හොරණ මූලික රෝහලේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගායකයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පොලිසිය පවසන පරිදි, සැකකාර ගායකයා රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි සිය පියා බැලීම සඳහා පැමිණ ඇත්තේ දැඩි ලෙස බීමතින්ය.
එහිදී ඔහු රෝහල් කාර්ය මණ්ඩලයට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් අශෝභන ලෙස හැසිරී ඇති අතර, රෝහල් ආරක්ෂක නිලධාරිනියක විසින් ඔහුව රෝහල් පරිශ්‍රයෙන් පිටතට යොමු කිරීමට උත්සාහ කර ඇත.
එම අවස්ථාවේදී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූ රෝහල් පොලිස් මුරපොළේ සේවය කළ සැරයන්වරයාට සැකකරු විසින් දරුණු ලෙස පහර දී තිබේ.
ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වන විට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
මෙම සිදුවීමට පෙර සැකකරු රෝහලේ වෛද්‍යවරුන් සමඟ ද වාද විවාද ඇති කරගෙන තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබේ.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මකය.
Sri Lankan Police Launch Investigation After Assault on Officer by Notorious Singer
A well-known singer has been taken into custody following an assault on a police officer stationed at the Horana Base Hospital. The incident has sparked a thorough investigation by law enforcement in the area.
According to police reports, the suspect was under the influence of alcohol when he arrived at the hospital's emergency unit to visit his ailing father. Witnesses state that he began to use foul language and behaved inappropriately towards the hospital staff. In an effort to control the situation, a female security officer attempted to escort him out of the premises.
During this altercation, the situation escalated as the stationed police officer intervened, only to be violently assaulted by the singer. The officer sustained serious injuries and has since been admitted for medical treatment.
Prior to the assault, it has come to light that the suspect had already engaged in a heated argument with medical personnel at the hospital.
Law enforcement agencies are currently implementing special operations to apprehend the fleeing suspect.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ලප පච කොටාගේ සාපය
ReplyDelete