ලියාපදිංචිය නැති ඖෂධ බෝට්ටු වලින් රට පුරා.. ඇතැම් ඖෂධවල මිල තුන් ගුණයකින් ඉහළට..


 රජයේ සහ පෞද්ගලික රෝහල් පද්ධතිය තුළ මේ වන විට නිර්මාණය වෙමින් පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය හේතුවෙන්, රෝගීන්ට එම ද්‍රව්‍ය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමේදී දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, වෙළඳපොළේ පවතින හිඟය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් ඖෂධවල මිල සාමාන්‍ය අගය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි මිලකට අලෙවි කරන බවයි.

මෙහිදී නිදසුනක් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ඉන්දියානු රුපියල් 150ක් හෙවත් මෙරට මුදලින් රුපියල් 600ක පමණ සීමාවේ පැවතිය යුතු ‘ලිග්නොකේන්’ (Lignocaine) වර්ගයේ නිර්වින්දන ආලේපනයක්, මේ වන විට රුපියල් 2000කට ආසන්න මිලකට අලෙවි වන බවයි.

මෙවැනි අසාධාරණ මිල ඉහළ දැමීම් සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිසි අධීක්ෂණයක් හෝ වැටලීමක් සිදු නොකිරීම කණගාටුවට කරුණක් බව ද ඔහු සඳහන් කළේය.

පවතින හිඟයත් සමඟ ලියාපදිංචි නොකළ ඖෂධ බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක වන බව වෛද්‍යවරයා අනාවරණය කළේය. පසුගිය දිනවල රේගුව සහ නාවික හමුදාව සිදුකළ වැටලීම් මගින් මෙය තහවුරු වන බව ඔහු පැවසීය.

රජය මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනමින් මැදිහත් නොවන්නේ නම්, මෙරට රෝගීන්ට ගුණාත්මකභාවයෙන් අඩු බාල ඖෂධ වැඩි මිලට මිලදී ගැනීමට සිදුවන බවත්, එමගින් ඔවුන්ගේ රෝගී තත්ත්වයන් තවදුරටත් උත්සන්න වීමේ දැඩි අවදානමක් පවතින බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

7 Comments

  1. එහෙම තමයි පැලවත්තෙ භාණ්ඩාගාරෙ පුරවන්නෙ

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJuly 2, 2026 at 7:03 AM

      නෑ බං. ඒ පහුගිය අවුරුදු 76ක් තිස්සේ රාජපක්ෂලා කරපු විදිය, වික්‍රමසිංහලා කරපු විදිය. ජෙප්පෝ ඒ වගේ නෑ. ඒකයි මිනිස්සු කිසි වරදක් කියන් නැත්තේ මේ ආණ්ඩුවට. ආණ්ඩුව හරි පාරේ යන්නේ, රටේ සමස්ථ බහුතරයම ඒක පිළි අරන් ඉවරයි.

      Delete
    2. මාලිමවට ජය වේවා, දුන්න චන්දය ගැන හැමදාමත් ආඩම්බරයි !

      Delete
  2. Hituna Hituna ganana eka eka phmacy wala.. Danahissaya hamadema karanwa, uge ministry eka ballata gihin. Lunuwila hodata hadapu hospital ekak tieyewanwa, mokak hari una gaman pateuwa , araiya lagama ekata..

    ReplyDelete
  3. ජයලත් දුරයගේ චමින්ද ජයලත්July 2, 2026 at 7:04 AM

    සහෝදරවරු මොනව හරි කරන්ඩ මේ සම්භන්ධයෙන්. නීති විරෝධී බෙහෙත් වර්ග තියෙන එක රටට හොඳත් නෑ ආණ්ඩුවට හොඳත් නෑ.

    ReplyDelete
  4. වැඩ බැරි ආණ්ඩුවක් තියෙන කොට මාෆියා හිස ඔසවනවා තමයි. ආණ්ඩුව වහාම මේවා මැඩ පැවැත්වීමට පියවර ගත යුතුයි.

    ReplyDelete
  5. මේ ආණ්ඩුවට වැඩ පුරුදු වෙන්න අවුරුදු 15 -20 ක් විතර යනවා කියල පොල්කුඩු චතුරංග උප ඇමති කිව්වා. ඒ වෙනතුරු හොර ජාවාරම් සහ කලුකඩ නවත්තන්න බෑ.

    ReplyDelete
Previous Post Next Post