මීගමු හිරගෙදර ගැටුමට දින හතරට පෙර බුද්ධි තොරතුරු ලැබිලා..


මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව දින තුන හතරකට පෙර සිටම බුද්ධි තොරතුරු ලැබී තිබුණද, ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට රජය අපොහොසත් වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම සිද්ධිය හදිසියේ සිදු වූවක් නොවන බවත්, ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් වී සිටියද නිසි කළමනාකරණයක් හෝ තීන්දු තීරණ ගැනීමක් සිදු නොවූ බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

රටේ වර්තමානයේ පවතින නායකත්වයේ සහ කළමනාකරණයේ දුර්වලතාවය මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මනාව පිළිබිඹු වන බව පෙන්වා දුන් රාජකරුණා මහතා, මීට පෙර ගොවි ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට මුහුණ දීමට සිදු වූ ගැටලුවලදී ද රජය මෙලෙසම අකාර්යක්ෂම ලෙස කටයුතු කළ බව සිහිපත් කළේය.

ප්‍රශ්න නිසි ආකාරයෙන් හඳුනා ගැනීමට හෝ ඒවාට මුහුණ දීමට රජයට අත්දැකීම් නොමැති බවත්, බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මෙවැනි විනාශයක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම බරපතළ පරිපාලනමය අසාර්ථකත්වයක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Government Lacks Action Over Unrest at Negambo Prison, Says MP

Harshana Rajakaruna, the Member of Parliament for the Gampaha District, revealed in Parliament that the government had failed to take necessary actions concerning the unrest at the negambo Prison, despite having received intelligence reports about the situation three to four days prior.

He emphasized that the incident was not unexpected, noting that while authorities were aware of the developments, there was a conspicuous absence of proper management and decision-making.

Rajakaruna underscored that the weakness of current leadership and management in the country is clearly reflected in the events at Misgama Prison. He reminded the assembly that the government's ineffective response has been evident in past challenges faced by farmers and the business community.

Furthermore, he pointed out that the government lacks the experience to accurately identify or address issues, describing the failure to act in the face of available intelligence as a significant administrative failure.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. බුද්ධි තොරතුරු ලැබිලත් වලක්වා ගන්න බැරි වුනා නම් කරන්න තියෙන්නේ, බුද්ධි තොරතුරු ලැබිලත් වලක්වා ගන්න බැරි වුනු එකාට බාර දෙන එක, කව්ද මේක කලේ කියන එක හොයන එක

    එතකොට ඌ දන්නවා ඌට චෝදනාවක් එන්නේ නැති වෙන්නේ වෙන මොක්කු මොක්කු හරි ලෝකෙ නැති මිනිස්සු පටලව පටලව පරීක්ෂණ හතර අතේ අරින්න

    ReplyDelete
    Replies
    1. ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්ඩේස්July 7, 2026 at 9:32 PM

      බුද්ධි තොරතුරු කලින් ලැබුන නිසා පාස්කු දවසෙ දේවමෙහෙයට නොගිහින් පන බේරගත්ත එකම කෙනා ලෙස අපේ කාඩිනල් ලොක්කා
      ඉතිහාස ගතවනු ඇත.

      Delete
  2. පකීර් වරද බාර ගත්තට දුන්නෙ කලින් ලෑස්ති කරගත්ත උත්තරයක් වගෙ වෙන්නෙ. සමහර විට ගහන බව දැන හිටියට මෙහෙම ගහ ගනියි කියලා හිතුවෙ නැහැ වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. Mun thama siril gamini ekka paku prahare dan hoyanne


      Kadinal shoe polish

      Delete
  3. Kawuda me kiyanne..SJB ...Ha ha..... Ane oya nuwana easter sunday intelligence enakota thibba nam...Mun dan marila ipaduna wage kiyanne

    ReplyDelete
    Replies
    1. ගොනෙක් තෝ

      Delete
    2. Thopi hark awe ekama krannada

      Paraya

      Delete
    3. නුවන තිබුනට රාජකරුනා කොහොමද ගොනෝ ඊස්ටර් ඇටෑක් එක වලක්වා ගන්නෙ? 
      ඒක කරන්ඩ ඕනෙ රවියයි, ශානියයි කියල නොදන්නෙ උඹ අම්බරුවෙක්ද?

      Delete
  4. අන්ඩ්‍රයියට බෑ බෑ බෑ

    ReplyDelete
  5. එහෙනම් ගැටුමක් වෙන බව කලින් දැනගෙන හිටිය අය දාලා මේකේ විමර්ශනය කරයි.
    අන්තිමට බුද්ධි අංශය සහ රාජපක්ෂලා තමයි අන්තිමට වැරදිකරු !

