ජනතාවට සල්ලි නැතිවුනොත් අපටත් පැවැත්මක් නෑ..- ඩඩ්ලි


 රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය පහත වැටීම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ බිඳවැටීමට සෘජුවම බලපාන බව ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

උත්සවයක් අමතමින් ඔහු අවධාරණය කළේ ජනතාව අත මුදල් නොමැති වුවහොත් ව්‍යාපාරිකයන්ට ද පැවැත්මක් නොමැති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිසේන මහතා පෙන්වා දුන්නේ, පෞද්ගලික අංශය සහ රටේ පවතින ක්‍රමවේදයන් පිළිබඳව මහජන විශ්වාසය බිඳ වැටී ඇති බවයි.

මේ සඳහා මෙතෙක් රට පාලනය කළ සියලුම දේශපාලනඥයන් වගකිව යුතු බවත්, අතීතයේදී ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් වැසිකිළි පෝච්චි සහ තහඩු බෙදීමේ දේශපාලන සංස්කෘතියට තමන් ද දායක වූ බව ඔහු විවෘතව පිළිගත්තේය.

රටේ තරුණ පරපුරට උපදෙස් දෙමින් ඔහු කියා සිටියේ, රජයේ රැකියා ලැබෙන තෙක් බලා නොසිට දෑතේ රස්සාව හෙවත් වෘත්තීය පුහුණුව කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

ආර්ථික වශයෙන් බිඳ වැටී ඇති රජයකට සියලු දෙනාට රැකියා සැපයීම අසීරු බවත්, ස්වයං රැකියා සහ වෘත්තීය නිපුණතා මගින් ආර්ථික අභියෝග ජයගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

සිරිසේන මහතා හෙළි කළේ, පසුගිය මාස හතරක කාලය තුළ පමණක් ක්‍රෙඩිට් කාඩ් (Credit Card) ණය ප්‍රමාණය රුපියල් බිලියන 20කින් ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම, එම කාලය තුළ ජනතාව රන් භාණ්ඩ උකස් කිරීමේ ප්‍රමාණය ද රුපියල් කෝටි 35,000කින් ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.

මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රට තුළ කර්මාන්තශාලා වැඩි වශයෙන් බිහිවිය යුතු බවත්, සංචාරක ක්ෂේත්‍රය මීට වඩා ප්‍රවර්ධනය කළ යුතු බවත් ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





Economic Crisis Strains Consumer Purchasing Power, Warns Prominent Business Leader

Amidst the ongoing economic turmoil in the country, the sharp decline in consumer purchasing power is having a direct impact on businesses, according to renowned entrepreneur Daddi Sirisena. He cautioned that without cash in hand, the survival of businesses becomes increasingly uncertain.

Speaking at a recent event, Sirisena emphasized that public trust in the private sector and existing systems in the country has significantly eroded. He attributed this loss of confidence to a long history of political leaders, who, in pursuit of votes, have perpetuated a culture of distributing handouts rather than fostering sustainable economic practices.

In a candid reflection, he acknowledged his own role in supporting such political maneuvers in the past, particularly during election seasons when shallow incentives were offered to voters.

Addressing the younger generation, Sirisena advised them to prioritize vocational training and skill development rather than merely waiting for government job opportunities. He highlighted that it is increasingly challenging for a failing government to provide employment for all and urged individuals to seek self-employment and develop professional skills to navigate the economic landscape.

Sirisena revealed alarming statistics, noting that over the past four months alone, the amount of credit card debt has surged by Rs 20 billion. Additionally, he pointed out that during this same period, the public’s inclination to pawn gold jewelry has increased by Rs 35 billion.

To rebuild from this economic crisis, he stressed the need for a significant boost in manufacturing within the country and a concerted effort to promote the tourism sector further.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. මහජනයාගේ අතේ තියෙන සල්ලි ටිකත් මූ වගේ උන් හූරගත්තම සහ රටේ ලොක්ක මේසෙට ගහලම ඒක ස්ථිර කෙරුවම රටේ මිනිස්සුන්ට සල්ලි නැති වෙනවා තමා

    ReplyDelete
  2. Rolls Royce, Plane gennanakota rate mudal yanawa thamai. Ewagema mahajanathawa thiyana rathran wenath dewal ugas thiyanna nethi kota janathawata mudal idiriyedi hinga wei. Ethakota chakkaraya hemotama karakei.

    ReplyDelete
  3. ඒ වුනාට මම හිතන්නේ නැහැ අයිය (පච්ච සිරා) නම් මේකට වගකිව යුතුයි කියලා. මොකද එයා තමයි නිදහසින් පස්සෙ ලංකාවේ ජඩාධිපති බවට පත්වු එකම නිර්ප්‍රභෑ නායකයා. පට්ට සතුටුයි
    මට යහපතක්ම වේව.

    ReplyDelete
  4. ප්‍රශ්නයක් නැහැ.... මේසෙට ගහලා රුපියල් 10 ක් වැඩි කරලා දුන්නා...
    මම ලෝකයේ මිළ අධිකම වාහනයක් ගත්තනේ....

    ReplyDelete
Previous Post Next Post