement age for various professionals within the public sector, as revealed by Minister of Health and Media, Dr. Nalinda Jayatissa.

During a recent media interaction, the minister disclosed that requests have been made by professionals in several fields, including the judicial system, healthcare services, and the department of prisons.

Specifically, judges from the Court of Appeal, Supreme Court, and High Court, as well as healthcare professionals, have advocated for an extension of their retirement age, citing their capability and willingness to continue serving actively.

"These requests have emerged from different levels of the professions. They believe they still possess the strength and capacity to contribute further," the minister noted. "While various opinions on this matter may arise, we, as a government, are currently evaluating all these requests."



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. විශ්‍රාම වයස ඉහල දැමීම, ප්‍රභූ පැලැන්තියේ රැකියා වලට විතරද? නිර්ප්‍රභූ පැලැන්තියේ රැකියා වල විශ්‍රාම වයස ඉහල දාන්න ඕනේ නැද්ද?

    මරු නිර්ප්‍රභූ ආණ්ඩුව

    ReplyDelete
    Replies
    1. මෙයාලා කියන්නේ මෙච්චරයි. ඔන්න ටොපියක් දෙනවා විනිසුරුවනි,
      ඔය ටොපිය කාලා අපිට අපි ඉල්ලන තීන්දුව දීපල්ලා. එච්චරයි.
      ඊට පස්සේ ඉතුරු ටික ඩෝබිලා බලාගනී. මෙන්න යුක්තිය ඉ‍ටුවුනා, අපි ඡන්දෙ දුන්නේ ඕකට තමයි කියලා හෑලි ලියලා චූන් කරල දෙයි සතියක්.

      Delete
    2. oyala KAKKI anduwak

      Delete
  2. උඹලට ඕන රූකඩ විතරද කියන්නේ තව වැඩ කරන්න පුළුවන් කියලා. අනිත් රජයේ සේවකයොත් කිව්වොත් පවුල නඩත්තු කරන්න අපිටත් තව වැඩ කරන්න පුළුවන් කියලා උඹලා ඒ ඔක්කොටම අවසර දෙනවද?

    ReplyDelete
  3. ඉස්සර උඹලාම නේද කිව්වෙ වයසක මිනිස්සුන්ට ගෙදර යතුරවත් බාර දෙන්න එපා කියලා..

    මහින්දට ගහන්න ඕන උනාම වයසක මිනිස්සු නාකි මයිනො,,
    සූරසේන දිගටම තියාගෙන උඹලට වාසි විදිහට අධිකරණය මෙහෙයවාගන්න ඕන උනාම "ෂා..වයසක අයට අත්දැකීම් වැඩියි.."

    කන්න ඕන උනාම කබරයා තලගොයා කරගන්නවා නේද ??

    ReplyDelete
  4. වයසට ගියාම මතකය නැති වෙනවා. ලෙඩ වෙනවා. ඒකයි විශ්‍රාම යවන්නේ.
    කෙනෙක්ගේ සහ රටක අනාගතය, පැවැත්ම තීරණය කරන තැනකට ලෙඩ කාක්කෙක් තීරණ ගන්න දැම්මම කොහොමද හරි තීරණයක් ගැනෙන්නේ.ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. උඹලට ඕන උඹලගේ බොරු තීන්දු ටික අරගන්න. නැත්තන් උඹලගේ දේශපාලන ගේම් ඉවරයි. ඒකයි.

    ReplyDelete
  5. නාකි මයිනො දැන් හොදයිද? ඔය විනිසුරුවන්ගෙ සේවා දිගුව ගේන්න ගහන ප්ලෑන්. රජයේ සේවයේ හැමෝටම ඉල්ලයි. තරුනයින්ට හුලං

    ReplyDelete
  6. ඈ බොල පඩත්තලයො. ‍තෝ හිතනවද මේ රටේ ජෙප්පො වගේ හැමෝම පුන්නක්කු කන ගොන්නු කියල.
    අධිකරණ විනිසුරුවන් ඒකමතිකව තීරණය කරා සේවා දිගු ලබා නොගන්න. අර පසන් අමරසේන කියන තොපේ වල් හිපා‍ටුවා ඇරෙන්න. උන්ට එපා එක, උඹලා කොහොමද බලෙන් දෙන්නෙ?

