කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා නව පාසල් ආපනශාලා ආහාර ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.
කොළඹ නගරයේ පිහිටි පාසල් 142ක දරුවන්ට වඩාත් ගුණාත්මක සහ පෝෂ්‍යදායී ආහාර වේලක් තහවුරු කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ බව ඇය සඳහන් කළාය.
පාසල් ආපනශාලා ආහාර ප්‍රතිපත්තිය එළිදැක්වීම වෙනුවෙන් කොළඹදී පැවැති විශේෂ වැඩසටහනකට එක්වෙමින් නගරාධිපතිනිය මේ බව කියා සිටියාය.
දැනට පාසල් ආපනශාලාවල අලෙවි කෙරෙන බොහෝ ආහාර වර්ග රසවත් වුවද, ඒවායේ සීනි අධික වීම ඇතුළු සෞඛ්‍යයට අහිතකර සාධක පවතින බව ඇය පෙන්වා දුන්නාය.
මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා නගර සභාව විසින් පාසල් ආපනශාලා 86ක් හඳුනාගෙන ඇති අතර, ඒවායේ පහසුකම් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
"ඇතැම් පාසල්වල දරුවන්ට නැවුම් පළතුරු යුෂ ලබාදීමට අවශ්‍ය වුවත්, ඒ සඳහා ශීතකරණයක් හෝ බ්ලෙන්ඩර් යන්ත්‍රයක් එම ආපනශාලාවල නැහැ. තවත් තැනක අවන් එකක් නැහැ. අපි මෙම ව්‍යාපෘතිය හරහා එක් එක් පාසලේ අවශ්‍යතාවය හඳුනාගෙන එම උපකරණ ලබාදීමට කටයුතු කරනවා" යැයි නගරාධිපතිනිය පැවසුවාය.
නව ප්‍රතිපත්තියට අනුව දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර අයිස් පැකට්, අයිස් පලම් සහ ඇතැම් චොකලට් වර්ග ඇතුළු කෘතිම රසකාරක සහිත ආහාර වර්ග පාසල් ආපනශාලාවල අලෙවි කිරීම සීමා කිරීමට හෝ තහනම් කිරීමට පියවර ගෙන ඇත.
ලෝකයේ දියුණු රටවල පාසල් දරුවන්ට ලබාදෙන පෝෂ්‍යදායී ආහාර වේල පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන් බල්තසාර් මහත්මිය, ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය ද එවැනි උසස් ප්‍රමිතියක් කරා ගෙන යාම තම අපේක්ෂාව බව අවධාරණය කළාය.
"අපිත් යා යුත්තේ දියුණු රටවල දරුවන්ට පාසල්වලින් ලබා දෙන ආහාර වේල වගේ ගමනක්. අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර සංස්කෘතියක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
New School Meal Policy Aimed at Enhancing Student Health in Colombo
The Mayor of Colombo, Rosy Senanayake, has announced the introduction of a new school meal policy to improve the health standards of school children in the Colombo Municipal Council area. This initiative aims to ensure that students from 142 schools receive high-quality and nutritious meals.
During a special event in Colombo to unveil the school meal policy, Senanayake emphasized that the primary goal is to provide students with wholesome food options. She noted that while many meals offered in school canteens are tasty, they often contain high levels of sugar and other unhealthy ingredients.
To address these concerns, the city council has identified 86 school canteens that require significant improvements in their facilities. Senanayake stated, "While we want to provide fresh fruit juices to children at some schools, there are no refrigeration units or blenders available in those canteens. Some schools lack even a kitchen. Through this project, we aim to identify the needs of each school and provide the necessary equipment."
Under the new policy, measures will be taken to restrict or prohibit the sale of unhealthy food items such as ice packets, ice pops, and certain types of chocolate that contain artificial flavorings, which can adversely affect children's health.
Sanayake pointed out the need to focus on providing nutritious meals similar to those offered to school children in developed countries. She expressed her aspirations for the Sri Lankan school system to reach such high standards. "We need to follow the example set by developed nations, where children are served healthy meals at school. Building a culture of nutritious eating for our children's future is essential," she added.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

යට ජංගියත් ණයට ගන්න බල්ටිසා
ReplyDeleteතමුසේ ත් අපේ හරිනි වගේ gender studies මස්ක එකක් කරන කෙනා නේ. කෑම කෙසේ වෙතත් ළමයින්ට එල්ගන්ට අධ්‍යාපනය නම් දෙවි.
ReplyDeleteඔට්ටු යී තමුසෙලට ලංකාවේම පාසල් වලට බතුයි එළවළුවක් සහ බිත්තරය ක් දෙන්න බෑ
ඉස්සෙල්ලා මිනිස්සුන්ට තුන් වේල කන්න පුළුවන් ගමනක් පලයල්ලකෝ බයිලා නවත්තලා. බදු වලින්, ආධාර වලින් අදායම පෙන්නලා මගුලක් කතා කරනවා. කයිවාරුවට ගියාම මහා බැංකුව පිරිලලු, වැඩක් කරන්න කිව්වම සල්ලි නැතිලු.
ReplyDeleteකොළඹ කුණු ටික හරියට අයින් කරලා ලස්සනට තියාගන්න බැරි මේ උන්දැලා කතාව නම් හොඳ කෑම දෙන්න. හැමදාම කටින් විතරක් බතල හිටවන එක මුන්ට සාමන්‍ය දෙයක්.
ReplyDelete