    ReplyDelete

  6. ආරියතිලක

    මේ මහා මනුෂ්‍ය ඝාතනයට ජනාධිපතිවරයා ඇතුලු විෂය භාර අමාත්‍යවරයා සෘජුව වගකිව යුතු බව පැහැදිලි ය. අන්තර් ජාතික අපරාධ අධිකරණයේ අපරාධ නඩු ගොනු කිරීමට ඇවැසි නීති ප්‍රතිපාදන සලකා බැලිය යුතු ය.


    මෙයට වඩා දරුණු අපරාධකරුවන් සිටින බන්ධනාගාර ලෝකයේ පාලනය වෙනවා.. ඒ සියලු ආකාර පාලන දක්ෂතා වලිනි. පරිපාලනයෙහි දක්ෂ බව හේතුවෙනි. අකාර්යක්ෂම ආණ්ඩුවේ විධාන හා එයට අනුගත වූ පරිපාලන නො හැකියාවන් නිසා මීගමු බන්ධනාගාරය ලේ විලක් වූවා..බන්ධනාගාර ගතවූවන්ගේ ජීවිත රැක දීමේ වග කීම අධිකරණ නියෝග මත රජය සතු ය. රාජ්‍යයේ විධාන, පවතින ආණ්ඩුව මත ය. අවසානයේ ආණ්ඩුව පාලනයේ විධානයට වගකිව යුතු ය.

    සෑම පුරවැසියෙකුට ම ජීවිතය රැක ගැනීමට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පවිච්චි කිරීමට නීතියෙන් වරදක් නො වන බව දණ්ඩ නීති සංග්‍රය පනවා තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 89 වගන්තියේ සිට 99 වෙනි වගන්තිය දක්වා ඒ සඳහා නීති ප්‍රතිපාදන දක්වා ඇත්තේ ය.

    “ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය සිදු කිරීම දක්වා” පැතිරෙන බව දණ්ඩ නීති සංග්‍රහයේ 93 වගන්තියෙන් ප්‍රතිපාදන සළසා ඇත්තේ ය.

    නීතියෙන් ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇතත් බන්ධනාගාරයකට නීතියෙන් හිරවී සිටින අයෙකුට එම දන්ඩනීති සංග්‍රයේ 89 වගන්තියේ සිට 99 දක්වා වගන්ති වලින් දෙන පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කළ හැකි ද? යන්න ගැටළුවකි. එනිසා තම ජීවිතය රැක ගැනීමට සිටින තැනින් බැහරට දිවයාමට ද හෝ බැහැර වීමට අවකාශ අඩු ය. බන්ධනාගාරයෙන් පිටවීමට ද හැකියාවජ් නැත. දණ්ඩනීති සංග්‍රහයේ නීති ප්‍රතිපාදන මත පුද්ගලිකව දිවි රැක ගැනීමට ද හැකියාවක් නැත. එසේ නම් මේ තත්වය අනුව අධිකරණ නියෝග මත බන්ධනාගාරවල රැදවා සිටින රැදවියන්ගේ ජීවිත රැකදීමේ වගකීම රජය සතු ය. රාජ්‍ය පාලනය වන්නේ පවතින ආණ්ඩුව මත බැවින් මෙම අපරාධයේ සියලු වගකීම පවතින ආණ්ඩුවේ ජනාධිපතිවරයා ප්‍රධාන කොට අමාත්‍ය මණ්ඩලය සතු බව පැහැදිලි ය. සම්පූර්ණ වගකීම ආණ්ඩු පක්ෂයට ම නිදහස් විය නො හැක්කේ ආන්ඩු බලය බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් බලගැන්වෙන බැවිනි. පවතින බැවිනි.

    මෙම මීගමුව බන්ධනාගාර සිද්ධියේ වගකීම කිසිදු රැදිවියෙක් පිට පැටවීම, හිමි කමක් නැත්තේ ය. බන්ධනාගාරවල සිටින සියලු රැදවියන් නිරායුධ සිරකරුවෝ ය. නැති නම් රැදවියෝ ය. ඔවුන් අතට ආයුධ පත් වීම හෝ කැරැල්ලක් ඇති වීමට ඒක රාශි වීම හෝ සිදුවන්නේ ආණ්ඩුවේ විධානයේ හා පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් බව පැහැදිලි ය. සියලු වගකීම ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ බව පැහැදිලි ය.



    ReplyDelete
Previous Post Next Post