    ReplyDelete
  7. විනිසුරුවන්ට අල්ලස් දීලා, රටේ නීතියත් නවලා, උඹලට ඕන කරන තීන්දු ගන්න හදන උඹලට හෙන හතම ගහන්න ඕන.

    ReplyDelete
  8. රාජ්‍ය සේවය ලෙඩ නාකින්ගෙන් පුරවන්නෙ නැතිව තරුණ ළමයින්ට අවස්ථාව දීපල්ලා.
    රැකියා විරහිත තරුණ ළමයි මොනතරම් අසහනේකින්ද ඉන්නෙ.
    තරුණ ළමයි ඔය නාකි ලෙඩ්ඩුන්ට වඩා සෑම අතකින්ම දක්ෂයි.
    තරුණ ළමයින්ට හොඳ රස්සා නැති හන්ද නේද කොරියාව වගේ රටවලයි, ලංකාවේ අතන මෙතන කුඩු ගහ ගහ තමුන්ට නොගැලපෙන රස්සා කර කර අපා දුක් විඳින්න වෙලා තියෙන්නෙ?

    ReplyDelete
  9. මේ කාලකන්නියගෙ මූණ දකින්නත් අප්පිරියයි.

    ReplyDelete
  10. අපේ රටේ ක්‍රිකට් වලට බෝර්න් අගේන් ගෙනැල්ලා ක්‍රිකට් වලට කරලා තියෙන දේම තමයි

    අධිකරණයේ මුල් පුටුව, බෝන් අගේන් යාඥා කාරයාට දීලා, මේ රටේ අධිකරණයට කරන්න හදන්නේ.

    ක්‍රිකට් කණ්ඩායමේ තැනක් හදා ගන්න බෝන් අගේන් යාඥා වලට යන්න වෙලා තියෙනවා වගේ, විනිසුරුවරයෙකුට උසස්වීමක් හදා ගන්න, විත්තිකාරයෙකුට නඩුවක් ගොඩ දාගන්න, බෝර්න් අගේන් යාඥා වලට යන්න වෙන දිනය වැඩි ඈතක නෑ.

    ReplyDelete
  11. රාජ්‍ය සේවයේ ඉන්න බුද්ධිමත් ජවසම්පන්න තරුණ තරුණියෝ වගේ නොවේ, පන්දම් අල්ලලා සේවා දිගු ගත්තු උන්දැලගේ කෙරුවාව මතක් කරලා බලන්න කොහොමද කියල.
    කොයි වෙලාවෙත් එලොවටත් නෑ මෙලොවටත් නෑ ලෙවල් එකේ, නිදි කිර කිර, බේත් වලින් ජීවත් වෙන නාකි මයිනො රජයේ ඉහල තනතුරු ගත්තම, දේශපාලකයෝ කියන ඕනෙ දේකට එකඟ වෙනව, ඕනේ ලියුමකට වෙවුල වෙවුල අත්සන් කරනවා.
    ඒකනේ නාකි උන්දැල තව දුරටත් තියා ගන්න හදන්නෙ.
    රැකියා විරහිත තරුණ පරම්පරාව පව්.

    ReplyDelete
  12. අග්‍ර විනිශ්චයකාර තුමාගෙ සේවා කාලය දික් කර ගන්න මුන් ගහන ගැට. 60 පැනපු අය දිගටම සේවයේ ඉන්නකොට අනිත් අයට උසස්වීම් කෝ? රැකියා පුරප්පාඩු කොහොමද ඇති වෙන්නෙ? මුන් බලයේ ඉන්න ඕන දෙයක් කරනවා.

    ReplyDelete
Previous Post Next Post