ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින යුදමය නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වීමත් සමඟ, ලොව පුරා වෙසෙන සහ සංචාරය කරන සියලුම ඇමරිකානු පුරවැසියන් සඳහා එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
පසුගිය සිකුරාදා ජෝර්දානයේදී ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ඇමරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින දැඩි නොසන්සුන්තාව හමුවේ ඕනෑම මොහොතක තත්ත්වය දරුණු විය හැකි බැවින්, උපරිම අවධානයෙන් පසුවන ලෙස ඇමරිකානු රජය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.
මෙම තත්ත්වය හමුවේ ගුවන් ගමන් අවලංගු වීම්, ගුවන් සීමා වසා දැමීම් මෙන්ම විදේශයන්හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල සහ අනෙකුත් ආයතන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බවට ද අනතුරු ඇඟවීමේ සඳහන් වේ.
විශේෂයෙන්ම ඉරානයට හිතවාදී කණ්ඩායම් ලොව ඕනෑම තැනක සිටින ඇමරිකානුවන්ට හෝ ඇමරිකානු ඉලක්කවලට ප්‍රහාර එල්ල කළ හැකි බවට රාජ්‍ය දෙපාර්තමේන්තුව සැක පළ කරයි.
පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා ඉරානය සමඟ පවතින ගැටුම්වලින් ඇමරිකානු සෙබළුන් 16 දෙනෙකු මියගොස් ඇති බව නිල වශයෙන් තහවුරු කර ඇත.
පවතින අවදානම් තත්ත්වය හමුවේ විදේශගත ඇමරිකානුවන්ට තම ප්‍රදේශයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලවල උපදෙස් නිරන්තරයෙන් අනුගමනය කරන ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.
මේ අතර, ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනි ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාවට "අමතක නොවන පාඩමක්" උගන්වන බවයි.
ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, පසුගිය සති කිහිපය තුළ ඇමරිකානු ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් 500කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
U.S. Issues Urgent Security Warning Amid Escalating Tensions with Iran
With the ongoing military tensions between Iran and the United States intensifying, the U.S. State Department has issued an urgent security advisory for all American citizens living or traveling abroad.
This warning follows the tragic deaths of two American soldiers in Jordan last Friday due to missile and drone attacks attributed to Iran.
In light of the escalating violence in the Middle East, the U.S. government is urging its citizens to exercise extreme caution, as the situation can quickly deteriorate at any moment.
The advisory highlights potential disruptions to air travel, warning of increased flight cancellations and the closing of airspace. It also notes the heightened risk of attacks targeting U.S. embassies and other facilities located overseas.
Particularly concerning is the possibility of Iran-aligned groups launching attacks on Americans or U.S. interests from anywhere around the globe, as stated by the State Department.
Since the engagements with Iran began in February, official reports confirm that 16 American soldiers have lost their lives in these conflicts.
Given the precarious state of affairs, the State Department continues to advise Americans abroad to stay informed and follow guidance from U.S. embassies in their respective regions.
Meanwhile, the leader of Iran's northern forces, Mojtaba Khamenei, has remarked that the country intends to impart an "unforgettable lesson" to the United States.
According to Iran's Ministry of Health, over 50 individuals, including women and children, have died, and more than 500 others have been injured due to American attacks in recent weeks.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඈ..lankacnews.com... දැන් Newyork ත් අල්ලාගන්නට ලගයිද? අනෙ lankacnews පාඨකයන්ට තව සතුටු news ලියන්ට ඈ. .
ReplyDelete