බන්ධනාගාර ගැන ජනපති තීන්දුවක් ගනී...


 බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

අදාළ අමාත්‍යාංශ නිලධාරීහු සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිටී මෙම සාකච්ඡාවේදි ඊට අදාළව ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් පිළිබඳ දීර්ඝ ලෙස විමසා බැලිණි.

එමෙන්ම, බන්ධනාගාර පහසුකම් පුළුල් කිරීම සහ ඒ වෙනුවෙන් ගත හැකි විකල්ප ක්‍රියාමර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා,අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





President Discusses Urgent Reforms in Sri Lanka's Prison System

President Anura Kumara Dissanayake led a significant discussion on the challenges facing the prison system and the necessary measures to address these issues at the Presidential Office. The meeting brought together officials from relevant ministries alongside personnel from the Department of Prisons to delve into the proposals and insights they presented.

The conversation not only focused on the current problems but also explored potential avenues for expanding prison facilities and alternative strategies to enhance the system. This multifaceted approach aims to create solutions that are both effective and sustainable.

Key figures attending the discussion included Minister of Justice and National Integration Harshana Rajakaruna, Minister of Public Security and Parliamentary Affairs Anand Wijepala, and retired Air Vice Marshal Sampath Thuyiyakonatha, serving as the Secretary of the Ministry of Defence. Additionally, Ayisha Jinasekera, the Secretary of the Ministry of Justice, and General Prasad Hemanta Kumara, the Commissioner General of Prisons, were also present, underscoring the meeting's importance.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. කෝ හරක් පොන්සේකා....සුමාන දෙකකට ඉස්සෙල්ල යුටුබ් එකේ හෙන පචටිකක් කියුවනේ උ තම යුද්දේ කෙරුවේ උ නිසාලු යුද්දේ දිනුවේ...රාජපක්සල යුද්දේ අතරමහ නවතුවලු. මු ඉන්ටෙර්නෙට් එකේ පිස්සු තදවෙලා වොය්ස් කට දිදී හිටලා එකපාරටම නැතිබන්ගස්තාන වුන...මුත් හැන්ගිලාද නැතිනම් පච ලපයගේ පිඑස්ඩී එකෙන් මුවත් හන්ගගගෙන ඉන්නවද අර කාඩිනල්ලුයි. සිරිල්ගමිනියයි වගේ? මුන් ඔක්කොම හෙන ගූ බයයි...මුන්ට ගාර්ඩ් එක නැතිනම් මුන්ට බයටම චූ ගිහිල්ල වලකජ්ජ ගහන්නේ.

    ReplyDelete
    Replies
    1. ගැ‍ටුමෙන් ඉරිදා දෙන්නෙක් මැරුනම, මූ නිදාගෙන හිටියද ඕක ගැන පොඩ්ඩක් බන්ධනාගාර ඇමතිය ගෙන්නලා අහන්නෙ නැතුව. එච්චරටම හිරි වැටිලද ඉන්නෙ මේ ජනපතියා? ඇමතිය ගෙන්නලා අහන්න එපැයි, ‍තෝ මොනවද යකෝ කරන්නේ අන්න 2ක් මැරිලා, ‍තෝත් මැරිලද යකෝ කියලා. දැන් මොනවා කතා කරන්නද.

      Delete
    2. ඔයා ගොන් කතා විශ්වාස කරන ගව සම්පත පුළුවන්නම් අහපල්ලා සරත් ෆොන්සේකාගෙන් ඇයි යුද්ධේ හරියට කරන්න මහින්ද ජනාධිපති වෙන කම් හිටියේ කියලා, චන්ද්‍රිකාගේ කාළේ ඉවර කරන්න තිබුනනේ. චන්ද්‍රිකා යුද්ධේ නවත්තන්න කියලා ගිහින් කොටින්ට අතට අත දීලා සම සාකච්චා කරන්න කිව්වම කියන්න තිබුනනේ නෑ අපි මේක නවත්තන්නේ නෑ කියලා.

      Delete
  2. බහුතර බළය ලබාදුන් සමස්ථ ජනතාව වෙනුවෙන්,. සාමය සතුට සමෘද්ධිය අපේකෂා කරනා පාළකයන් වෙත, කශේරැකාව සහිතව නීති රීති යාවත් කාළීන කරීමේ කාළීන අවශ්‍යතාවය දැඩි අවධානයට,.!July 21, 2026 at 3:36 AM

    බේබදු කම නිසා අළුත් නැවූම් සංකල්ප ගෙන හැර පෑමට,..
    හෝ..නිර්මණශීළීව ප්‍රශ්න දිහා බලා විසඳුම් සෙවීමට,..
    සමාජයේ ප්‍රගමනයට අභිව්‍රෘද්ධියට සමාජ සාධාරනතවයට, මාණුශිය මූහුණුවරකින් බැලීමට,. සමාජයේ තැලෙන පෙලෙන පීඩිත මිනිසුන්ගේ අසහනයට ඉච්චාභංගතවයට පත්වූ මිනිසුන්ගේ මනෝභාවයන් වටහා ගැනීමට, කඩා වැටෙනා බලාපොරොත්තු අපේකෂා කඩඉම් දෙස මාණුශීයව බලා ශක්තියක් වීමට, නැවත නිර්මාණ ශීළීව නැගී සිටීමට, උර දෙමින් රජයක් විදිහට පාළකයන් ලෙසට, ජනතාවාදී නියෝජිතයන් ලෙසට,.
    සමාජයේ සියුම් කරැණු කාරණා අවභෝද කර ගැනීමට,.
    සහ සංවේදී ලෙස ප්‍රතිචාර දැක්වීමට..
    මාලිමාවේ පිරිසට සවිඥානික බුද්ධියක් හෝ කශේරැකාවක් නොමැති ලෙසට කටයුතු කරනා බැවින්, යම් හෙයකින් හරයක් ගැඹුරක් නොමැතිව
    බෙල්ල කපා මුට්ටියද බිඳදමනා ආකාරයේ තීරන නොන්නා ලෙසත්,.

    මානුශීයව ගැඹුරින් සිතා බලා,. යථාවාදීව විචකශණ ශීලීව මිනිසුන්ගේ සිතුවිලි ගැඹුරින් සුකෂම ලෙස සියුම් ලෙස ස්පර්ශ වන ලෙසට විමශනාත්මක මනසින් සිතා බලා තීරන තීන්දු ගතයුතු බවත් , ''බටහිර වහල් කන්සා අවනීතිය'' වැනි සමාජ සංස්ථාවේ සුවිශේෂ බනධනයන් බිඳදැමූ කූඨ කුමන්ත්‍රණ යථාවත්කාළීන කිරීම වැනි සමස්ථ සමාජය සංස්ථාවක් පහළ සිට ඉහලට ගොඩනැගීමට ප්‍රතිසංස්කරනය කිරීම සඳහාම ඉවහල්වන, ගැලවී ගිය සංස්කෘතික කොටස්, පුරැක් ශක්තිමත්ව නැවත ඵකතුකර සමබර සාමකාමී ජන සමාජයක් නිර්මාණය කිරීමට,.
    දේශීය ගොවිතැන සමග බද්ධවූ කන්සා වගාව, අතුරැ නිශ්පාදන,වෙදකම සමගින් ශරීර සෟඛය මානසික ඵ්කාග්‍රථාවය නිර්මාණශීළී සාමකාමී සමාජය නැවත මහපොළව මත ස්ථාපිත කිරීමට, ජනසමාජයෙන් ගලවා ඉවත්කල සුවිශේෂී කොටසක් වන කන්සා සහ සම්බනධය, නැවත යාවත්කාළීන කර සාමය සහයෝගය සහජීවනය යලි සමාජය තුළ ස්ථාපිත කිරීමට සමාජයේ මරා විණාශකර දැමූ ස්ථරයේ යාවජීව කොටස් නැවත සංස්කෘතියට ආර්ථිකයට ඵකතුකර ගනිමින්, ගැඹුරැ සත්‍යවාදී මාණුශීය තීන්දු තීරන මහපොළවේ යථාර්ථය සමග බද්ධ කිරීමට වැටහීමක් අවභෝදයක් සහිතව නව නීති සම්පාදනය කර සමස්ත සමාජයේ නිදහස ආර්ථිකය සාමය සතුට සඳහා යල්පැන ගිය නීති රීති යාවත්කාලීන කිරීමට, මරා දැමූ සහකම්පනයේ ස්නායු පද්ධතිය ප්‍රකෘතිමත් කිරීමට, පුරවැසියන්ගේ සවභාදහමේ දායාදය නිදහසේ භූක්තිවිදීමේ පරම අයිතිය ස්ථාපිත කිරීමට, විකෘති කරනාළද කෘෘර අමාණුශික බටහිර වහල් 'අවනීතිය' යාවත්කාළීන කරනා ලෙසත්, මාතෘෘභූමියේ සිව්හෙළයේ ඉතිහාසගත කන්සා සහසම්බනධය හැකි ඉක්මනින් ප්‍රකෘතිමත් කිරීමට ,යාවත්කාලින කරීමට, බහුතර බළය ලබාදුන් සමස්ථ ජනතාව වෙනුවෙන්,.
    සාමය සතුට සමෘද්ධිය අපේකෂා කරනා පාළකයන් වෙත, කශේරැකාව සහිතව නීති රීති යාවත් කාළීන කරීමේ කාළීන අවශ්‍යතාවය දැඩි අවධානයට,.!

    ReplyDelete
  3. ඕටිසම් ආණ්ඩුවේ සෙමෙන් මනස වැඩෙන දරුවන් ඉතා සෙමෙන් ඉගෙන ගනිමින් සිටිති.

    ReplyDelete
  4. කොට හාදයා ඉන්නවා නේහ්😂😂

    ReplyDelete
Previous Post Next Post